පසුගිය 26 වන දින පැවති පකිස්තානයත් ශ්‍රී ලංකාවත් අතර තරගය පරාජයට පත්වුයේ උපනායක මහේල ජයවර්ධනත් තුන් ඉරියව් ක්‍රීඩක තිලාන් සමරවීරත් මුදල් මත තරගය පාවා දුන් නිසා බැව් ස්වාදීන රුපවාහිනියේ ප්‍රවෘත්ති විකාශයෙන් පසුව ඉදිරිපත් කරන "විමසුම" දේශපාලන වැඩසටහනින් ඊයේ විකාශය විය.

ජනාධිපති උපදේශක මහින්ද අබේසුන්දර විසින් පිටපත සකසන, රාජ්‍ය මාධ්‍යයක විකාශය වන "විමසුම" වැඩසටහම මගින් කරන ලද මෙම ප්‍රකාශය මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන්ට කරන ලද බරපතල අපහාසයක් බව ක්‍රීඩා විචාරකයෝ පවසති. මෙමගින් ක්‍රීඩකයන්ගේ මානසික තත්වයන් පහල වැටෙන්නා සේම ජාත්‍යන්තර අපවාදයකට ලක්විය හැකි බවද පවසන ඔවුහු ක්‍රීඩාව දේශපාලනීකරණය වීමේ දුර්විපකයක් බවද පවසති...

ඊයේ විකාශය වූ "විමසුම" වැඩසටහනේ වීඩියෝ දර්ශන පහත දැක්වේ...

ගුණකථනය

අද කියන්න යන්නේ ටිකක් වෙනස් කතාවක්.... ඒ ගුණකථන ගැන.... ගුණකථන කිව්වම අපි දන්නවනේ ඉතින් මල ගෙදරක මිනිය ගෙදරින් එලියට ගන්න කලින් මියගිය අයගේ චරිතය ගැන, කරපු වැඩ ගැන බොරුත් එක්ක කියන එකනේ.. ඇත්තම කියන අයත් ඉතින් නැතුවම නෙවේ...ගම් වලනම් ඉතින් ඒකටම කියලා තෝරගත්ත අය ඉන්නවනේ....

මේ කතාව වෙන්නේ මාතර පැත්තේ.....අපේ කතාවේ නායකයත් ඔන්න යනවා ඉතින් මල ගෙදරක අවසන් කටයුත්තක ගුණකථනය කරන්න....මැරිලා ඉන්න මිනිහ පණපිටින් ඉද්දි දැකලවත් නැතිලු ඔන්.... එත් ඉතින් කතාවට ආරාධනයක් ලැබුන නිසා මල ගෙදරට ගියාලු අවසාන කටයුත් කරන වෙලාව අල්ලලා. ඉතින් ඔහොම ඉන්න ගමන් ටිකක් විපරම් කරලා බැලුවාලු මැරිලා ඉන්න කෙනා මොනාද කලේ.... කින්ද මන්ද කියලා....ගම ගැන විස්තර දාන්න වගේ පෙනෙන තලත්තැනී පොරක් ලගට කිට්ටු කරලා ඇහුවලු මැරිච්ච කෙනා මොනාද කලේ කියලා... අර පොර ගත් කටටම කිව්වලු... ඇයි දන්නේ නෙද්ද ඒ අපේ වෙද මහත්තයනේ කියලා...දැන් අපේ කතානායකට මාර ෆිට්ලු...වේද මහත්තයෙක් ගැන ඉතින් මොනාද කියන්න බැරි....

කොහොමහරි දැන් මිනිහගේ කතාවට වෙලාව ආවලු.....

අවමංගල සභාවෙන් අවසර එහෙම අරගෙන දැන් කතාව කරගෙන යනවලු. මේ අපේ නැතිවෙලා ඉන්න වෙද මහත්තය ගමට ලොකු සේවයක් කරපු කෙනෙක්... දැන් මේ ගමේ අයට විසාල පාඩුවක් තමයි වෙද මහත්තය නැති ඒක... කියලා ඉතින් බොරු කියන ගමන් මෙහෙම කිව්වලු....මට මතකයි අපේ තාත්තට හොදටම අමාරු වෙලා හිටිය වෙලාවේ මේ වෙද මහත්තය තමයි අපේ තාත්තගේ ජීවිතේ බේරලා දුන්නේ...ඒ වගේ කී දෙනෙකුගේ ජිවිත මේ වේද මහත්තයා බේරලා තියනවද ...

