Showing posts with label මට වෙන දේවල්... Show all posts
Showing posts with label මට වෙන දේවල්... Show all posts

මගේ හොදම දවස...

අද කියන්න යන්නේ ගිය සිකුරාදා මට වුන දෙයක් ගැනයි. කීපදෙනෙක් නම් දන්නවා මම මීට මාස දෙකකට කලින් ගත්ත මගේ අලුත්ම කම්පියුටර් එකේ ලෙඩක් ඇවිත් පහු ගිය දවස් ටිකේම එහෙ මෙහෙ දිව්වා ඒක ගොඩ දා ගන්න. විශේෂයෙන්ම උදව් කරන්න වෙහෙසුන මගේ මතක ලියන ප්‍රියන්ත අයියාට බොහොම ස්තුතියි.

ආයෙමත් CPU එක උස්සගෙන යන්න උණා කොල්ලුපිටියට. මොකද warranty තියන නිසා වෙන තැනකින් හදන්නත් බෑනේ. සිකුරාදා නිවාඩුවක් දාලා වැඩේට සෙට් වුනා. ගෙවල් ළග මල්ලි කෙනෙකුත් කතා කරගෙන උදේ 8 ට විතර ගෙදරින් පිටත් උණා. කෝච්චියෙ තමයි යන්න ලේසි. ඉතින් උදේ 9 ට විතර තියන මාතර කෝච්චිය අල්ල ගන්න අපි ස්ටේෂන් එකට ආවා වෙලාවටත් කලින්. මාතර කෝච්චිය විනාඩි 20ක් පරක්කුයි. ඒත් කමක් නෑ කියලා හිටියා. එදා පොසොන් පෝය ඉවර වෙලා දෙවෙනි දවසනේ. අනුරාධපුරේ ඉදලා එන සෙනග පිරිලා ඒ කෝච්චියේ. ඒකට නගින්නවත් බෑ. කමක් නෑ. ඒ වෙලාවට එන්න තියන මන්දගාමි කොච්චියෙම යනවා කියලා හිත හදාගෙන හිටියා. අනේ ටිකකින් කිව්වා ඒ කෝච්චිය විනාඩි 45 ක් පරක්කුයි කියලා.

මොනවා කරන්නද මට හිතුනා අද මගේ වැඩේ කොහොමත් කරගන්න බැරි වෙයි කියලා. අන්නතිමට 10 30 ත් පහුවෙලා කෝච්චිය අවේ. කොටුවට එනකොට 12 30 ත් පහුවෙලා. කරන්න දෙයක් නෑ. නැග්ග මොරටුව බස් එකකට. කොල්ලුපිටිය හංදියට ටිකට් ගත්තා අපි දෙන්නටම. ඒත් බහින්න වෙන්නේ බම්බලපිටිය හංදියෙන්නේ. පාර  වන් වේ කරලා නිසා. වෙලාව 1 ට විතර ඇති. මම කතා කලා ස‍ර්විස් සෙන්ටර් එකට. "අද සිකුරාදනේ. ෂොප් එක 12 ඉදලා 2 30 වෙනකල් වහලා. පල්ලි යන දවසනේ. 2 30 ට එන්න" කියලා කිව්වා. මොනවා කරන්නද් ඉතින්. දැන් නම් බඩගිනිත් එක්ක. එතනම තිබුන කඩේකට ගියා කෑම කන්න කියලා. මාර සීන් එක පර්ස් එකේ තියෙන්නේ රුපියල් 200යි. සල්ල ගන්න යන්න වෙනවා ඒටීඑම් එකකට. ඒකට මීටර් 500 ක් විතර යන්න ඕනේ.

