Showing posts with label නම් නොකල.... Show all posts
Showing posts with label නම් නොකල.... Show all posts

හදවතට ආදරය කරන්න.......

ගෑන්ඩ් සෙන්ට්‍රල් දුම්රිය ස්ථානය ඉදිරිපිට වූ බංකුවක් මත අසුන් ගෙන සිටි ජෝන් ස්මිත් තවත් වරක් නැගිට තම හමුදා නිල ඇදුම සකසා ගත් අතරම දුම්රිය ස්ථානයෙන් පිට වන මගීන් දෙස බැලුවේ පරීක්‍ෂාවෙනි. ඔහු බලාපොරොතුවෙන් සිටියේ තමන් හදවතින් හදුනන නමුත් මුහුනුවරින් නොහදුනන තරුණියවයි,රෝස මලක් අතින් ගෙන පැමිනීමට පොරොන් දු වූ තරුණියවයි. ඇය කෙරේ ඔහුගේ උනන්දුව මීට දහතුන් මසකට පෙර ෆ්ලොරිඩාවේ පුස්තකාලයක් තුලදී ඇති වුනි. එදින පුස්තකාලයෙන් ඔහු පොතක් ලබා ගත් අතර ඔහුගේ සිත ඇදී ගියේ එම පොතේ මුද්‍රිත වාක්‍ය වලට නොව එහි පිටු අතර තැනින් තැන ලියැවී තිබූ ආදරණීය වූත් අර්ථවත් වූත් වාක්‍ය ඛන්ඩ වලටය . ඒවා එම පොතේ මුල් අයිතිකාරියගේ අදහස් වූ අතර ඇයගේ නම පොතේ මුල් පිටුවේ සදහන් කර තිබුනි,මේරි ජොන්සන්. 

ඔහුගේ බලවත් උත්සාහයත් කැපවීමත් නිසා අවසානයේ ඇයගේ ලිපිනය සොයා ගැනීමට ඔහු සමත් වූ අතර ඇය නිව්යෝර්ක් නගරයේ පදිංචිකාරියක් වූවාය... තමන් හදුන්වා දෙමින් පොතේ සටහන් කර තිබූ ඇගේ අදහස් අගය කරමින් ඔහු ඇයට ලිපියක් ලියූ අතර සතියක පමාවෙන් ඇගෙන් පිලිතුරු ලිපියක් ලැබුනි. ඉන් මද කලකට පසුව දෙවන ලෝක යුද්ධයට සහභාගී වීමට ඔහු යුරෝපය බලා පිටත් විය.. ඉන්පසුව ගෙවී ගිය වසරකුත් මාසයක් වූ කාලය තුල ඔවුන් දෙදෙනා ලිපි හුවමාරු කර ගත් අතර ඒ සෑම ලිපියක් පාසාම ඔවුන් තුල එකිනෙකා කෙරෙහි ආලය ව් අර්ධනය වනු ඔවුන් දෙදෙනාටම දැනුනි.ජෝන් ඇගෙන් ඡායාරූපයක් ඉල්ලා සිටිය මුත් ඇය එම ඉල්ලීම තදින්ම ප්‍රතික්‍ෂේප කලාය. ඇගේ අදහස වූයේ ඔහු ඇයට සත්‍ය වශයෙනම ආලය කරනවා නම් ඇගේ ස්වරූපය පිලිබදව ඔහු උනන් දු නොවිය යුතු බවයි.

ඔහු යුරෝපයේ සිට යලි ඇමරිකාව බලා පැමිනෙන දිනය ලගා වූ අතර ඔවුන් දෙදෙනා ඔවුන්ගේ පලමු හමුවීම නිව්යෝර්ක්හි ගෑන්ඩ් සෙන්ට්‍රල් දුම්රිය ස්ථානය අසල සවස 6ට යොදා ගත්තෝය."මාව හදුනා ගන්න පහසු වෙන්න මම රතු රෝස මලක් මගේ ගවුමේ පලදින්නම්" ඇය අවසන් ලිපියේ සදහන් කලා. එම නිසා ජෝන් ස්මිත් නියමිත දින සවස 5.30 වන විට ගෑන්ඩ් සෙන්ට්‍රල් දුම්රිය ස්ථානය අසලට පැමිනි අතර හදවතින් හදුනන නමුත් මුහුනුවරින් නොහදුනන තරුණිය පැමිනෙන තුරු ඔහු නොඉවසිල්ලෙන් බලා සිටියා.

කතාවේ මීලග කොටස ජෝන් ස්මිත්ගේ වචන වලින්ම ඔබට ඉදිරිපත් කරන්නම්"හරියටම සවස 6වන විට සිහින් උස තරුණියක් මා සිටි දෙසට පැමිනියා,ඇගේ කලුවන් කෙස් කලබ සැදෑ හිරු වැදී බැබලුනු අතර ඇගේ නිල් පැහැති දෙනෙත් වල කාන්තියට මා වසග වූවා. ඇගේ රෝස පැහැ දෙතොල් මත මද සිනාවක් තැවරී තිබුනි අතර ඇය හැද සිටි තද කොළ පැහැති ඇදුමින් ඇගේ ශෝබාව දෙගුණ තෙගුණ වී තිබුනා. විසි පස් හැවිරිදි තරුණයෙකු වූ මා මගේ ජීවිතය තුල එතෙක් දැක තිබූ ලස්සනම කාන්තාව ඇයයි. 