ගමේ මිනිස්සු උඩ බිම බලනවලු මොනවද මේ කියන්නේ කියලා....මොකද දන්නවද මැරිලා තියෙන්නේ ඒ ගම්පලාතටම හිටිය හරක්ට වෙදකම් කරන වෙද මහත්තයා.....  

තෙමෙනවා...


ඉඩෝර වලට අහු වෙලා.... ඉරි තැලිලා තිබුණු හිත....
තෙමුවේ නුබයි......
වෙන කාටත් වඩා...... උඹ මට ලං උනා යයි හැගේ මට.....
මේක තමා ආදරය .... නුඹයි මට ආදරය කියලා දුන්නේ...
කලින් අවේ නියග ව්තරමයි.... දැන් නම් මොරසුරන වැස්ස...
ආසයි ඒ වැස්සේ තෙමෙන්න සදහට .. පොඩි බයකුත් නැතුව නෙවේ ...

ආයේම ඉඩෝරය ඒවිද...

තෙමෙන හිතක්......


පාසල් කාලේ..

අද කියන්නේ යන්නේ මම ඉස්කෝලේ යන කාලේ උන දෙයක් ගැන....මේක උනේ මට මතක විදියට මම දහය වසරේ වගේ ඉන්න කොට... දන්නවනේ ඉතින් ක්‍රීඩා උත්සවය (සපෝර්ට් මීට්) තියන කාලේ කරන පිස්සු වැඩ ගැන...
අපේ ඉස්කෝලේ ක්‍රීඩා උත්සවය දවසත් ආවා... ඔන්න ඉතින් අපි උදේම සෙට් වෙලා.... කලින් කතාකරගත්ත විදියට පොඩි අඩියක් ගහල ක්‍රීඩා උත්සවය බලන්න යන්න තමයි හිටියේ...... කොහොමහරි සල්ලිත් එකතුකරලා.... ගල් බෝතල් දෙකකුත් අරන් අනිත් දේවලුත් අරන් වැඩේට සෙට් උනා කියමුකෝ....
 
බෝතලේ කියල දුම්රිය ස්ථානයක් තියනවා ඔයාල දන්නවා ඇතිනේ.. දුම්රිය ස්ථානය අනිත් පැත්තේ තියෙන්නේ ලොකු කැලෑවක්...අපිත් සුපුරුදු පරිදි ඔය ස්ථානයට ගියා උදේ එකොළහට විතර.... අපේ සෙට් එකේ හිටියේ 10ක් විතර..තුන් දෙනෙක් විතර බිව්වේ නෑ කියලා මතකයි...
ඔන්න ඉතින් බයිට් එහෙම දිගෑරල අරන් වැඩේට සෙට් උනා....බෝතල් එක හමාරක් විතර ඉවර වෙනකොට අපේ දෙන්නෙකුට හොදටම බඩු....දැන් මොකද කරන්නේ....මුන් දෙන්නව අරන් යන්නත් බෑ... දාල යන්නත් බෑ.... අපිටත් කරන්න දෙයක් නැති නිසා හිමිහිට ඉතිරි ටිකත් ඉවර කලා...  එක ඉවර වෙලා බලනකොට අරුන් දෙන්න හොදටම නිදි ස්කූල් කිට් එක පිටින්ම.. දැන් ඉතින් මුන්ට මේ ඇදුම් අදින්න බැරි වෙනවනේ.. අපේ එකෙක් දෙන්නගෙම ෂර්ට් කලිසන් ගලවලා ගහකින් දැම්මා....

 
මාර අප්සෙට් එක.....මුන් දෙන්න නැගිටින්නෙම නැනේ...අපි 4.30 විතර වෙනකල් බැලුවා... නැගිට්ටේ නෑ..බලෙන්ම වගේ නැගිට්ටවලා ඒ ලගම තිබුණා පොඩි ඇලක්...එකෙන් නැව්වා..... නාවල ඇදුම් ඇඳගෙන ඉස්කෝලෙට යද්දී 6.45 7 ට වගේ මට මතක...ක්‍රීඩා උත්සවේ ඉවර වෙලා... අපිත් ඉතින් මොකද කරන්නේ... ටිකක් වෙලා ඉඳල ගෙදර ගියා....