කඩේ ලග හිටියා වයස අවුරුදු 45 ක 50 ක විතර මනුස්සයෙක් සිගරැට් එකක් බිබී. මම එයාගෙන් ඇහුවා ඒටීඑම් එක තියන තැන. "ටිකක් දුරයි පුතා. ඕකත් උස්සන් යන්න බෑනෙ. එන්න මාත් එක්ක යන්" කියලා අපිට ඉදිරියෙන් නවත්තලා තිබුණ මොන්ටේරෝ එක පෙන්නුවා. මට පොඩ්ඩක් භය හිතුනත් ඕන එකෙක් කියලා නැග්ගා ඉස්සරහින්. අර මල්ලි පිටිපස්සෙන් නැග්ගා. විස්තර කතා කරන අතර විනාඩි 10 කට විතර පස්සේ ඒටීඑම් එක ලගට ආවා. "පුතා සල්ලි අරගෙන එන්න. ආපහු අතෙන්ටම දාන්නම්" කියලා කිව්වේ අපි බහින්න හදද්දිමයි. මම ගිහින් සල්ලි අරගෙන ආවා. කියපෞ විදියටම වටයක් ගිහින් අර කඩේ ලගින්ම අපිව බස්සලා ගියා. මට පුදුම හිතුනා මෙහෙම මිනිස්සුද මේ ලොකු වාහන වල යන්නේ කිය්ලා. මම ඇදුමට පැළදුමට, ඉඩ කඩම්, යාන වාහන, සල්ලි තියන මනුස්සකම නැති කිසිම මිනිහෙකුට මෙතෙක් කල් මහත්තයා කියලා නෑ. ඒත් ඒ මහත්තයාට මට නොකියා ඉන්න බැරි උණා. "ගොඩාක් ස්තුතියි මහත්තයා" කියලා අපි වාහනෙන් බැහැලා කඩේට ගියා දවල්ට කෑම කන්න.

කෑම කාලා ඉවර වෙලා සර්විස් සෙන්ටර් එකට ගිහින් හිටියා 2 30 වෙනකල්. ඔන්න ෂොප් එක ඇරියා. මමත් ඇතුලට ගිහින් CPU එක බාරදුන්න. ටික වෙලාවකින් බාරගත්ත කෙනා ඇවිත් කිව්වේ බෝඩ් එකේ වගේ ලෙඩේ තියෙන්නේ අද චෙක් කරන්න විදියක් නෑ. හෙට චෙක් කරලා කෝල් එකක් දෙන්නම්. අනේ මොනවා කරන්නද ඉතින්. ඒකත් තියලා අපි දෙන්නා ගෙදර එන්න හැරුනා ආයෙත් මේ කට්ට කන බලාපොරොත්තුවෙන්ම. ඒ ආයෙත් මේක ගෙනියන්න එන දවසට. ඔන්න ඔහොමයි එදා දවස ගෙවුනේ.

මැරෙන්න ගිය දා....

මේක වුනේ මම දහය වසරේ ඉන්න දවස් වල. යත්තල්ගොඩ ස්ටේෂන් එක කිට්ටුව නියම තැනක් තියනවා මා ඔයේ. ගිහින් තියන අය නම් දන්නවා ඇති. ස්වභාව සවුන්දරය පිරිලා ඉතිරිලා යන තැනක්. ඒ දවස් වල එතනට මම තනියම ගිහින් තියනවා දවස් තුනක්. අපේ සෙට් එකේ හිටිය හය දෙනෙක්ගේ විතර විනෝදාංශය වුනේ ඔයට යාම. සතියකට දවස් දෙකක් වත් ස්කූල් කට් කරලා අපි කට්ටියම යනවා ඔයට. උදේ අටට විතර ඔයට ගියාම ආපහු එන්නේ හවස තුනට විතර. එතකල් කරන දේවල් කියන්න ඕනෙ නෑනෙ. අඩු වියදම් දේවල් තමයි ඉතින්. මොකද ඒ දවස් වල ඉතින් සල්ලිත් අතේ නෑනෙ.

මුලදිම අපි ඔයට ගිය දවස් වල අනිවාරයෙන්ම නානව. නාන්න කියාපු තැනක් තියනවා එතන. ඉතින් මේ කියන්න යන්නෙ ඔය වගේ නාන්න ගිය දවසක මට උන දෙයක් ගැන. ඔයට ගිහින් මුලින්ම ඉතින් කරන්නේ උදේට කන එක තමයි. ගෙවල් වලින් ගේන බත් මුල් දෙකක් තුනක් වගේ තමයි හැමදාම තියෙන්නේ. ඉතින් බත් මුල දිග ඇරපු ගමන් හොදම ජාති ටික් අතුරුදහන් වෙනවා. ඉතුරු ටික තමයි කට්ටිය සාමදානව කන්නේ. ඔය වයසට ඕවා ඉතින් සාමාන්‍ය දේවල්නෙ. කෑම කාලා ඉවර වෙලා අනින් දෙවලුත් කරලා දවල් උනාම තමයි කට්ටිය නාන්න සෙට් වෙන්නේ.

