සිංහල බ්ලොග් අවකාශයේ "ඉලන්දාරියා" නමින් බිහිවී, අප අතර සදා නොමැකෙන මතකයක් හා වේදනාවක් ඉතිරි කර අගෝස්තු මස 18 වනදාට වියෝවෙන් තුන් මසක් සපිරෙන දිලුම් සොහොයුරාගේ ප්‍රාණකාරයා වෙනුවෙන් දෙමාපිය සහෝදර යුතුකම් ඉටුවෙද්දී, අපතින් කල යුතු යුතුකමක් ඉතා පුංචියට ඉටු කිරීම සඳහා මහරගම පිලිකා රෝහලට දානයක් දීමට අප තීරණය කලා.
දිනය - අගෝස්තු 21 වෙනි ඉරු දින
ස්ථානය - මහරගම පිළිකා රෝහල
මහරගම පිළිකා රෝහලට ගිය අපේ අයට (තනෝජා, ලහිරු චානක, හසී) එහෙන් කියපු විස්තරය මෙහෙමයි.
CT Unit එකෙන් තමා විස්තර ගත්තේ.. පළමු මහලේ කාමර අංක 103.
දු.ක. 0112 850252 - Ext 455
බෙහෙත් එක පෙත්තකට රු. 40ත් 200ත් අතර යනවාළු...
“ඉස්පිරිතාලෙ කෑම බීම නැතිව මිනිස්සු මැරෙන්නෙ නෑ.. ඉස්පිරිතාලෙන් කෑම බීම දෙනවා.. අපිට හිතුනට අපි එහෙම අහපු එක වැරදියි කියල එහෙම තරහ ගිය තාලෙන් නෙමේ කීවෙ... අපිට තේරුම්කරල දෙන තාලෙන් බෙහෙත් ගන්න විදියක් නැතිව තමා ගොඩක් අය මැරෙන්නෙ... එහෙම බෙහෙත් ඔයාලගෙ බජට් එකේ විදියට අරන් දෙන එක ලොකු පිනක්“
අද අඩුපාඩුවා හෙට ලැබෙන්න පුළුවන් කීවා. අපිට දෙන්න පුළුවන් දවසට කලින් දවසෙ ගිහින් ෆෝම් එකක් තියේ ඒක ෆිල් කරලා බෙහෙත් ලිස්ට් එක අරන් ඒක ගෙනත් දෙන්නයි කීවෙ පුළුවන්නම්.. එයාල සල්ලි භාරගන්නෙ නෑ කීවා.. බෙහෙත් නම් භාරගන්නවා කීවා.
ඉතින් යාළුවනේ කලින් අපි හැමෝම සෑහෙන උත්සහයක් ගත්තා ඔහුව සනීප කරගන්නට... ඒත් නොහැකි වූ බව ඔබ අප කවුරුත් දන්නා දෙයක්... ඔහුගේ නමින් කලත් කිසිම නමක් නැතිව කලත් අපට ලැබෙන පින එහෙමමයි... ඒ පිනෙන් කොටසක් ඔහුටත් අප නමින් මියගිය හැමෝටමත් පිළිගන්වමු... පුළුවන් ආධාරයක් කරන්න...
http://nachepu.blogspot.com/ නමින් බ්ලොග් අවකාශේ සැරිසරන “නචියා“ නමින් ගූගල් බස් පදින RAKJ Ranasinghe හා http://heenayak.blogspot.com/ නමින් බ්ලොග් අවකාශේ සැරිසරන “සිහින“ නමින් ගූගල් බස් පදින BLTM Balasooriya යන දෙදෙනාගේ නමින් කටුනායක කොමර්ෂල් බැංකු ශාඛාවේ දැනට මේ සදහා බැංකු ගිණුමක් ආරම්භ කර ඇති බව දන්වා සිටිමු.
