Showing posts with label මගේ අතීතය.... Show all posts
Showing posts with label මගේ අතීතය.... Show all posts

යන්නම් නචි.....

මම ඊයෙ සුදු මැණිකෙ හම්බ වෙලා ගෙදර යන්න බස් එකට නැග්ගම පුරුදු මූණක් ඉන්නවා බස් එකේ. මගෙ වයසෙම අපේ සාසලේම වෙන පන්තියක හිටිය ගෑණු ළමයෙක්. ගෑණු ළමය ශිරෝෂි කියලා හදුන්වන්නම්කො. බස් එකේ සෙනගත් වැඩියි. ඉදගන්න ඉඩත් නෑ. මම හිටගෙන සීට් එකේ උඩින් අල්ලගෙන හිටියේ. මම හිටිය සීට් එකට ඉස්සරහ සීට් එකේ අර කිව්ව ගෑණු ළමයා කොල්ලෙක් එක්ක උකුලු මුකුලු කර කර යනවා. කෙල්ලගෙ ෆෝන් එක කොල්ලා අරගෙන මොනවද බලනවා. ඒ කොල්ලවත් මම දන්නවා. ඒත් කතා කරන්න තරම් හිතවත් නෑ...

මේ කෙල්ල දැක්කම එක පාරටම මට මතකෙට ආවේ මේ මම ලියුම් ලියපු කෙල්ල නේද කියලා. නෑ නෑ මම ඒ ළමයට ලියුම් ලියන්න ගියෙ නෑ. මට මතක විදියට අපි සාමාන්‍ය පෙළ කරන දවස් වල. අපේ සෙට් එකේ හිටිය ගණිතයට මාරම දක්ෂ මගේ හොදම යාලුවා මහේෂ් ශිරෝෂිත් එක්ක යාලු වෙලා හිටියා. මම තමයි මහේෂ් ශිරෝෂිට දෙන ලියුම් ඔක්කොම ලියන්නෙ. ඒකට හේතුව තමයි මහේෂ්ගෙ අකුරු  කැත වීම. මගේ අකුරු ඉතින් මුතු කැට වගේ හින්දා මහේෂ්ගේ පළවෙනි ලියුමෙ ඉදලා මට මතක විදියට සතියට ලියුම් දෙකක් විතර ලියනවා. දැන් නම් යන්තං වත් මතක නෑ මොනවද ලියවුනේ කියලා. පන්තියෙදි හිස් පීරියඩ් එකක් ආව ගමන් ලියුමක් ලියනවා. මහේෂ් කියවනවා. මම ලියනවා. මහේෂ් ලියුම් ලියන්න වෙනම පොතක් අරන් තිබුනා රෝස පාට ලස්සන කොල තියෙන.

ඉතින් මේ දෙන්නගෙ සම්බන්දේ පටන් ගන්නේ 1999 මැද හරියේ මට මතක විදියට. මහේෂ් පලවෙනි ලියුම ලියවගන්නවා මට කියලා. ලියුම ශිරෝෂිට දෙන්න වෙන්නෙත් මටම තමයි. ඉතින් ඒ වැඩෙත් මම කැමැත්තෙන් කලා. අවුලක් නැතුව සම්බන්දෙ පටන් ගත්තා.

මට මතක විදියට පාසැල් ගමන අවසාන වෙනවත් එක්කම ඒ සම්බන්දෙ ඉවර වුණා. මහේෂ් නේවි එකට ගියා. ඒ ආදර කතාවත් එහෙමම ඉවර වුණා.

ශිරෝෂි බස් එකෙන් බහින තැන ලන් වෙනවත් එක්කම නැගිටලා ආවෙ මම ඉන්න තැනට. එදිනදා තොරතුරු ටිකක් කතා කලා බස් එක නවත්වනකල්. "යන්නම් නචි" කියලා ශිරෝෂි බස් එකෙන් බැහැලා ගියා....

මැරෙන්න ගිය දා....

මේක වුනේ මම දහය වසරේ ඉන්න දවස් වල. යත්තල්ගොඩ ස්ටේෂන් එක කිට්ටුව නියම තැනක් තියනවා මා ඔයේ. ගිහින් තියන අය නම් දන්නවා ඇති. ස්වභාව සවුන්දරය පිරිලා ඉතිරිලා යන තැනක්. ඒ දවස් වල එතනට මම තනියම ගිහින් තියනවා දවස් තුනක්. අපේ සෙට් එකේ හිටිය හය දෙනෙක්ගේ විතර විනෝදාංශය වුනේ ඔයට යාම. සතියකට දවස් දෙකක් වත් ස්කූල් කට් කරලා අපි කට්ටියම යනවා ඔයට. උදේ අටට විතර ඔයට ගියාම ආපහු එන්නේ හවස තුනට විතර. එතකල් කරන දේවල් කියන්න ඕනෙ නෑනෙ. අඩු වියදම් දේවල් තමයි ඉතින්. මොකද ඒ දවස් වල ඉතින් සල්ලිත් අතේ නෑනෙ.