සුපුරුදු පරිදි එදා දවල් අපි නාන්න ගත්තා. ඒ දවස් වල මට පීනන්න බෑ. පීනන්න පුරුදු උනේත් ඔය ඔයෙන්ම තමයි පස්සෙ කාලෙක. අපේ සෙට් පීනන්න බැරි මටයි තව එකෙකුටයි විතරයි. ඉතින් අපි දෙන්න වැඩිය දුර යන්නේ නෑ. අනිත් උන් නම් යනවා දුරටම. අපි නාන තැන දූපතක් තියෙන්නෙ. දූපත දෙපැත්තෙන්ම් වතුර ගලාගෙන යනවා. මමයි අනිත් පීනන්න බැරි යාලුවයි දූපත අයිනෙම ඉන්නේ. ඉනටත් ටිකක් උඩින් වතුර ගලාගෙන යනවා. ටිකක් වෙලා ගියාම පීනන්න පුලුවන් සෙට් එක ගෙඩට ආවා. අපි දෙන්න ඉන්න තැනට අඩි 10ක් 15ක් විතර එහයින් කට්ටිය අපි දිහා බලන් ඉන්නවා.

ඉතින් ඔහොම ඉන්න අතරේ මම ගහක මුලක් අල්ලගෙන ටිකක් එහාට ඇවිදන් ගියා. එක පාරටම මට තේරුනා කකුල බිම වදින්නේ නෑ කියලා. එතකොටම අල්ලන් හිටිය මුලත් මට අතෑරුනා. මට තේරෙනවා මාව දැන් ගිලෙන්න යන්නේ කියලා. මට ඒ වෙලාවෙ අම්මයි තාත්තයි මල්ලිවයි මතක් උණා. ඒත් එක්කම ගොඩ ඉන්න මගෙ යාලුවන්ම මම යනවා මචං කියලා අතින් සංඥා කරන්නත් හිතුනා. ඒක කරන්න බැරිවම මාව ගිලුනා. වතුර යට ලස්සන කහ පාටින් දිලිසුනා. මම දගලනවා උඩට යන්න. පලවෙනි පාර උඩ ආවා. මම දැක්කා ඈත තියන කන්දක තිබුන පොල් ගස් තුනක්. ආයෙම යට ගියා. කලින් වගේම වතුර යට ලස්සන කහ පාටින් දිලිසුනා. උඩට එන්න දැගලුවා. දෙවෙනි පාරත් උඩ ආවම දැක්කේ අර කක්දේ තිබුන පොල් ගස් තුනමයි. තුන් වෙනි පාරත් ඒ විදියට වෙලා මාව යට ගියා. හිස්ම ගන්න ටිකක් අමාරුයි කියලා දැනුණා. ඒත එක්කම මට හිතුනා මම ආයේ උඩ එකක් නෑ. මම ඉවරයි තමයි කියලා. එක පාරටම මට අහුවුනා අත්තක්. මම ඒක හයියෙන් අල්ල ගත්තා. මාව ගොඩටම ඇදලා ගත්තා ඒ අත්ත. ඒ අත්ත දාල තියෙන්නේ මාව ගිලෙනවා දැකපු සුමුදු. මම එහෙමම බිම දිගාවුණා. මගේ ඔවුව රිදෙන්න ගත්තා. බඩත් පිරිලා වතුර පෙවිලම.

ඔහොම ඉදලා හවස් වුණාම මට අවුලක් නෑ. වෙනදා වෙලාවටම හවස ගෙදර ගියා. ගෙදර ගියාම මට හිතුනේ මම ගිලිලා මැරුනනම් ගෙදර මොනවගේ තත්වයක් තියෙයිද, මගේ යලුවො ටිකට මොනවා වෙයද කියලා. මම අද මෙතන ඉන්නේ මගේ යාලුවා සුමුදු නිසයි.

මාස තුනක් විතර යනකල් ඔයට ගියාට නාන්න නම් ගියේ නෑ. ඒත් පස්සේ මම පීනන්න පුරුදු වුණා ඔය ඔයෙන්ම. පස්සේ මම දවත් තුනක් තනියම ස්කූල් කිට් එකෙන් ගිහින් කරන දේවලුත් කරලා නාලත් ඇවිත් තියනවා.

යහලුවෙක් කල හරිය.....

  හම්මේ.... ගොඩ දවසකින් බ්ලොග් එක පැත්තේ ආවේ.. මේ ටිකේ නම් එක දිගටම වැඩ... ඒ අස්සේ නචියා බස් පදින්නත් පටන් ගත්තනේ... දැන් නම් දන්න අදුනන බස් රියදුරෝ ටිකකුත් ඉන්නවනේ... ඒත් තාම ඉතින් නචියගේ බස් වල මැස්සෝ ඇහිරෙනවා... නචියටත් බස් ලයිසොන් එක ගන්න උදව් කරන මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි...