RAKJ Ranasinghe
BLTM Balasooriya
Commercial Bank - Katunayake
ගිණුම් අංකය - 8250070554
විදේශ අයගේ තැම්පතු සදහා
Bank code - 7056-025
Swift code - CCEYLKLX
මුදල් දාපු අය කරුණාකරලා අපිව දැනුවත් කරන්න. හුදෙක් දැන ගැනීම පිනිස බව කරුණාවෙන් සලකන්න
thanojar@gmail.com
nachipu@gmail.com
sithuvilinihadayi@gmail.com
heenayak@gmail.com
දැනට රු. 14,500/- ක් ගිණුමට බැර කරලා තියනවා
Facebook Group - CyberFriends for Dilum (ඉලංදාරියා)
http://www.facebook.com/groups/Help.Dilum/
අපි මේ ගැන කලින් කතා කරපු බස්
https://plus.google.com/105160637786787870192/posts/DcenJHCr2dz
https://plus.google.com/105160637786787870192/posts/1TmEqqxgm9Q
https://plus.google.com/105160637786787870192/posts/jfa2PkrQJqs
මුලින්ම ස්තූතියි මගෙ සුදු මැණිකෙගෙ උපන්දිනේට සුභ පතපු හැමෝටම. බොහෝම කාර්යබහුල දින කීපයකට පස්සෙ අද ටිකක් නිදහසේ ඉන්නවා කාර්යාලයේ.
-----------------------------------------------------------------------------------
ගොඩක් කාලෙක ඉදලා මේ දේවල් මගෙ හිතේ තෙරපිලා තිබුණා. කාටවත් කියන්න හිත දුන්නෙත් නෑ. අද ඒ ඔක්කොම ටික කියන්නම්. කියමු බලන්න තම තමන්ගෙ අත්දැකීම් එහෙම තියනවන්ම්. මේවා මට කියන්න හිතුනෙ එක සිදුවීමක් එක දිගටම දකින්න ලැබුනට පස්සෙ. කතාව මෙහෙමයි. මම ටිකක් විතර දන්න පවුලක්. ඉන්නෙ තාත්තයි අම්මයි අවුරුදු 13 ක විතර දුවෙකුයි විතරයි. මම මේ පවුල ගැන දන්නවා කිව්වට ඒ අයගෙ නම් වත් මම දන්නෙ නෑ. තාත්තා පුද්ගලික ආයතනයක ගිණුම් අංශයේ තමයි වැඩ කරන්නෙ. අම්මා ගෙදර ඉන්නෙ. දුව පාසල් යනවා කෑගල්ලට. තාත්තට වයස 40 ක් විතර ඇති. අම්මා 35 ක විතර පෙනුමක් තියෙන්නේ. දැක්කම දෙපාරක් බලන්න හිතෙන තරමට ලස්සන රූපයක් තියනවා අම්මට.
මේ අම්මයි තාත්තයි අවුරුදු 5ක ආදර සම්බන්දයකට පස්සෙ දෙමාපිය අශිර්වාදය ඇතිව විවාහ වුණා. ආර්ථිකය අතින් ලොකු අඩු පාඩු තිබුනෙ නැති නිසා මේ පවුල තුල ඇත්තටම සමගියක් තිබුණා. හැම දාම උදේට දුවව ගේ ලගටම එන පාසල් වැන් රථයට නග්ගලා අම්මා යනවා මෝටර් බයිසිකලයෙන් තාත්තව ට්‍රාන්ස්පෝර්ට් එකට දාන්න. ගෙදර ඉදලා මීටර් 500 ක් විතර එහා හංදියෙන් තමයි ට්‍රාන්ස්පෝර්ට් බස් එක යන්නෙ. ඉතින් තාත්තා අම්මවත් දාගෙන එනවා බස් එක හරවන හන්දියට. තාත්තා වැඩ කරන කාර්යාලයේ පිරිමි අය තුන් දෙනෙක් ඒ හංදියෙන් බස් එකට නගිනවා. ගොඩක් දවස් වලට ඒ තුන් දෙනාම ආවට පස්සෙ තමයි තාත්ත ඔත්නට එන්නෙ.