මුලදිම අපි ඔයට ගිය දවස් වල අනිවාරයෙන්ම නානව. නාන්න කියාපු තැනක් තියනවා එතන. ඉතින් මේ කියන්න යන්නෙ ඔය වගේ නාන්න ගිය දවසක මට උන දෙයක් ගැන. ඔයට ගිහින් මුලින්ම ඉතින් කරන්නේ උදේට කන එක තමයි. ගෙවල් වලින් ගේන බත් මුල් දෙකක් තුනක් වගේ තමයි හැමදාම තියෙන්නේ. ඉතින් බත් මුල දිග ඇරපු ගමන් හොදම ජාති ටික් අතුරුදහන් වෙනවා. ඉතුරු ටික තමයි කට්ටිය සාමදානව කන්නේ. ඔය වයසට ඕවා ඉතින් සාමාන්‍ය දේවල්නෙ. කෑම කාලා ඉවර වෙලා අනින් දෙවලුත් කරලා දවල් උනාම තමයි කට්ටිය නාන්න සෙට් වෙන්නේ.

සුපුරුදු පරිදි එදා දවල් අපි නාන්න ගත්තා. ඒ දවස් වල මට පීනන්න බෑ. පීනන්න පුරුදු උනේත් ඔය ඔයෙන්ම තමයි පස්සෙ කාලෙක. අපේ සෙට් පීනන්න බැරි මටයි තව එකෙකුටයි විතරයි. ඉතින් අපි දෙන්න වැඩිය දුර යන්නේ නෑ. අනිත් උන් නම් යනවා දුරටම. අපි නාන තැන දූපතක් තියෙන්නෙ. දූපත දෙපැත්තෙන්ම් වතුර ගලාගෙන යනවා. මමයි අනිත් පීනන්න බැරි යාලුවයි දූපත අයිනෙම ඉන්නේ. ඉනටත් ටිකක් උඩින් වතුර ගලාගෙන යනවා. ටිකක් වෙලා ගියාම පීනන්න පුලුවන් සෙට් එක ගෙඩට ආවා. අපි දෙන්න ඉන්න තැනට අඩි 10ක් 15ක් විතර එහයින් කට්ටිය අපි දිහා බලන් ඉන්නවා.

ඉතින් ඔහොම ඉන්න අතරේ මම ගහක මුලක් අල්ලගෙන ටිකක් එහාට ඇවිදන් ගියා. එක පාරටම මට තේරුනා කකුල බිම වදින්නේ නෑ කියලා. එතකොටම අල්ලන් හිටිය මුලත් මට අතෑරුනා. මට තේරෙනවා මාව දැන් ගිලෙන්න යන්නේ කියලා. මට ඒ වෙලාවෙ අම්මයි තාත්තයි මල්ලිවයි මතක් උණා. ඒත් එක්කම ගොඩ ඉන්න මගෙ යාලුවන්ම මම යනවා මචං කියලා අතින් සංඥා කරන්නත් හිතුනා. ඒක කරන්න බැරිවම මාව ගිලුනා. වතුර යට ලස්සන කහ පාටින් දිලිසුනා. මම දගලනවා උඩට යන්න. පලවෙනි පාර උඩ ආවා. මම දැක්කා ඈත තියන කන්දක තිබුන පොල් ගස් තුනක්. ආයෙම යට ගියා. කලින් වගේම වතුර යට ලස්සන කහ පාටින් දිලිසුනා. උඩට එන්න දැගලුවා. දෙවෙනි පාරත් උඩ ආවම දැක්කේ අර කක්දේ තිබුන පොල් ගස් තුනමයි. තුන් වෙනි පාරත් ඒ විදියට වෙලා මාව යට ගියා. හිස්ම ගන්න ටිකක් අමාරුයි කියලා දැනුණා. ඒත එක්කම මට හිතුනා මම ආයේ උඩ එකක් නෑ. මම ඉවරයි තමයි කියලා. එක පාරටම මට අහුවුනා අත්තක්. මම ඒක හයියෙන් අල්ල ගත්තා. මාව ගොඩටම ඇදලා ගත්තා ඒ අත්ත. ඒ අත්ත දාල තියෙන්නේ මාව ගිලෙනවා දැකපු සුමුදු. මම එහෙමම බිම දිගාවුණා. මගේ ඔවුව රිදෙන්න ගත්තා. බඩත් පිරිලා වතුර පෙවිලම.

