Showing posts with label විහිලු කතා.... Show all posts
Showing posts with label විහිලු කතා.... Show all posts

ගුණකථනය

අද කියන්න යන්නේ ටිකක් වෙනස් කතාවක්.... ඒ ගුණකථන ගැන.... ගුණකථන කිව්වම අපි දන්නවනේ ඉතින් මල ගෙදරක මිනිය ගෙදරින් එලියට ගන්න කලින් මියගිය අයගේ චරිතය ගැන, කරපු වැඩ ගැන බොරුත් එක්ක කියන එකනේ.. ඇත්තම කියන අයත් ඉතින් නැතුවම නෙවේ...ගම් වලනම් ඉතින් ඒකටම කියලා තෝරගත්ත අය ඉන්නවනේ....

මේ කතාව වෙන්නේ මාතර පැත්තේ.....අපේ කතාවේ නායකයත් ඔන්න යනවා ඉතින් මල ගෙදරක අවසන් කටයුත්තක ගුණකථනය කරන්න....මැරිලා ඉන්න මිනිහ පණපිටින් ඉද්දි දැකලවත් නැතිලු ඔන්.... එත් ඉතින් කතාවට ආරාධනයක් ලැබුන නිසා මල ගෙදරට ගියාලු අවසාන කටයුත් කරන වෙලාව අල්ලලා. ඉතින් ඔහොම ඉන්න ගමන් ටිකක් විපරම් කරලා බැලුවාලු මැරිලා ඉන්න කෙනා මොනාද කලේ.... කින්ද මන්ද කියලා....ගම ගැන විස්තර දාන්න වගේ පෙනෙන තලත්තැනී පොරක් ලගට කිට්ටු කරලා ඇහුවලු මැරිච්ච කෙනා මොනාද කලේ කියලා... අර පොර ගත් කටටම කිව්වලු... ඇයි දන්නේ නෙද්ද ඒ අපේ වෙද මහත්තයනේ කියලා...දැන් අපේ කතානායකට මාර ෆිට්ලු...වේද මහත්තයෙක් ගැන ඉතින් මොනාද කියන්න බැරි....

කොහොමහරි දැන් මිනිහගේ කතාවට වෙලාව ආවලු.....

අවමංගල සභාවෙන් අවසර එහෙම අරගෙන දැන් කතාව කරගෙන යනවලු. මේ අපේ නැතිවෙලා ඉන්න වෙද මහත්තය ගමට ලොකු සේවයක් කරපු කෙනෙක්... දැන් මේ ගමේ අයට විසාල පාඩුවක් තමයි වෙද මහත්තය නැති ඒක... කියලා ඉතින් බොරු කියන ගමන් මෙහෙම කිව්වලු....මට මතකයි අපේ තාත්තට හොදටම අමාරු වෙලා හිටිය වෙලාවේ මේ වෙද මහත්තය තමයි අපේ තාත්තගේ ජීවිතේ බේරලා දුන්නේ...ඒ වගේ කී දෙනෙකුගේ ජිවිත මේ වේද මහත්තයා බේරලා තියනවද ...

ගමේ මිනිස්සු උඩ බිම බලනවලු මොනවද මේ කියන්නේ කියලා....මොකද දන්නවද මැරිලා තියෙන්නේ ඒ ගම්පලාතටම හිටිය හරක්ට වෙදකම් කරන වෙද මහත්තයා.....  

පිස්සෝ..


මට හිතෙනවා අපි හැමෝම පිස්සෝ කියල... (හැමෝම කිව්වට සමාවෙන්න.... පිස්සෝ ඉතින් මට පිස්සු කියල කියන්නේ නැනේ ... නේද ?....) ...අපි සමහර වෙලාවට පිස්සු වැඩ කරනවනේ... ඊයේ රෑත් මම මොකක් හරි කියල මගේ නංගී බබාට .... එයා පිස්සා කියල කොටලා තිබුන... හරි ඒවා වැඩක් නැනේ .... අපි කතාවට යමු...

මේවත් ඉතින් ගුණපාල මාමාගේ කතාම තමයි ඉතින් .... මේ ඊයේ කියපු කතා දෙකක් පිස්සෝ ගැන...


 අපේ රටට ගොඩක් වැඩ කරපු උත්තමයෙක්නේ ඩඩ්ලි සේනානායක උන්නැහේ කියන්නේ... මේ මහත්තයාගේ රාජකාරි කලේ දවසක් ගියාලු පිස්සන් කොටුවට...ඒ කියන්නේ ඉතින් අංගෝඩටනේ.... පිස්සෝ ගැන ටිකක් හොයා බලන්න හිතාගෙන.... සේනානායක මහත්තය ඇවිදන් යනවලු වාට්ටුවකට යන්න තියන කොරිඩෝ එක දිගේ.... පිස්සෙක් ඉන්නවලු බිත්තියට කණ තියාගෙන.. මේ මහත්තයත් ටිකක් කිට්ටු කරලා ඇහුවලු මොකද කියල.. පිස්සත් කතා නොකරම හස්ත සංඥා වලින් කිව්වලු බිත්තියට කණ තියල බලන්න කියල......මහත්තයත් ඉතින් කණ තියලා බලලා... මොනාද ඇහෙන්නේ කියලා.. මොකුත්ම ඇහෙන්නේ නැතිලු... පිස්සගෙන් ඇහුව මොකද කියල..