මේ සින්දුව නම් ගොඩ දෙනෙක් අහලා ඇති මම හිතන්නේ... සමහර විට ඔබ මේක දකින්න ඇති.... එත් මේ නොදැක්ක අය වෙනුවෙන්...

හන්තානට පායන හඳ
ලස්සනයිද කියන්න....
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දකින්න....

අඳුරු ලලා වහිනා කල
සරසවිබිම තෙමෙන්න...
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න.....

ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න......
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න....

පද රචනය - ධම්මික  බණ්ඩාර
සංගීතය - ඩැනිස්ටර් පෙරේරා
ගායනය - අමරසිරි පිරිස්

පේරාදෙණිය සරසවි බිම.... හන්තාන කඳු බිම....එහි තුරු වැල්...කතා කරන්න පුළුවන් නම් පෙම්වතුන් ගැන... ආදරය ගැන කෙතරම් අත්දැකීම් පවසාවිද...හන්තානේ පා සටහන් නොතැබූ පෙම්වතුන් යුවලක් පේරාදෙණිය සරසවියෙන් සොයා ගත හැකිද...
පේරාදෙණිය ගැන, හන්තාන ගැන ගී ලියන්න කවි ලියන්න පෙරුම් පුරන අය කොතරම්ද...... එවන් නිර්මාණකරුවන් අතින් බිහිවන කවි ගී වල සුන්දරත්වය ගැන කවර කතාද....
අද අපි කතා කරන්නෙත් ඒ විදියට කාලාන්තරයක් තිස්සේ පෙරුම් පුරලා.... බිහිකළ නිර්මාණයක් ගැන. දම්මික බණ්ඩාර "හන්තානට පායන හඳ" ගැන ලියූ පද රචකයා.
මම ඉගෙන ගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ. එත් මගේ මිතුරන් හිටියා පේරාදෙණියේ. නවසිය අනුවේදී විතර නිවාඩුවට මම යනවා පේරාදෙණියට. ඒ පරිසරය හරිම සුන්දරයි. මට හිතුණා පේරාදෙණිය ගැන සින්දුවක් ලියන්න. එත් කවදාවත් ඒක ලියැවුණේ නෑ.
පසුව මම ගුරුවරයෙක් උණා. මගේ උසස් පෙළ පන්තියේ මම දවසක් දැක්කා සිසුවෙක් සහ සිසුවියක් අතරේ පෙම් සබදතාවක් මෝරනවා. මම කරබාගෙන හිටියා.
මේ සිසුවිය ඒ තුනක් අරගෙන පේරාදෙණියට ගියා. එත් කොල්ලට යන්න බැරි වුනා. වසර ගණනාවකට පස්සේ දවසක් මට මේ තරුණයා හමුවුණා. කෝ උඹත් එක්ක ඒ කාලේ එකට බත් කාපු කෙල්ල කියා මම ඇහුවා. නෑ සර්... ඒක ඉවරයි. එයා කැම්පස් ගියා.  එයාට දුර ගමනක් තියනවානේ. පේරාදෙණියට ගියාම එයා කොතරම් සුන්දර දේවල් දකිනවද.... ඒ සුන්දරත්වය මා නිසා විදින්න බැරිවේවි. ඒ නිසා ලියුම් ගණනාවක් ලියලා මම අයින් වුණා. එත් එයා නම් කැමති වුණේ නැහැ. ඒ තරුණයා මට කිව්වා. මම කල්පනා කළා මෙයා අමුතු විදියට හිතපු ළමයෙක්. ඉතින් අවුරුදු ගණනාවකට කලින් මගේ හිතේ තිබුණු පේරාදෙණිය ගැන ලියන්න ඕන සින්දුව ලියැවුණා. ඒ ධම්මික ගීතයේ නිමිත්ත ගැන කල සදහන.
ගීතය ගැන එහි අරුත ගැනත් ධම්මික කතා කළා. දැන් ඇය ඉන්නේ පේරාදෙණිය සරසවි බිමේ. එබීමට හන්තාන හොඳට පෙනෙනවා. සුන්දරම දසුන තමයි හන්තානට හඳ පායන අවස්ථාව. එත් ඒ පුර හඳ මට දකින්න බැහැ. එය ඔබට දැකිය හැකියි. 
සරසවි බිමේදී ඇය දකින බොහෝ සුන්දර දසුන් දකින්න ඔහුට වරම් නැහැ.


