මට ඔයාව හම්බ වුන විදිහ ගැන කවදාවත් නැතුව අද මට පිලිවෙලින් මතක් උනා. මගෙ වයස අවුරුදු 28 ක් වෙනකල් මගෙ ලෝකෙට කෙල්ලෙක් ආවෙ නැත්තෙ ඔයා එන්න හිටපු නිසයි කියලා මම ගොඩාක් සතුටු වුනා මගෙ මැනිකෙ.....
මගෙ අම්මටයි ඔයාගෙ අම්මටයි පින් සිද්ද වෙන්න ඕනෙ ඔයාව මට හොයලා දුන්නට..... අපේ අම්මට දැනට අවුරුද්දකට කලින් වගෙ තමයි ඕනෙ වුනේ මට කෙල්ලෙක්ව හොයන්න.......එයා කපු ගැනු කෙනෙක් මාර්ගයෙන් මාව කෙල්ලො තුන් දෙනෙක් බලන්න එක්කන් ගියා... ඒ කාටවත් මගෙ හිත ගියෙ නැ මගෙ මැනිකෙ...
ඊට පස්සෙ තමයි අම්මා මට මනමාලියක් හොයන්න පත්තරේ දැන්වීමක් දැම්මේ.....ඒකටත් ඉතින් ලියුම් 30 ක් විතර ආව....ඒ එකක් වත් බලන්න යන්නෙම නැතුවම ප්‍රතික්ශේප වුනා එක එක හේතු උඩ....ඔහොම මාස 2ක් 3ක් විතර ගියා....අම්ම අයෙත් පත්තරේට දාමු කියලා තමයි හිටියේ..... මගෙත් වැඩි උනන්දුවක් තිබුනේ නෑ ඔය වැඩේට.... මොකද ඔය වැඩෙන් මගෙ නිදහසත් නැති වෙනවනෙ....
ඔය අතරේ තමයි ඔයාගේ අම්මා පත්තරේ දැන්වීම දැකලා අපේ ගෙදරට කතා කරලා තිබුනේ....අම්මලා දෙන්නා නිතරම වගේ කතා කලා…. ගොඩක් හිතවත් උනා.... ඔයාව බලන්න එන්න කියලා තිබුනත් අපේ නෑදෑ කෙනෙක්ගෙ මල ගෙදරක් නිසා කල් ගියා.... හැබැයි මගෙ හිතට දැනුනා ඔයාව දැක්කම වෙනසක් වේවි කියලා.......
ඒ වෙනස එහෙමම වුනා........ එදා..... ඔයාගෙ සුදු මුහුන දැක්කම මට ලෝබ හිතුනා මගෙ මැනික ඔයාව මට නොලැබුනොත් කියලා...ඔයත් එක්ක කතා කරන්න මට ලබුනු විනඩි 20 ක විතර කාලය තමයි මගෙ ජිවිතේ මම කෙල්ලෙක් එක්ක තනියම කතා කරපු පලවෙනි දවස.......මට එදා ඔයාව දාල යන්න බැරි උනා..... මට ලොකු බයක් තිබුනා ඔයාව මට නොලැබුනොත් කියලා.....
මේක අපේ දෛවය වෙන්න ඇති.... මම හැමදාම ගෙදර ගිය ගමන්ම අම්මගෙන් අහනවා ඔයාගෙ ගෙදරින් කතා කලාද කියලා... තුන් වෙනි දවසේ ඔයාගෙ අම්මා කතා කරලා කැමතියි කියලා කිව්වම මට හිතුනා මට මේ ලොකෙන් වෙන මොකුත්ම එපා කියලා....
ඒ අදට හරියටම මාස තුනකට කලින්නෙ...දැන් මගේ ජිවිතේ මම කැමතිම දවස තමයි ඉරිදා.. මම දන්නවා මැනික ඔයත් ගොඩාක් ආසාවෙන් ඉන්නෙ ඉරිදා වෙනකල් කියලා.... ඒ ඉතින් හැම ඉරිදාම මම ගෙවන්නෙ ඔයත් එක්ක ඔයගෙ ගෙදරනෙ... ඔයා හදලා දෙන තේ එක බොන්න..... ඔයා බෙදන බත් ටික කන්න මම ලෝබ වෙලා මගෙ මැනික.....
ඊයේ තමයි අපි දෙන්න ඔයලගේ ගෙදරින් පිටදි හමු වුන පලවෙනි දවස.... අපි හම්බවෙන්න කතා කරගත්ත තැනට මම පැයකට කලින් ආවේ මගෙ තිබුනු උනන්දුවට වෙන්න ඇති... ඔයාව දැක්කම මාව මොහොතකට ගල් ගැහුනා.... මට කියන්න දෙයක් කටට ආවේ නෑ...
ඔයාගෙ ඇදුමට.... ඔය සුදු මූනට.... මම වශි උනා මගෙ මැනිකෙ.... ඔයාව ගෙදරදි දකිනවට වඩා ගොඩාක් ලස්සනට මට පෙනුනා.....
ඊයෙ වෙලාවනම් ගියේ පුදුම වෙගෙකින්..... මම දන්නවා ඔයටත් එහෙමම දැනුනා කියලා.....අපිට අකමැත්තෙන් උනත් යන්න වුනා...
ඔයා නොපෙනි යනකල් මම බලන් හිටියෙ ඉක්මනට ඉරිදා වෙන්න කියලා හිතන ගමන්මයි.....
මම ඔයාට ගොඩාක් ආදරෙයි මගෙ සුදු මැනිකෙ.....