නිර්මලරාජන්ගේ අම්මා...


ආත්මය මිලානව තිබිණි
මම නිමල්ගේ අම්මාට ලියුමක් ලිවීමි
"කිසිදාක දැක නැති
දයාබර අම්මේ,
ඔබ දැක ගන්න එන්නවත්
මුන් අපට ඉඩ දෙන්නෑ

අම්මාවරුන්වත් මෙහෙ වුන් හඳුනන්නෑ
දරුකම කියන දේවත් මේ 
කිසි කෙනෙක් දන්නෑ"

ඈ හැරෙන තැපෑලෙන් 
මා අමතා තිබුණා ය
"පුතේ උඹේ අත් අකුරු
නිමල්ගෙ අත් අකුරු වගේමයි
උඹ බලන්නත් ආසයි"

ඇගේ ලිපියෙන්
මගේ ආත්මය යළි වරක් විකසිත විය

සියලු බැරියර් බිඳගෙන 
මම ඈ දකින්නට ගියෙමි

ඉරි තැලුන දෙපා සිම්ඹෙමි
"අම්මේ ඔබේ දෙපා
අපේ අම්මගෙ දෙපා වගේමයි"

ඇය නැඹුරු වී 
ස්නේහයේ සුරතින්  
මහිස පිරිමැද්දා ය
"පුතේ නුඹේ හිස  
නිමල්ගෙ හිස වගේමයි"

මම සීරුවෙන්
ඈ අභියස සිට ගතිමි
"අම්මේ ඔබේ සුරත
අපෙ අම්මගෙ සුරත වගේමයි"
ඇය නොසෙල්වී
නෙතු පියන් නොහොල්ලා
මා දෙසම බලා උන්නා ය

මම සිනාසීමට යත්න දැරීමි
"පුතේ නුඹේ සිනහව
නිමල්ගේ සිනහව වගේමයි"

ඉක්බිති
ඈ දෙනෙත් අභියෙන් 
සිහින් දිය දහරක් ගලා හැලිණ

"අම්මේ ගිය කඳුළු
අපේ අම්මගෙ කඳුළු වගෙමයි"


------------------------------------------------------------------------------------------------------------------------------------

ප. ලි. - මටත් බ්ලොග් එකක් තිබුණා නේද කියලා මතක් වුනේ අද උදේ. දෙයියනේ කියලා වැඩ ටික ඉවර කරලා බස් එක පැත්තෙ කරක් ගහනකොට තමයි මතක් වුනේ. ලියන්න කියලා දෙයක් ඔලුවට ආවෙ නැති වුනත් මොනවා හරි ටිකක් කොටලා යන්න කියලා ආවේ. ආයෙ කවදා මේ පැත්තට එන්න වෙයිද දන්නෙ නැති නිසා.

8 අදහස්:

දුකා said...

ඉඳලා ඉඳලා හරි ලිව්වත් . . අපූරු නිසදැසක් ලියලා ගිහින් තියෙන්නේ . . .

දිල් said...

මොන තරමක් සංවේදීව ලියලා තියෙනවාද කියනවානම්...මගෙ ඇස් දෙකට කඳුළු පිරුනා....

කියන්න වචන නෑ සහෝ...උපරිමයි...

Kasun said...

මම මේ වගේ කවියක් මීට ඉස්සර කියවල තියෙනවා වගේ. මේක මංජුල වෙඩිවර්ධන ලියපු කවියක් නේද? එහෙම නැත්නම්....???

සිතුවිලි නිහඬයි said...

හරිම සංවේදියි අයියේ.....

Dinesh said...

අපූරු නිසදැසක් යාළුවා.. හරිම සංවේදීව ලියලා තියෙනවා...

නචියා said...

@ දුකා
ගොඩක් ස්තුතියි දුකා අයියා. වැඩත් එක්ක බ්ලොග් එක ලියන එක හරිම අමාරුවෙන් කරන්නෙ,,,,

@ දිල්
ඇත්තටම දිල්, ඒත් සමහර අයට මේ ටික තෙරෙන්නෙ නැති එක ගැන තමයි දුක..

@ kasun
එහෙම නම් දන්නෙ නෑ මචෝ. අනික ඉතින් අම්මා ගැන ලියපු කවි ගොඩක් තියනවනේ..

@ සිතුවිලි නිහඬයි
ඔව් නංගි, අම්මා ගැනනේ ඒකයි හේතුව

@ Dinesh
ගොඩක් ස්තුතියි යාළුවා මේ පැත්තෙ ආවට....

Observer said...

මං කවි කියවන්න හරි හොරය්, ඒ වුනත් මේ නිසඳස නං හිතට ඇල්ලුව.

නචියා said...

@ Observer
තැංකූ ඔබා මාමේ. ගොඩක් ස්තුතියි මේ පැත්තෙ ආවට...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...