බයික් එකත් එතනම නවත්තලා අම්මත් තාත්තත් අනිත් තුන් දෙනා එක්ක බස් එක එනකල් කතා කර ඉන්න එක හැම දාම වගේ මම දකිනවා. මම උදේට එන වෙලාවටම තමයි මේ කට්ටියත් එන්නෙ. මට මේක දකින්න ලැබෙන්නෙ මම එන ට්‍රාන්ස්පෝර්ට් වැන් එකට ඒ හංදියෙන් නගින්න ඉන්න කෙනා ටිකක් පරක්කු වෙලා එන එක පුරුද්දක් කරගෙන ඉන්න නිසා. තාත්තා බස් එකට නැග්ගට පස්සෙ අම්ම බයික් එක අරන් ගෙදර යනවා. හැම දාම මෙහෙම තමයි.
ගිය සතියෙ පාසල් නිවාඩු දුන්නට පස්සෙ දුවවත් උදේට එක්කන් එනවා තාත්තව බස් එකට දාන්න. ඒකට හේතුව මම හිතන්නෙ ඒ ගෙදර වෙන කවුරුත් නැති නිසා. අනික ඉතින් අද කාලෙ ආච්චි අම්මා කෙනෙක් වත් තනියම ගෙදරක තියලා යන්න පුලුවන්ද. ඉතින් තාත්තව බස් එකට දාලා අම්මා දුවවත් බයික් එකේ දාගෙන ගෙදර යනවා. මට මේ සිදුවීම බලන්න උනේ හරියටම දවස් තුනයි. ඒ මේ සතියේ සදුදා ඉදලා බදාදා වෙනකල් විතරයි. ඊයෙ උදේ මම ඒ හංදියට එද්දි එතන හිටියේ තාත්තත් එක්ක බස් එකට නගින තුන් දෙනාගෙන් දෙන්නෙක් විතරයි. අදත් හිටියෙ ඒ දෙන්නම විතරයි. මම ඊයෙ හවස තමයි සිද්ද වෙලා තියන දේ දැන ගන්න ලැබුනෙ.
උදේට බස් එකට නගින්න එන තුන් දෙනාගෙන් එක්කෙනෙක් එක්ක අම්මා පැනලා ගිහින්. මට හිතා ගන්න බෑ මොකක්ද මෙහෙම වෙන්න හේතුව කියලා. ඒ තරමට ඒ පවුල තුල බැදීමක් තිබුණා. තාත්තයි දුවයි දැන් තනිවෙලා. තාත්තා දවස් දෙකක් වැඩට ගිහින් නෑ. තාමත් අම්මව හොයනවා.
මේ මම අහපු පළවෙනි සිදුවීමත් නෙවේ අවසාන සිදුවීමත් නෙවේ. තව ඕන තරම් මේ වගේ සිදුවීම් තියනවා කියන්න. ඒත් ඒවා කියලා වැඩක් නෑ. දැන් මේ දේවල් සාමාන්‍යය දේවල් වෙලා. මිනිස්සුන්ට මොකද මේ වෙලා තියෙන්නෙ. මම ප්‍රාර්ථනා කරනවා කිසිම කෙනෙකුට මේ වගේ දුකක් දැනෙන්න වෙන්න එපා කියලා.
විශේෂයෙන්ම කිව යුතු දෙයක් තිබේ.. නිසදැස්, කවි වලට මා විසින් කමෙන්ට් කරන්නේ නැත...සමහර කවි වල අර්ථයන් තේරුම් ගැනීමට පවා අපහසුය. එහෙයින් කවි වලට කමෙන්ට් කිරීමට නොලැබීම පිලිමද මාගේ කණගාටුව ප්‍රකාශ කර සිටිමි.
--------------------------------------------------------------------------------------
පසුගිය සෙනසුරාදා සහ ඉරිදා දින දෙකේම හවස තුනේ සිට හය දක්වා කාර්යාලයේ තිබු සම්මන්ත්‍රණයකට සහභාගී විමට නියම වී තිබුණි. පසුගිය ඉරිදාට යෙදී තිබුනු ඉතාමත් වැදගත් වැදගත් කටයුත්තක් ඊළග සතියට කල් දැමීමට පවා සිදු වුයේ මෙම සම්මන්ත්‍රණය නිසාය. ඒ සුදු මැණිකේ ඇතුව පවුලේ සියලුම දෙනා සිංහල අලුත් අවුරුද්දට (අවුරුදු නම් ඉවරයිනේ දැන්) මාගේ නිවසට පැමිණීමය. කෙසේ හෝ එම කටයුත්ත ලබන ඉරිදා දිනට කල් දැමීමට සිදුවිය..