ඔහොම ඉදලා හවස් වුණාම මට අවුලක් නෑ. වෙනදා වෙලාවටම හවස ගෙදර ගියා. ගෙදර ගියාම මට හිතුනේ මම ගිලිලා මැරුනනම් ගෙදර මොනවගේ තත්වයක් තියෙයිද, මගේ යලුවො ටිකට මොනවා වෙයද කියලා. මම අද මෙතන ඉන්නේ මගේ යාලුවා සුමුදු නිසයි.

මාස තුනක් විතර යනකල් ඔයට ගියාට නාන්න නම් ගියේ නෑ. ඒත් පස්සේ මම පීනන්න පුරුදු වුණා ඔය ඔයෙන්ම. පස්සේ මම දවත් තුනක් තනියම ස්කූල් කිට් එකෙන් ගිහින් කරන දේවලුත් කරලා නාලත් ඇවිත් තියනවා.

පාසල් කාලේ..

අද කියන්නේ යන්නේ මම ඉස්කෝලේ යන කාලේ උන දෙයක් ගැන....මේක උනේ මට මතක විදියට මම දහය වසරේ වගේ ඉන්න කොට... දන්නවනේ ඉතින් ක්‍රීඩා උත්සවය (සපෝර්ට් මීට්) තියන කාලේ කරන පිස්සු වැඩ ගැන...
අපේ ඉස්කෝලේ ක්‍රීඩා උත්සවය දවසත් ආවා... ඔන්න ඉතින් අපි උදේම සෙට් වෙලා.... කලින් කතාකරගත්ත විදියට පොඩි අඩියක් ගහල ක්‍රීඩා උත්සවය බලන්න යන්න තමයි හිටියේ...... කොහොමහරි සල්ලිත් එකතුකරලා.... ගල් බෝතල් දෙකකුත් අරන් අනිත් දේවලුත් අරන් වැඩේට සෙට් උනා කියමුකෝ....
 
බෝතලේ කියල දුම්රිය ස්ථානයක් තියනවා ඔයාල දන්නවා ඇතිනේ.. දුම්රිය ස්ථානය අනිත් පැත්තේ තියෙන්නේ ලොකු කැලෑවක්...අපිත් සුපුරුදු පරිදි ඔය ස්ථානයට ගියා උදේ එකොළහට විතර.... අපේ සෙට් එකේ හිටියේ 10ක් විතර..තුන් දෙනෙක් විතර බිව්වේ නෑ කියලා මතකයි...
ඔන්න ඉතින් බයිට් එහෙම දිගෑරල අරන් වැඩේට සෙට් උනා....බෝතල් එක හමාරක් විතර ඉවර වෙනකොට අපේ දෙන්නෙකුට හොදටම බඩු....දැන් මොකද කරන්නේ....මුන් දෙන්නව අරන් යන්නත් බෑ... දාල යන්නත් බෑ.... අපිටත් කරන්න දෙයක් නැති නිසා හිමිහිට ඉතිරි ටිකත් ඉවර කලා...  එක ඉවර වෙලා බලනකොට අරුන් දෙන්න හොදටම නිදි ස්කූල් කිට් එක පිටින්ම.. දැන් ඉතින් මුන්ට මේ ඇදුම් අදින්න බැරි වෙනවනේ.. අපේ එකෙක් දෙන්නගෙම ෂර්ට් කලිසන් ගලවලා ගහකින් දැම්මා....

 
මාර අප්සෙට් එක.....මුන් දෙන්න නැගිටින්නෙම නැනේ...අපි 4.30 විතර වෙනකල් බැලුවා... නැගිට්ටේ නෑ..බලෙන්ම වගේ නැගිට්ටවලා ඒ ලගම තිබුණා පොඩි ඇලක්...එකෙන් නැව්වා..... නාවල ඇදුම් ඇඳගෙන ඉස්කෝලෙට යද්දී 6.45 ට 7 ට වගේ මට මතක...ක්‍රීඩා උත්සවේ ඉවර වෙලා... අපිත් ඉතින් මොකද කරන්නේ... ටිකක් වෙලා ඉඳල ගෙදර ගියා....

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...