ඇය රතු පැහැති රෝස මලක් පැලද නොසිටියත් මම ඉබේම ඈ දෙසට ඇදී ගියේ මටත් නොදැනීමයි. මා දෙස බලා මද සිනාවක් පෑ ඇය මා පසු කර ගිය අතර මා එවිටම දුටුවේ මේරි ජොන්සන්වයි.ඇය රූමත් තරුණිය පිටුපසින්ම වාගේ සිටියාය. ඇය තරුණියක් නොවූ අතර මැදි විය පසු කරමින් සිටි ගැහැණියක් වූවාය. ඇය හිස් වැස්මක් පැලද සිටි අතර ඒ අතරින් ගෙල පෙදෙසට වැටී තිබූ අළු පැහැ වූ කෙස් කලබෙන් ඇගේ වයස පිලිබදව සාක්‍ෂියක් සැපයුනි. තරබාරු කාන්තාවක් වූ ඇය අවසන් ලිපියෙන් පොරොන්දු වූ පරිදිම රතු රෝස මලක් පැලද සිටියාය...ලොව මා වටා භ්‍රමනය වන ආකාරයක් මට දැනුනි.

මේ වන විට තද කොළ පැහැති ඇදුමකින් සැරසී සිටි රූමත් තරුණිය කෙමෙන් කෙමෙන් මගෙන් ඈත් වෙමින් සිටියා. මගේ හදවත කැබලි වලට බිදී යන ආකාරයක් මට දැනුනි,ඇය පසු පසින් යාමට බලවත් අවශ්‍යතාවයක් මට තිබුනත් වසරකට අධික කාලයක් තිස්සේ මා සමග ලිපි හුවමාරු කර ගනිමින් මට ශක්තියක් වූ කාන්තාව සමග මද වේලාවක් හෝ ගත කිරීම මගේ යුතුකමක් බව මට සිතුනි.

මම යලිත් ඇගේ තරබාරු සුදුමැලි මුහුන දෙස බැලුවෙමි. ඇගේ කරුනාවන්ත දෑස් මා වෙත යොමු වී තිබූ අතර මද විමතියක සලකුනු ඒවායේ සටහන් වුනා. තවත් පමා නොවූ මා මෙතෙක් කලක් මා ප්‍රවේශමෙන් ආරක්‍ෂා කර ගත් ඇගේ පොත ඇයට බාර දුන්නා. ඇය දුටු පමනින් ඇය රූමත් තරුණියක නොවූ නිසා මගෙ සිතේ ඇති වූ කලකිරීම පිලිබදව මේ වන විට මා පසුතැවුනු අතර මා ඇයට මාව හදුන්වා දුන්නා,"මම ලුතිනන් ජෝන් ස්මිත්,ඔබ මේරි ජොන්සන් විය යුතුයි,ඔබව හමු වීම මට මහත් සතුටක්,මා සමග රාත්‍රී ආහාරයට පැමිනීමට මා ඔබට ආරාධනා කරනවා"

කාන්තාවගේ මුහුනේ මද සිනහවක් ඇදී ගියා"මම දන්නේ නෑ පුතේ මේකේ තේරුම " ඇය පිලිතුරු දුන්නා

"මට කලින් ආව තද කොළ පාට ඇදුමක් ඇදන් හිටිය කාන්තාව මගෙන් තදින්ම ඉල්ලා හිටියා මේ රෝස මල මගේ ඇදුමේ පලදින්න කියලා. එයා කිව්වා පුතා මට රාත්‍රී ආහාරයකට ආරාධනා කලොත් පුතාට කියන්න කියලා එයා පාරෙන් එහා පැත්තේ විශාල අවන්හලේ පුතා එනතුරු ඉන්න බව. "" මේක එක්තරා ආකාරයක පරීක්‍ෂණයක් බව ඇය කිව්වා"

 රූපයට නොව හදවතට ආදරය කරන්න ඔබ ජය ගනීවි.


~~~~ උපුටා ගැනීමකි~~~~

තවත් එකක්..............










මේ දවස් වල වැඩත් එක්ක බ්ලොග් එක ලියන එක නවත්තලා තිබුනෙ. ලියන්න කියලා හරි හමන් දෙයක් හිතට ආවෙත් නෑ. ඒ හින්දම බ්ලොග් එක තියනවද කියලවත් බලන්න බැරි උණා. 

අදත් කියන්න යන්නෙ තවත් කෙල්ලෙක් ගැන.  මේ සිද්දිය වුනේ මම කාලයක් තිස්සෙ ආශ්‍රය කරන මගේ ලඟම යාළුවෙකුට. නමින් ඒ චමිල. මගෙ වයසෙම වෙච්චි චමිල මට මුණ ගැහෙන්නෙ රැකියා ස්ථානයකදි. මුලදි අපි දෙන්න අතර ලොකු හිතවත් කමක් තිබුනෙ නෑ. මගෙ වයසෙම කොල්ලෙක් විදියට විනෝදයට බර තවත් එක යාළුවෙක් විදියට චමිල මට හිතවත් උණා.

