ගුණකථනය

අද කියන්න යන්නේ ටිකක් වෙනස් කතාවක්.... ඒ ගුණකථන ගැන.... ගුණකථන කිව්වම අපි දන්නවනේ ඉතින් මල ගෙදරක මිනිය ගෙදරින් එලියට ගන්න කලින් මියගිය අයගේ චරිතය ගැන, කරපු වැඩ ගැන බොරුත් එක්ක කියන එකනේ.. ඇත්තම කියන අයත් ඉතින් නැතුවම නෙවේ...ගම් වලනම් ඉතින් ඒකටම කියලා තෝරගත්ත අය ඉන්නවනේ....

මේ කතාව වෙන්නේ මාතර පැත්තේ.....අපේ කතාවේ නායකයත් ඔන්න යනවා ඉතින් මල ගෙදරක අවසන් කටයුත්තක ගුණකථනය කරන්න....මැරිලා ඉන්න මිනිහ පණපිටින් ඉද්දි දැකලවත් නැතිලු ඔන්.... එත් ඉතින් කතාවට ආරාධනයක් ලැබුන නිසා මල ගෙදරට ගියාලු අවසාන කටයුත් කරන වෙලාව අල්ලලා. ඉතින් ඔහොම ඉන්න ගමන් ටිකක් විපරම් කරලා බැලුවාලු මැරිලා ඉන්න කෙනා මොනාද කලේ.... කින්ද මන්ද කියලා....ගම ගැන විස්තර දාන්න වගේ පෙනෙන තලත්තැනී පොරක් ලගට කිට්ටු කරලා ඇහුවලු මැරිච්ච කෙනා මොනාද කලේ කියලා... අර පොර ගත් කටටම කිව්වලු... ඇයි දන්නේ නෙද්ද ඒ අපේ වෙද මහත්තයනේ කියලා...දැන් අපේ කතානායකට මාර ෆිට්ලු...වේද මහත්තයෙක් ගැන ඉතින් මොනාද කියන්න බැරි....

කොහොමහරි දැන් මිනිහගේ කතාවට වෙලාව ආවලු.....

අවමංගල සභාවෙන් අවසර එහෙම අරගෙන දැන් කතාව කරගෙන යනවලු. මේ අපේ නැතිවෙලා ඉන්න වෙද මහත්තය ගමට ලොකු සේවයක් කරපු කෙනෙක්... දැන් මේ ගමේ අයට විසාල පාඩුවක් තමයි වෙද මහත්තය නැති ඒක... කියලා ඉතින් බොරු කියන ගමන් මෙහෙම කිව්වලු....මට මතකයි අපේ තාත්තට හොදටම අමාරු වෙලා හිටිය වෙලාවේ මේ වෙද මහත්තය තමයි අපේ තාත්තගේ ජීවිතේ බේරලා දුන්නේ...ඒ වගේ කී දෙනෙකුගේ ජිවිත මේ වේද මහත්තයා බේරලා තියනවද ...

ගමේ මිනිස්සු උඩ බිම බලනවලු මොනවද මේ කියන්නේ කියලා....මොකද දන්නවද මැරිලා තියෙන්නේ ඒ ගම්පලාතටම හිටිය හරක්ට වෙදකම් කරන වෙද මහත්තයා.....  

3 අදහස්:

Anonymous said...

ඔය වගේ මිනිස්සු හෑම තෑනම ඉන්නවා...... හොද වඩේ....

හිස් අහස said...

හුටා .. කතා නායකයගේ තාත්ත දන්නවනම් මරාගෙන මැරෙනවා ! එල එල

හිස් අහස said...

කතා නායකයගේ අප්පච්චිට මරාගෙන මැරෙන්න හිතුනේ නැතුව ඇති නේද ?

...

මේ Word Verification අයින් කරන්න කමෙන්ට් කරන්න පුදුම අමාරුයි

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...