අඳුරු ලලා වහිනා කල
සරසවිබිම තෙමෙන්න...
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න..... 


ඔහු සරසවි නොගියත් එහි ජිවිත ගතවන ආකාරය ගැන මනා අවබෝධයක් තිබෙන තරුණයෙක්.

පේරාදෙණිය සරසවි බිමට හිරිපොද වැස්ස අලුත් දෙයක් නොවේ.මේ ඒ වැස්ස පතිත වන්නේ අඳුරත් කැන්දා එමින්. ඉතින් සරසවි ප්‍රේමාතුරයන් එක කුඩේ යටින් තුරුළු වෙලා යද්දී... ඈ යන්නේ කුඩේ යටින් තනිවයි. ඒ ඇයගේ පෙම්වතා ඉන්නේ ගමේ. එත් කැමති කෙනෙක් ඉන්නවනම් කුඩේ යටට ගත්තාට කමක් නැහැ කියා ඔහු ඇයට පවසනවා. කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න...කියා ඔහු කියන්නේ ඒ නිසායි.

ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න......
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න....


ඔහු ආත්මාර්ථකාමියෙක් නොවේ. ආදරය කැපකළ අහිංසක සුන්දර පෙම්වතෙක්.
සරසවි බිමේ හැම තුරු වදුලක් යටම ආදරවන්තයන් පෙම් බස් දොඩන දසුන....විශ්වවිද්‍යාල ජීවිතය හඳුනන ඕනෑම අයෙකු අත් විදින්නක්. මේ තුරු වදුලු පසුකරන් යද්දී ඒ ගහකොළ ඇයට අත වනනවා. ලතා මඩුළු සෙවනට එන්න කියා... එත් ඒ තනිවම නොවේ...ඇතැම් විට සරසවියේ ඇයගේ ප්‍රේමය ඉල්ලා සිටින තරුණයෙක් වෙන්න ඇති. එත් ඇය හිතන්නේ ගමේ පෙම්වතා ගැන. එපා මා ගැන හිතන්න එපා. සරසවි බිමේ සුන්දරත්වය ඔයා විදින්න. අපි දෙදෙනාගේ ආදරය ගැන අමතක කරලා දාන්න. කිසිදාක ඒ මතකය යලි.... නොවන ලෙසට. මේ ත්‍යාගශීලි පෙම්වතා අවසානයේ ඇයගෙන් ඉල්ලා සිටිනවා.


තරුණයෙක් තමන්ගේ ප්‍රේමවන්තිය දෙස උපේක්ෂාවෙන් බලනවා. සරසවියට යන්න තමන්ට නොහැකි වුණත් අහි සුන්දරත්වය විඳින්න ප්‍රේමවන්තියට ඉඩ දෙනවා. මෙය අහිමි ආදරයක් ගැන කියැවෙන සුන්දර ගීතයක්. ඒ අදහස අමරසිරි පිරිස් ප්‍රවීන ශිල්පියාගේ.
ප්‍රේමයේ පරිත්‍යාගය ගැන ලියැවුන ගැඹුරු ගීයක් තමන් මින් පෙර රස විඳ නැතැයි සංගීතය යෙදු ඩැනිස්ටර් පෙරේරා ශිල්පිය ප්‍රකාශ කළා. මේ සදහා මුලිකව යොදා ගත්තේ බටහිර සංගීතය බවත්, හන්තානේ සුන්දරත්වය වඩාත් තීව්‍ර කිරීම සදහා සෙක්සපෝනය යොදාගත් බවත් ඔහු පැවසුවා.
අසන ඕනෑම අයකුට අපුර්ව මිහිරක් විඳිය හැකි පද මාලාවක්, හඬක් සහ සංගීත නාදයක් මේ ගීයේ තියනවා. මදකට දෙනෙත් පියාගෙන මේ ගීතය රස විඳින්න.... මනසේ ඇඳෙන සිතුවම කොතරම් සුන්දරද....

අජිත් අලහකෝන්


ප. ලි. - ඊ මේල් මගින් තමයි මේක මට ලැබුනේ. මම හිතන්නේ මොකක් හරි පත්තරයක ගිය එකක් වෙන්න ඕනේ. මේවා ගොඩ දෙනෙක්ට දකින්න ලැබෙන්නේ නෑ. ඒක නිසාමයි මහන්සියත් නොබලා ටයිප් කලේ..... 

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...