අපි එකට කෑවා බිව්වා, ට්‍රිප් ගියා, වෙඩින් වලට ගියා තව ගොඩක් දේවල් කලා. අදටත් අපි තැනකට සෙට් උනොත් දවස් ගානක් කතා කරන්න දේවල් අපි ඒ දවස් වල කරලා තිබුණා. 

චමිල කියන්නෙ ගොඩක් සංවේදී කෙනෙක්. ආදරේ වෙනුවෙන් මැරෙන්න උනත් දෙපාරක් හිතන්නෙ නැති ජාතියෙ කොල්ලෙක්. මට හම්බ වෙන්න කලින් ගෑණු ළමයි දෙතුන් දෙනෙක් එක්ක සම්බන්ද කම් තිබුනා කියලා මට කියලා තිබුණා. 

මෙහෙම ඉන්න අතරේ සමාජශාලා වෙබ් අඩවියකින් චමිල ගෑණු ළමයෙක් අඳුන ගන්නවා. කියන්න තරම් වැරද්දක් තිබුනෙත් නෑ කෙල්ලගෙ. දෙන්න හොඳට ගැළපෙන බවක් පේන්න තිබුණා. මමත් හිතුවෙ ගොඩක් ආදරෙන් ඉන්නවා කියලා. ගොඩක් සඳුදා වල උදේම චමිල මා ලගට ඇවිත් කියන්නෙ දෙන්නත් එක්ක ගිය ගමන් ගැනයි උණ දේවල් ගැනයි. 

සම්බන්දය පටන් අරන් මාස 5කට පස්සෙ කෙල්ලගෙ ගෙදරින් මේ සම්බන්දෙ දැන ගන්නවා. ලොකු අවුලක් නැතුව චමිල කෙල්ලගෙ ගෙදරට ගිහින් සම්බන්දෙ ගැන කීවම කෙල්ලගෙ දෙමව්පියනුත් මේ ගැන හොයලා බලන්න තීරණය කලා. 

කෙල්ල කොලඹ. ඉතින් ගෙවල් දෙකේ කට්ටියම දැන අඳුන ගෙන දෙන්නට අනාගතේ ගොඩනගා ගන්න අවස්ථාව ලබා දෙනවා. තවත් මාස තුනකට පස්සේ එන්ගේජ්මන්ට් එකට දින දාගත්තා. වෙඩිං එක ගන්න අවුරුද්දක් විතර යන නිසා එන්ගේජ්මන්ට් එක ටිකක් ලොකුවට ගත්තා. හොටෙල් එකක, කෑම බීම ඇතුලු හැම දෙයක් එක්කම අපෙත් සහභාගීත්වය ඇතුව ඉතාම ලස්සනට එදා දවස ගෙවුණා. 

හරියටම මාස දෙකකට පස්සෙ සඳුදා උදේක චමිල මා ළගට ඇවිත් කිව්ව දේ මට අදහා ගන්න බැරි උණා. මචං කෙල්ලට ඩිවෝස් වෙන්න ඕනේලු බන් මොනා කරන්නද මන්දා පිස්සු වගේ කියලා විස්තර ගොඩාක් කියාගෙන ගියා. මමත් කෙල්ලට කතා කරලා ඇහුව මොකද කියලා. කෙල්ල මට කිව්වෙ අයියෙ ඔයාට වැඩක් නෑනෙ අපේ දේවල් අපි ඒවා විසඳගන්නම් කියලා. තවත් අපේ යාළුවො කීපදෙනෙක් ම කතා කලත් වැඩක් උණේ නෑ. 

අන්තිමට කෙල්ල විවෝස් වෙන්න නඩුවක් දාලා. චමිල කියන විදියට හේතුව විදියට කෙල්ල කියන්නෙ චමිලගෙ ආදරේ එයාට කරදරයක්ලු. කෙල්ල හිතන්නෙ චමිල එයා ගැන සැකෙන්ලු ඉන්නෙ. දැන් කොහොම හරි හැම දේම වෙලා ඉවරයි. චමිල හිත්වේදන්නවෙන් කාලය ගත කරමින් ඉන්නවා. 


ප/ලි: මේ සීන් එක හින්දා පහුගිය ටිකේම හැන්දෑවට චමිලත් එක්ක දුක තුනී කරගන්න උණා. 

මෙහෙමත් කෙල්ලෝ...........



දැනට මාසෙකට විතර කලින් මට කෝල් එකක් ආවා මගෙ යාළුවෙකුගෙන්. යාළුවගෙ නම් චන්දික කියමුකො. මෙහෙමයි අපි දෙන්න අතර කතාව ගියෙ...

චන්දික : හලෝ නචිය, මොකද කරන්නෙ, කොහෙද බන් ඉන්නෙ..