සේනානායක මහතා: කෝ... මොකුත් ඇහෙන්නේ නැනේ...
පිස්සා 1: ඒක තමයි මාත් බැලුවේ.... මොකුත් ඇහෙන්නේ නැනේ..

සේනානායක මහත්තයට මොනවා හිතෙන්න ඇතිද ?....... මට නම් හිත ගන්න බෑ........

ඒ පිස්සට අයිබෝන් කියල සේනානායක මහත්තය ආයෙම ඇවිදන් යනවලු ..... ඔහොම යනකොට පිස්සෙක් මහත්තය ලගට දුවගෙන ඇවිත් කියනවලු...

පිස්සා 2: අනේ මහත්තයෝ මව බේරගන්න... මට පිස්සු නෑ... ...ඒත් මේ දොස්තරලා මට යන්න දෙන්නේ නැනේ...අනේ මහත්තයෝ මව බේරගන්න...

සේනානායක මහතා : හරි මම මෙහෙන් ගිය ගමන් ලියුමක් එවන්නම් ඔයාට යන්න දෙන්න කියල..

පිස්සට මර සතුටුයිලු ඉතින්... අපේ මහත්තයාට ආචාර සමාචාර කරලා පිස්සා යන්න ගියාලු... මහත්තය ඉතින් දොස්තරලා එක්ක කතා කරලා... පිස්සෝ බලලා ඉවරවෙලා යන්න කියල කාර් එකට නගින්න ගියාලු....ඒක පාරටම උඩින් ආව ගඩොල් බාග පාරකින් සේනානායක මහත්තයාගේ කාර් එකේ ඉස්සරහ ව්දුරුව කුඩු උනාලු... මහත්තය බැලුවාලු කවුද ඒ කියල...


පිස්සා 2 : මහත්තය මගේ වැඩේ... මතකයි නේද... (මෙහෙම කියන්නේ අර නිදහස් කරන්න කියල කිව්ව පිස්සා)..

පිස්සෝ ..පිස්සෝ ...කියල කිව්වට ... පවු ඒ මිනිස්සු...
මට මාර දුකයි ඒ මිනිස්සු ගැන .....
මන් කියල ඉතින් මොන කරන්නද.... අපට කරන්න දෙයක් නේ... ඒ මිනිස්සු ලබා උපන් හැටි තමයි නේද.....   

කොණ්ඩය කැපීම

මේ කතාව කිව්වේ අපේ ගුණපාල මාමා.... ගුණපාල කියන්නේ මමයි තව දෙතුන් දෙනෙකුයි එක්කලා හවසට සෙට් වෙලා කයිය ගහන අඋරුදු 60 ක විතර මාමා කෙනෙක්..කයිය ගහන කිව්වේ සතියේ දවස් වල හවසට පැයක් විතර තමයි.... මේ කතා දෙක කිව්වේ ඊයේ හවස...

කතාවට පුද්ගලයෙක්ගේ නමක් ඕනෙනේ ඉතින්... අපි කියමුකෝ කොන්ඩේ කපන්න යන්නේ මාටින් කියල.. ඔන්න මාටින් යනවා බාබර් සාප්පුවට.... මාටින් දකිනවා බාබර් වෙන කෙනෙකුගේ කොන්ඩේ කපනවා.. ඉතින් මාටින් ටිකක් එලියට බැහැල ලග හිටිය පොරක් එක්ක කතාවක් දාගෙන ඉන්නවලු... එතකොටම මාටින් දකිනවා බාබර් කොන්ඩේ කපන දිහා එළියේ ඉදලා බලාගෙන ඉන්න බල්ලෙක්.... බල්ලා කෙල හල හල කොන්ඩේ කපන දිහා බලාගෙන ඉන්නවලු... මාටින්ට මර අප්සට් මේක දැක්කම...ලග හිටිය පොරගෙන් ඇහුවලු මොකද අර බල්ලා කොන්ඩේ කපන දිහා බලාගෙන ඉන්නේ.. කොන්ඩේ කපන්න පුරුදු වෙන්නද කියල..... අර පොර කිව්වලු නැ නැ ඔය කොන්ඩේ කපාගෙන යන ගමන් කැපිල වැටෙන කන් කැලි එහෙම කන්න කියල...
ඊට පස්සේ මාටින්ට උන දේ හිතාගන්න පුළුවන්නේ..

මාර්ටින් වෙන තැනකට ගිය කොන්ඩේ කපන්න...එතන කුරුත් හිටියේ නැති නිසා කපන්න පටන් ගත්තලු... බාබර් ටිකක් වේගෙන් කොන්ඩේ කපාගෙන යනවලු ඉතින්.. දන්නවනේ ඉතින් ඒ කලේ මැෂින් තිබුනේ නැනේ..කතුරෙන් තමි වැඩේ යන්නේ... මාටින්ට බය හිතුනලු මු කන කපයි කියල... බයටම කිවව්ලු ඔය හරියේ කනක් තියනවා කියල.....කියනකොටම බාබර් කන කපල අතට දීල ඇහුවලු මේකද කියල.......

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...