.............................................................................................

අද මම කියන්න යන්නේ ඊයේ ආව දුරකථන ඇමතුමක් නිසාවෙන් මට මතක් වූ මාගේ අතිජාත මිතුරකු හා ඔහු සමග ගෙවුනු අතීතය ගැනත්ය. මා දැනට රැකියාව කරන ස්ථානයට පැමින මේ වන ටිට අවුරුදු පහයි මාස අටක් පමන ගෙවී තිබේ. මා මෙහි පැමිණ මාසයක් පමණ ගෙවී යන විට අන් අයට වඩා ඔහුත් මාත් අතර හිතවත් කමක් ඇතිවීමට හේතුව විය හැක්කේ කෙලි දෙලෙන් කාලය ගත් කිරීමට අප දෙදෙනා තුලම වූ කැමැත්ත විය යුතුය.. ඔහු නමින් දේවින්ද ලෙස කතාවට ඈදා ගනිමි. 

දේවින්දගේ නිවස ඇබිලිපිටියේ ඉතාම සුන්දර ගම් පියසක පිහිටා තිබුනි. මමත් දේවින්දත් තවත් මා සමග අප ආයතයේම රැකියාව කරන හතර දෙනෙකුත් නිවසක් කුලියට ගෙන එහි නතර වී රැකියාව කරමින් කල් ගෙව්වෙමු... මෙසේ අවුරුද්දක කාලයක් අපි එකට සහෝදරයන් මෙන් කලාය ගෙවා දැමුවෙමු... 

අප සිටි නිවස පසුපස කලපුව දක්වා දිවයන තණ බිස්සකි.... ඒ මත කලපුව ආසන්නයේම පුටු හයක් සහ ස්ටූලයක් තබා සකසා ගත්තේ සෙට් වීම සදහා පමනක්ම නොවේ.. එකිනෙකාට තිබෙන සියලුම ආර්ථික අපහසුතා, පවුල් වල තිබෙන්නා වු ගැටලු ආදී සියලුම දේ  එතනදී පැවසීමටත් හැකි වන පරිදිය. ඒ අතර දවස් තුනක නිවාඩුවක් ලැබෙන විටදී අප එකෙනෙකාගේ නිවෙස් වලට යාමේ පුරුද්දක් ඇති කරගෙන තිබුණි. මේ හේතුවෙන් අප කිසිවෙක් තුල අනෙකා කෙරේ අවිස්වාසයක් ගොඩ නැගීමට ඉඩක් නොවීය.


මේ ආකාරයෙන් ඉතාම සතුටෙන් අපි අවුරුදු තුනක් පමණ කාලයක් එකට ගෙවා දමා තිබුනේ අපටත් නොදැනීමය. මේ අතර තුර මාගේ මිතුරා දේවින්ද කොරියාවේ රැකියාවකට යාමට ඉතා කැමැත්තෙන් පසුවූ අතර එම කටයුත්ත සාක්සාත් කර ගැනීම සදහා වෙහෙසෙමින් සිටියේය. අවසානයේ ඔහු අප හට කියා සිටියේ තවත් මාසයකින් පමණ පසුව ඔහුට කොරියාවට යා හැකි බවත් ඒ සදහා රුපියල් ලක්ෂ හතරක් පමණ අවශ්‍යය බවත්ය. ඒ සදහා දේවින්ද මාගෙන් රුපියල් ලක්ෂයක් ඉල්ලා සිටියේය. මා හට ඒ මුදල ලබා දීම කෙරෙහි දෙවරක් සිතීමට අවශ්‍යය වූයේ නැත... මක් නිසාද යත් ඒ වන විට දේවින්ද මගේම සොයුරාටත් වඩා මා විස්වාස කල හෙයිනි. 


නමුත් ඒ වන විට මා සන්තකයේ තිබුනේ රුපියල් හැට දහසකට ආසන්න මුදලක් සහ ක්‍රෙඩිට් කාඩ් පත පමණි...මිතුරෙකුගේ මාර්ගයෙන් ඔහුටද සීයට තුනක් ගෙවා රුපියල් හතලිස් දහසක මුදලක් ක්‍රෙඩිට් කාඩ් පතින් ලබා ගැනීමට හැකි විය. මාගේ සිතේ තිබුනේ දේවින්දට හරිගියා කියන්නේ මට හරිගියා වගේනෙ යන හැගීම පමනකි. මම රුපියල් ලක්ෂයක් දේවින්දගේ අතට දුන්නා... "මචන් ... මේ සල්ලි ටික උබට මාස තුනක් ඇතුලත ලැබෙන්න සලස්වනවා".. ඒ දෙවින්දගේ පිලිතුරයි....