මම : අඩෝ චන්දිකයා, අද හාෆ් ඩේ ආවා බන්, කොලඹ යන්න බස් එකට නැග්ගා විතරයි
චන්දික : ඉතිං මචං... පොඩි උදවක් ඉල්ලගන්න පුළුවන්ද බලන්න කතා කලේ..
මම : කියපන් මචෝ පුළුවන් දෙයක් නම් ඉතිං ආයෙ අහන්න දෙයක් නෑ ඕකේ
චන්දික : මචං, මගෙ වෙඩිං එක ජනවාරි, කතා කලේ උඹට පුළුවන්ද බෙස්ට් මන්ට ඉන්න කියල බලාගන්න බන්..
මම : අනේ සොරි මචෝ, මම දැනට දෙකකට ඉඳලා තියනවා, තව එකක් ආවා මම බෑ කිව්වා, තුනකට ඉන්න ඉන්න හොඳ නෑළුනෙ බන්, කෙල්ල කියනවා ඉන්න එපාලු, ඒකයි කලින් එකටත් බෑ කිව්වෙ බන්...
චන්දික : එහෙමද, අවුලක් නෑ බන්, පියල්ට කතා කරලා බලන්නම්...
මම : අවුලක් නෑ නේද බන්
චන්දික :  නෑ මචෝ, පස්සෙ සෙට් වෙමුකො එහෙනම්
මම : එළ මචං, එහෙනම් තිබ්බා...

එදයින් පස්සෙ චන්දික මට කෝල් කලේ නෑ. තරහකට නෙවේ. සෙට් වෙන වෙලාවක කෝල් එකක් දුන්නොත් ඇරෙන්න නිකමට කෝල් එකක් දෙන්නෑ චන්දිකයා. ගිය සතියෙ මට පියලව හම්බුණා. පියල් එක්ක කතා බහ ගියෙ මෙහෙමයි..

මම : හලෝ පියලා, කොහොමද මචං..
පියල් : අඩෝ නචියා, ඉන්නවා මචං උඹලගෙ පිහිටෙන් අපේ වියදමෙන් (කවුරු ඇහුවත් කියන්නෙ ඔය ටික තමයි) 
මම : ඒක නෙමේ මචං, චන්දිකයගෙ වෙඩින් එක නේද ජනවාරි,  උඹට කතා කලාද බෙස්ට් මන්ට
පියල් : ඔව් බන් මාර වැඩක්නෙ ඌට වෙලා තියෙන්නේ. වෙඩින් එක කැන්සල්, හොටෙල් එකත් බුක් කරලා තිබුනෙ ඒකත් කැන්සල් කලා බන්.
මම : අඩේ ඒ මොකද බන්, මොකක්ද අවුල...
පියල් : මාර කෙල්ලෙක් බන් ඒකි, මාතර එවුන්නේ, පවුං පහක මාලෙකුයි පවුමක මුද්දකුයි ඉල්ලලා චන්දිකයගෙන්..
මම : ඈ යකෝ මාර කෙල්ලෙක්නෙ බන්
පියල් : ඒ ටික නැත්නම් මේක කෙරෙන්නෙ නෑ කිව්වළු. චන්දිකයගෙ තාත්තා ඒකිගෙ ගෙදරට කතා කරලා මගුල නවත්තලා දැම්මා.
මම : පව් බන් චන්දිකයා, ඔය තුන් වෙනියට කෙරෙන්නම ගිය එක, කලින් දෙකෙත් අවුල් වුනානෙ.
පියල් : ඔව් බන් මොනා කරන්නද, පතාගෙනම අපු එකා එනකල් ඉන්න වෙනාවා.

තවත් දේවල් කතා කරලා මම පියල්ගෙන් සමු අරගෙන ආවා. ඔන්න ඉතිං මෙහෙමත් කෙල්ලො කිව්වට ඔක්කොම එහෙම නෑ. මෙහෙම අයත් ඉන්නවා කියලා කියන්න තමයි මේ කතාව දැම්මෙ.


ප. ලි. - නම් ගම් මනංකල්පිතයි. සත්‍ය සිදිවීමක්

අනේ මන්දා......



අන්තිමටම කළකිරිලා ඉන්න වෙලාවක්. ඒකට හේතුව කියන්නෙ මගෙත් එක්ක සම්බන්ද වෙලා ඉන්න මිනිස්සු එකම එක්කෙනෙක් ඇරෙන්න. සමහරු හිතන්නෙ තමන්ගෙ පැත්තෙන් විතරමයි. මේ ඔක්කොම කරන්න ඕන තනි මම කියන එක මුන්ට තෙරෙන්නෙ නැද්ද. එක්කො ඒක තෙරුම් අරන් මාවම තලන්න හදනවද කියලත් වෙලාවකට මට හිතෙනවා.