මේ කියන්නට යන්නේ ඒ කිසිවක් ගැන නොවේ. පසුගිය සෙනසුරාදා සිදුවු, මා ඉතා ප්‍රීතියටත් දුකටත් පත් කරන ලද සිදු වීමක් ගැනයි.. ඔන්න එහෙනම් කතාව.
වෙලාව හරියට හැන්දෑවේ හතට ඉතාම ආසන්න්නයි. මා මිනුවන්ගොඩ බස් නැවතුමේ කුරුණෑගල බස් නවතන තැනට වී බලා සිටියේ ගෙදර යාමට බසයක් එන තුරුය. ඒ වන විට දවසේ ගමන නිම කරමින් මිනුවන්ගොඩ - කොලඹ බසයක් බෝ ගහ යට නවත්න ලදී. ඉක්මනින් බසයෙන් බසින මිනිසුන් අතර පොලිස් නිළධාරියෙක් බෑගයක් සහ කුඩයක් අතැතිව බසයෙන් බසිනු මා බලා සිටියේ දින කීපයක පෙර කටුණායකදී සිදු වූ පොලිසියට පහරදීමේ සිදුවීමද සිහිපත් කරමිනි.
බසයෙන් බැස ගත් පොලිස් නිළධාරියා බස් නැවතුම ඉදිරියෙන් ලංකා බැංකුව දෙසට ගමන් කරමින් සිටියේය. ඒ අසලම තිබෙන හෝටලයක් ඉදිරිපිට සිටි තරුණයන් හතර පස් දෙනෙක් පොලිස් නිළධරියා ඔවුන්ව පසු කර යනවාත් සමගම එක විටම හූ කියන්නට පටන් ගත්හ. පොලිස් නිළධාරියා කිසිම සද්දයක් නැතිව බිම බලාගෙන ඉතා අසරණ කමින් ඉදිරියටම ගියේ ඔහුට වෙන කරන්නට කිසිවක් නොතිබු හෙයිනි. පොලිස් නිළධරියා නොපෙනී යන තුරුම හූ හඩ නවත්වන්නට තරුණයන් උත්සාහ නොගත්න.
මේ සිදුවීම මගේ හිතටත් සතුටක් ගෙන දුන්නා. ඒත් සමගම පොලිස් නිළධාරියා කෙරෙහි දුකක් අනුකම්පාවක් ඇති වුණා. ඒත් සමගම පැමිණි කුරුණෑගල බසයට නැගි මා නිවස බල පිටත් වුණා.
අපේ රටේ මිනිස්සු...... (පකිස්තානය සමග පැවති තරගය....)
ලිව්වේ නචියා @ 4:57 PM Labels: මේ ගැනත් හිතන්න...ජනාධිපති උපදේශක මහින්ද අබේසුන්දර විසින් පිටපත සකසන, රාජ්‍ය මාධ්‍යයක විකාශය වන "විමසුම" වැඩසටහම මගින් කරන ලද මෙම ප්‍රකාශය මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන්ට කරන ලද බරපතල අපහාසයක් බව ක්‍රීඩා විචාරකයෝ පවසති. මෙමගින් ක්‍රීඩකයන්ගේ මානසික තත්වයන් පහල වැටෙන්නා සේම ජාත්‍යන්තර අපවාදයකට ලක්විය හැකි බවද පවසන ඔවුහු ක්‍රීඩාව දේශපාලනීකරණය වීමේ දුර්විපකයක් බවද පවසති...
ඊයේ විකාශය වූ "විමසුම" වැඩසටහනේ වීඩියෝ දර්ශන පහත දැක්වේ...