මාසයකට පමණ පසු දේවින්ද කොරියාව බලා පිටත් වූයේ මාගේ නෙතට කදුලක්ද නංවමිණි.. 

කාලය ගත ව් ගියේය. මසකට ආසන්න වුවත් දේවින්දගෙන් කිසිදු ආරංචියක් නොවීය. මාස දෙකක් ගත විය. අවසනයේ මා තිරණය කලේ දේවින්දගේ නිවසට ගොස් දෙමාපියන්ගෙන් හෝ දේවින්ද ගැන තොරතුරක් දැන ගැනීමටය. මාගේ මිතුරන් තිදෙනෙකුත් සමග දේවින්දගේ නිවසට ගියෙමු. දේවින්දගේ මව කියා සිටියේ.... ඉදලා හීටලා කතා කරනවා පුතේ.... පුතාට හරියට ඉන්න තැනකුත් නෑලු....  

කතාකරන්න දුරකතන අංකයක් නැති බවත් ඇය කියා සිටියාය... මට අදහා ගත නොහැකි විය. මාගේ සිත කිව්වේ දේවින්දට තාම ජොබ් එකකුත් නැතුව ඇති... ටිකක් කල් ගිහින් මගෙ සල්ලි ටික එවයි.. 


අදටත් මගෙ සිතේ තියෙන්නේ එම හැගීමය.. දේවින්ද කොරියාවට ගොස් දැනට අවුරුදු දෙකකටත් වැඩිය... අදවන තුරු ඔහු මට කතා කලේ නැත. මාගේ ක්‍රෙඩිට් කාඩ් පතේ ණයත් පොලියත් මා විසින්ම ගෙවා දැමුවෙමි. දේවින්දගේ මවගෙන් කීප විටක්ම විමසන විට ඇය පුන පුනා කීවේ පෙර කියූ දෙයමය.. අවුරුද්දක විතර සිට ඒ සිදුවීම අමතක කර දමා සිටියෙමි.... 

මාත් දේවින්දත් සමග නිවසේ නැවති සිටි කිසිවෙකුත් දැන් දකින්නටවත් නැත.... ඉන් දෙදෙනෙක් විදේශයේ රැකියාව කරන අතර අනිත් දෙදෙනා ගම් වලට වී ජිවත් වෙති. විදේශයේ සිටින දෙදෙනාගෙන් කෙනෙකු  ඊයේ මා හට දුරකථනයෙන් අමතා දේවින්ද ගැන මතක් කර සිටියේය.... ඒ හේතුවෙන් එම සිදුවීම නැවතත් මාගේ මතකය අතීතයට ගෙන ගියේය..........

මට දැනට පැයකට විතර කලින් දුරකතන ඇමතුමක් ආවා මගේ හොදම යාලුවෙකුගෙන්. අපි දෙදෙනා අතර ඇති වුනේ මෙ වගේ දෙබසක්....

යාලුවා :   මචං.... හෙට නිවාඩුවක් දාන්න වෙනවා....
මම     :   ඒ මොකෝ බන්... මොකක්ද සීන් එක....
යාලුවා :   මචං...හෙට මගෙ එන්ගේජ්මන්ට් එක... උඹ එන්නම ඕනේ....
මම     :   යකෝ හෙට..... උඹ අදද තිරණය කලේ හෙට බදිනවා කියලා...
යාලුවා :   හරි හරි දැන් ඒවගෙන් වැඩක් නෑ....  උඹ හෙට උදේ 11 ට _ _ _ (පාටිය තියන හොටෙල් එක) එකට වරෙන් හරිද....
මම     :   හරි මචං... ඕකේ එහෙනම්... හෙට සෙට් වෙමු....

දැන් මොකද කරන්නේ... අනිවා යන්න ඕනේ ඌගේ එකට... ඒ කාලේ ඉදලා මගෙ බොක්කේ යලුවෙක්... අනිවා බොන්නත් වෙනවා... මම හෙට නිවාඩු කියලා සුදු මැණිකේ දැන ගත්ත ගමන් එයාව මීට් වෙන්න එනවද අහනව.. එකට යන්නත් ඔනේ... නොබි ඉන්නත් ඔනේ... මම අයේ බොන්නේ නෑ කියලා මටම පොරොන්දු උණා....මට හිතාගන්න බෑ මොකද කරන්නේ කියලා....

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...