ඔෆිස් එකට ගියත් එතනත් වැඩ කරන්නෙ මම විතරද කියලත් මට හිතෙනවා. සමහරු කියනවා නචි ඔයාට තමයි හොදටම ඒටික කරන්න පුළුවන්. වෙන කෙනෙකුට දීලා මොකක් හරි වැරැද්දක් වුනොත්. එහෙම කියලා එක වැඩක් ඉවර වෙද්දි තව වැඩ දෙක තුනක් පෙන්ඩින්ග් ලිස්ට් එකේ තියනවා. තව මාස දෙකෙන් දෙකට හදන්න තියන රිපෝට්, ඒවට අවශ්‍යය තොරතුරු ගන්න ගියාම තමයි එපා වෙන්නෙ. මීටින් එක තියෙන්නේ හවස නම් මම එදා උදේ තමයි රිපෝට් ටික හදලා ඉවර කරන්නෙ. ඒකවත් වෙනෙ කෙනෙකුට දෙන්නේ නෑ. නචි මේක ගොඩක් වගකීමෙන් කරන්න ඕනෙ. ඔයාට තමයි ඒක කරන්න පුලුවන්. කොච්චර කතා කලත් හැමදාම ඔතනින් තමයි නතර වෙන්නෙ. කොච්චර වැඩ තිබුනත් මට කරන්න බෑ කියලා හිතුනොත් මම ඒ වැඩ අල්ලන්නෙ වත් නැතුව නිකම්ම කාලෙ ගෙවලා යන දවස් තියනවා. බස් පදින්නවත් නොයා.

යාළුවොත් එහෙම තමයි. මට තියනවා අමාරුවක් කවුරු හරි මගෙන් දෙයක් ඉල්ලුවොත් නෑ බෑ කියන්න බැරි. මට කරන්න බැරි දෙයක් නම් කරන්න පූළුවන් කෙනෙක්ට හරි කියලා ඒ වැඩේ කරලා දෙනකම් නින්ද යන්නෙ නැති ලෙඩක්. මගෙන් සල්ල ඉල්ල ගත්ත යාළුවො ඉන්නවා ඒක මතකවත් නැති ගානට ඉන්න. මට ඒවා මතක් කරලා ඉන්න බැරි ඉකත් අර ලෙඩේම රෝග ලක්ෂනයක්.

ගෙදර මතක් වෙද්දි මගෙ ඔලුව පැලෙන්න එනවා. කරලා ඉවර කරන්න තියන වැඩ මතක් වුනාම. මේවා මට කරගන්න පුළුවන් වෙයිද ඉතුරු වෙලා තියන කාලෙත් එක්ක කියලා. කෝ අර මම මීට අවුරුදු 5ක 10ක කලින් විඳපු නිදහස. ඒ කාලෙ මොනතරම් සුන්දරද.

අනේ මන්දා....

කාලයට ඉඩ දීලා බලන් ඉන්න්වා ඇරෙන්න වෙන කරන්න දෙයක් තියෙනවාද.

අය වැය......

මුළු සයිබර් අවකාශයම එකතු කිරීමට හේතු වූ අපගේ ආදරණිය දිළුම් දිසානායක සොහොයුරා නොහොත් ඔබ සැමදෙනාම දන්නා ඉලංදාරියා පසුගිය වෙසක් පොහෝදින හදිස්සියේ අප අතරින් වියෝවූ නිසා අපේම සහෝදරයෙකු වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට ඔහුගේ තුන්මස් සැමරුම වෙනුවෙන් අගෝස්තුමස 21 වන ඉරු දින අප විසින් කරන්නට යෙදුනු, පිළිකා රෝහලට බෙහෙත් පරිත්‍යාග කිරීමේ පුණ්‍යකර්මය උදෙසා ඔබ විසින් අමාරුවෙන් උපයා සිත පිරිසිඳුව පරිත්‍යාග කල මුදල් මගින් ඒ වනවිට හදිසි ශල්‍යකර්මයක් කරගැනීමට අවශ්‍ය එන්නත් දෙකක් මිලදී ගැනීමට නොහැකිව අසරණව සිටි රෝගියෙකු වෙනුවෙන් එම එන්නත් දෙකද, රෝහල විසින් අපට ලබාදුන් ඒ වනවිට රෝහලේ නොමැති බෙහෙත් වර්ග තුනකුත් අප මිලදී ගතිමු.මේ පිළිබඳව සවිස්තර වාර්තාවක් හා අපට ලැබුන මුදල් පිලිබඳ විස්තර හා,බෙහෙත් වර්ග මිලදීගත් රිසිට් පත්, අපගේ බෙහෙත් බාරගත් බවට රෝහලෙන් දුන් ලියුමත් මේ සමඟ ඇත.

තවද, මුදල් පරිත්‍යාග කල බොහෝ දෙනෙකුගේ ඉල්ලීම වූයේ ඔවුන්ගේ නම් ප්‍රසිද්ධ නොකරන ලෙසයි. එම නිසා පහත ලැබීම් වගුවේ ඔවුනොවුන්ට වෙන් කල අංකයක් දක්වා ඇත.ඔබට ලැ
බුණු ඊ මේල් පණිවිඩයේ සඳහන් අංකය වගුවේ පරිත්‍යාග මුදල සමඟ ගැලපෙනු ඇත.


ලැබුන මුදල් :

ඔබේ අංකය
ලද මුදල
201108DD-001
1,000.00
201108DD-002
1,000.00
201108DD-003
500.00
201108DD-004
1,000.00
201108DD-005
500.00
201108DD-006
1,000.00
201108DD-007
2,500.00
201108DD-008
4,640.00
201108DD-009
1,000.00
201108DD-010
5,000.00
201108DD-011
5,000.00
201108DD-012
5,050.00
201108DD-013
500.00
201108DD-014
2,000.00
201108DD-015
200.00
201108DD-016
300.00
201108DD-017
3,000.00
201108DD-018
500.00
201108DD-019
5,000.00
201108DD-020
5,015.00
201108DD-021
1,000.00
201108DD-022
1,000.00
201108DD-023
2,000.00
201108DD-024
3,000.00
201108DD-025
300.00
201108DD-026
1,000.00
201108DD-027
1,000.00
201108DD-028
1,000.00
201108DD-029
500.00
201108DD-030
1,500.00
201108DD-031 (මුදල් සමාන කිරීමට)
525.00
එකතුව
57,530.00


වියදම්
:

අනු අංකය
බෙහෙත් වර්ගය
ඒකක මිල
(රුපියල්)
ප්‍රමාණය
මුළු මුදල
(රුපියල්)
1.
Hib Vaccines
1,380.00
01 Vial
1,380.00
2.
Pheumococol Vaccine
7,500.00
01 Vial
7,500.00
3.
Raciwel INJ 500mg / 10ml
290.00
20 Nos.
5,800.00
4.
Raciwel INJ 250mg / 10ml
175.00
20 Nos.
3,500.00
5.
Dacarbazine INJ 200mg
1,450.00
11 Nos.
15,950.00
6.
Dacarbazine INJ 500mg
3,000.00
07 Nos.
21,000.00
7.
Mesna INJ 200mg / 2ml
120.00
20 Nos.
2,400.00


එකතුව
57,530.00


රෝහලෙන් අපට දුන්න ලියුම.
 

බෙහෙත් ගත්ත බිල්




රෝහලෙන් අපට එවා තිබුණු ස්තුති ලිපිය

























දයාබර සොයුරු සොයුරියනේ, අප කෙරෙහි විශ්වාසය තැබුවාට අනේක වාරයක් පින් සිදු වේවා, එසේම නැවතත් උපදින ආත්ම භවයන්හිදී  මෙවන් අකල් මරණයක් දිලුම් සොහොයුරාට අත් නොවේවා යැයි පතමු.

ස්තුතියි!


මෙයට,

ඔබේම...
sithuvilinihadayi@gmail.com
- සීනි (සිතිවිලි නිහඩයි)
nachipu@gmail.com
- නචියා
thanojar@gmail.com
- තනෝජා රාජපක්‍ෂ
heenayak@gmail.com
- සිහින

ස්තුතියි ඔබ සැමට.........

පහුගිය සෙනසුරාදා, ඉරිදා අපිට ඉතාම වැදගත් දින දෙකක් වුණා. ඒ අපත් සමග කාලයක් ඉතා මිත්‍රශීලීව කටයුතු කල අප මිතුර දිලුම් (ඉලංදාරියා) ගේ හදිසි වියෝවෙන් තුන් මසක් ගෙවී ගිය තැන කරන්නට යෙදුන දානමය පුන්‍යකර්මය හේතුවෙනි.

පානදුරේ ළමා නිවාසය බලන්න ගිය කට්ටිය
මේ කාර්ය සදහා මුලින්ම අදහසක් ඉදිරිපත් කලේ අප කවුරුත් දන්නා හදුනන සිතිවිලි නිහඩයි. ඒ හරහා තනෝජා අක්කා, සිහින සහ මමත් ඇතුලුව මේ කාර්යයේ මූලික පියවර වශයෙත් දැනුවත් කිරීමක් කරනු ලැබුවා. එමගින් අපට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුනා.

අපි මුලින්ම තීරණය කලේ අනාථ ළමා නිවාසයකට දානයක් දෙන්න. ඒ සදහා අපි තැන් කීපයක් බලන්නත් ගියා. ගොඩ දෙනෙක් අදහස් දුන්නා මේ වැඩේදි අපට. ඒ අනුව තීරනය වුනේ මහරගම පිළිකා රෝහලේ නේවාසික රෝගීන්ට කෑම බීම ලබා දීමටයි. මේ ගැන රෝහලත් සමග සාකච්චා කර ගැනීමට අප සියළුම දෙනා නියෝජනය කරමින් තනෝජා අක්කා, ලහිරු චානක, හසී පැකිලීමකින් තොරවම ඉදිරිපත් වුනා.

රෝහලෙන් කිව්වෙ කෑම බීම නැතුව ලෙඩ්ඩු මැරෙන්නෙ නෑ. බෙහෙත් නැතුව තමයි ලෙඩ්ඩු මැරෙන්නේ. පුලුවන් නම් බෙහෙත් අරන් දෙන්න කියලා. ඉතින් ඒ අනුව අපි තීරණය කලා අපි බෙහෙත් අරන් දෙන්න. මේ පිලිබදව අප මිතුරු මිතුරියන්ව දැනුවත් කලා.

අප බලාපොරොත්තු වූවටත් වඩා සහයෝගයක් ලැබුණා අපේ මිතුරු මිතුරියන්ගෙන්.  ඇත්තටම කවදාවත් හම්බ වෙලා නොතිබුන, සමහර අය කතා කරලා තිබුනෙ වත් නෑ, තව විදේශ රටවට සිටින අපේ මිතුරන් සහ එදිනෙදා අප සමගම සිටින අපේ මිතුරු මිතුරියනුත් මේ වැඩේදි අපට ගොඩක් උදව් කලා.

ඒ අනුව අපට පුලුවන් උණා මිල අධික බෙහෙත් වර්ග දෙකක් ගන්න බැරිව හිටිය ලෙඩෙකුට ඒ බෙහෙත් වර්ග දෙකත් දැන්ට රෝහලේ අඩු පාඩුව පැවති මිලෙන් වැඩි බෙහෙත් වර්ග කීපයක් ලබා දෙන්න. 
පිළිකා රෝහලට ගිය අපේ කට්ටිය

 අරන් දුන්න බෙහෙත්

බෙහෙත් බාර දුන්න අවස්ථාව

බෙහෙත් බාර දුන්න අවස්ථාව

පිළිකා රෝහලට ගිය අපේ කට්ටිය

පිළිකා රෝහලට ගිය අපේ කට්ටිය

පිළිකා රෝහලට ගිය අපේ කට්ටිය

අරන් දුන්න බෙහෙත්


සෙනසුරාදා දින (20) බෙහෙත් ලිස්ට් එක ලබා ගැනීමට සහ බෙහෙත් මිලදී ගන්නා තැන් ගැන සොයා බලන්නට වෙහෙස වූ තනෝජා අක්කා, සිහින, හසී, සිංහයා, දිනිත් කුමාර ඔබ සැමට ගොඩාක් ස්තුතියි මේ වෙනුවෙන් කාලය මිඩංගු කලාට.

දිනිත් කුමාර සමගින් හැම තැනම් ගිය වාහනේ
දිනිත් කුමාර, මම වගේම මම හිතන්නෙ කවුරුත් වැඩිය නොදන්න කෙනෙක්. දවස් දෙකේම අපිත් එක්ක හැම තැනම යන්න තමන්ගෙ වාහනය කිසිම පැකිලීමකින් තොරව අරගෙන ආවා. ස්තුතියි දිනිත් ඔබටත්.

ඒ වගේම ඉරිදා (21) මේ වැඩේට සහභාගී වු සහ මේ සදහා අධාර කල සැමටත් ස්තුතියි. මේ කාර්යය සාර්ථක කරගැනීමට සහය දුන් සැමටම ස්තුතියි. 

පසුගිය දින කීපයේ ඉතාමත් කාර්ය බහුලව සිටි හෙයින් බ්ලොග් එක තිබේද නැද්ද කියාවත් සොයා බලන්නටත් හැයාවක් ලැබුනේ නෑ.

විශේෂයෙන්ම කිව යුතු දෙයක් තිබේ.. නිසදැස්, කවි වලට මා විසින් කමෙන්ට් කරන්නේ නැත...සමහර කවි වල අර්ථයන් තේරුම් ගැනීමට පවා අපහසුය. එහෙයින් කවි වලට කමෙන්ට් කිරීමට නොලැබීම පිලිමද මාගේ කණගාටුව ප්‍රකාශ කර සිටිමි. 

--------------------------------------------------------------------------------------

පසුගිය සෙනසුරාදා සහ ඉරිදා දින දෙකේම හවස තුනේ සිට හය දක්වා කාර්යාලයේ තිබු සම්මන්ත්‍රණයකට සහභාගී විමට නියම වී තිබුණි. පසුගිය ඉරිදාට යෙදී තිබුනු ඉතාමත් වැදගත් වැදගත් කටයුත්තක් ඊළග සතියට කල් දැමීමට පවා සිදු වුයේ මෙම සම්මන්ත්‍රණය නිසාය. ඒ සුදු මැණිකේ ඇතුව පවුලේ සියලුම දෙනා සිංහල අලුත් අවුරුද්දට (අවුරුදු නම් ඉවරයිනේ දැන්) මාගේ නිවසට පැමිණීමය. කෙසේ හෝ එම කටයුත්ත ලබන ඉරිදා දිනට කල් දැමීමට සිදුවිය..

මේ කියන්නට යන්නේ ඒ කිසිවක් ගැන නොවේ. පසුගිය සෙනසුරාදා සිදුවු, මා ඉතා ප්‍රීතියටත් දුකටත් පත් කරන ලද සිදු වීමක් ගැනයි.. ඔන්න එහෙනම් කතාව.

වෙලාව හරියට හැන්දෑවේ හතට ඉතාම ආසන්න්නයි. මා මිනුවන්ගොඩ බස් නැවතුමේ කුරුණෑගල බස් නවතන තැනට වී බලා සිටියේ ගෙදර යාමට බසයක් එන තුරුය. ඒ වන විට දවසේ ගමන නිම කරමින් මිනුවන්ගොඩ - කොලඹ බසයක් බෝ ගහ යට නවත්න ලදී. ඉක්මනින් බසයෙන් බසින මිනිසුන් අතර පොලිස් නිළධාරියෙක් බෑගයක් සහ කුඩයක් අතැතිව බසයෙන් බසිනු මා බලා සිටියේ දින කීපයක පෙර කටුණායකදී සිදු වූ පොලිසියට පහරදීමේ සිදුවීමද සිහිපත් කරමිනි.

බසයෙන් බැස ගත් පොලිස් නිළධාරියා බස් නැවතුම ඉදිරියෙන් ලංකා බැංකුව දෙසට ගමන් කරමින් සිටියේය. ඒ අසලම තිබෙන හෝටලයක් ඉදිරිපිට සිටි තරුණයන් හතර පස් දෙනෙක් පොලිස් නිළධරියා ඔවුන්ව පසු කර යනවාත් සමගම එක විටම හූ කියන්නට පටන් ගත්හ. පොලිස් නිළධාරියා කිසිම සද්දයක් නැතිව බිම බලාගෙන ඉතා අසරණ කමින් ඉදිරියටම ගියේ ඔහුට වෙන කරන්නට කිසිවක් නොතිබු හෙයිනි. පොලිස් නිළධරියා නොපෙනී යන තුරුම හූ හඩ නවත්වන්නට තරුණයන් උත්සාහ නොගත්න.

මේ සිදුවීම මගේ හිතටත් සතුටක් ගෙන දුන්නා. ඒත් සමගම පොලිස් නිළධාරියා කෙරෙහි දුකක් අනුකම්පාවක් ඇති වුණා. ඒත් සමගම පැමිණි කුරුණෑගල බසයට නැගි මා නිවස බල පිටත් වුණා.

සතුට සහ දුක...

අද මම ගොඩාක් සතුටින් ඉන්න ඕන දවසක්. ඒ මොකද කියනවානම් අදට මගේ මැණික මට හම්බ වෙලා මාස පහක් ගෙවිලා ගිහින් නිසා. ඒත් අද උදෙන්ම අහන්න ලැබුනේ මම හීනෙන්වත් හිතපු නැති දෙයක්. ඒ තමයි කවුරුත් දන්න සයිබර් අවකාශයේ අපේ සහෝදර ඉලoදාරියාගේ වෙන්ව යාම. 


මම ඉලoදාරියා ගැන දන්නේ බොහොම ටිකයි. ඒ මම බ්ලොග් එකට, බස් එකට ආවේ ඉතාම මෑතකදි නිසා වෙන්නැති. ඒ ටික කාලෙට මම කොහෙදිවත් දැකපු නැති විශේෂ සහෝදර කමක් දැක්කා මේ සයිබර් අවකාශයේ. ඒ තමයි අපේ සහෝදර සහෝදරියන් එකා වන්ව ඉලoදාරියව ගොඩ දාන්න දරපු උත්සහය. 

ස්තුතියි සැමටම..

ඉලoදාරියා අපේ සිත් තුල හැමදාම ජීවත් වේවි..

ඉලoදාරියෝ උබට නිවන් සුව අත්වේවා....!!!

ඊ - ප්‍රේමය

මට්ටුවට ඇවිටිලි
වෙට්ටුවෙන් වෙලි වෙලි   
චැට් කරන සුරතලී
ඔට්ටුවට පෙම් කෙලී

වෙබ් සයිට් වල ගිලී
කරවටක් ගිලි ගිලී
ෆේස්බුක් දිය සුලී
පුම ඉතිරි ඇමතලී

බසට සරුවත් මුසුව
මොබයිලෙට කසුකුසුව
ඊමේල් දිවඔසුව
කොමල හදවතට සුව

 ඉදුල් බුරියානි බස
තොදොල් කඩදාසි ගස
කොපුල් කිතිකවන තොස
හිවල් ඇස තවන මස

ආටෝප සාරවිට
ලේ පාට කරයි කට
මාකටිං ප්‍රේමයට
ගෝලීය පාර තොට

කකා සයිවර් කෑම
පතා සයිබර් ප්‍රේම
මෙගා ගගුලේදීම
ටෙලිවිෂනයෙන් නෑම

ඊමේල් කල රුවට
මී බදින බඹරුනට
පිලා අවදියෙ පෙමට
සැබෑ රොන්සුනු කුමට
කුමාර හෙට්ටිආරච්චි

හැදින්වීම

මේ මගේ පළමුවන පොස්ට් එක...
නචී කියන්නේ ඉස්කෝලේ යන කලේ යාලුවෝ මට කියපු නම.....
කියන්න දේවල් ගොඩක් තියනවා ටික ටික කියන්නම්...
දැනට මම නවතිනවා.....

නචී

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...