මගේ හොදම දවස...

අද කියන්න යන්නේ ගිය සිකුරාදා මට වුන දෙයක් ගැනයි. කීපදෙනෙක් නම් දන්නවා මම මීට මාස දෙකකට කලින් ගත්ත මගේ අලුත්ම කම්පියුටර් එකේ ලෙඩක් ඇවිත් පහු ගිය දවස් ටිකේම එහෙ මෙහෙ දිව්වා ඒක ගොඩ දා ගන්න. විශේෂයෙන්ම උදව් කරන්න වෙහෙසුන මගේ මතක ලියන ප්‍රියන්ත අයියාට බොහොම ස්තුතියි.

ආයෙමත් CPU එක උස්සගෙන යන්න උණා කොල්ලුපිටියට. මොකද warranty තියන නිසා වෙන තැනකින් හදන්නත් බෑනේ. සිකුරාදා නිවාඩුවක් දාලා වැඩේට සෙට් වුනා. ගෙවල් ළග මල්ලි කෙනෙකුත් කතා කරගෙන උදේ 8 ට විතර ගෙදරින් පිටත් උණා. කෝච්චියෙ තමයි යන්න ලේසි. ඉතින් උදේ 9 ට විතර තියන මාතර කෝච්චිය අල්ල ගන්න අපි ස්ටේෂන් එකට ආවා වෙලාවටත් කලින්. මාතර කෝච්චිය විනාඩි 20ක් පරක්කුයි. ඒත් කමක් නෑ කියලා හිටියා. එදා පොසොන් පෝය ඉවර වෙලා දෙවෙනි දවසනේ. අනුරාධපුරේ ඉදලා එන සෙනග පිරිලා ඒ කෝච්චියේ. ඒකට නගින්නවත් බෑ. කමක් නෑ. ඒ වෙලාවට එන්න තියන මන්දගාමි කොච්චියෙම යනවා කියලා හිත හදාගෙන හිටියා. අනේ ටිකකින් කිව්වා ඒ කෝච්චිය විනාඩි 45 ක් පරක්කුයි කියලා.

මොනවා කරන්නද මට හිතුනා අද මගේ වැඩේ කොහොමත් කරගන්න බැරි වෙයි කියලා. අන්නතිමට 10 30 ත් පහුවෙලා කෝච්චිය අවේ. කොටුවට එනකොට 12 30 ත් පහුවෙලා. කරන්න දෙයක් නෑ. නැග්ග මොරටුව බස් එකකට. කොල්ලුපිටිය හංදියට ටිකට් ගත්තා අපි දෙන්නටම. ඒත් බහින්න වෙන්නේ බම්බලපිටිය හංදියෙන්නේ. පාර  වන් වේ කරලා නිසා. වෙලාව 1 ට විතර ඇති. මම කතා කලා ස‍ර්විස් සෙන්ටර් එකට. "අද සිකුරාදනේ. ෂොප් එක 12 ඉදලා 2 30 වෙනකල් වහලා. පල්ලි යන දවසනේ. 2 30 ට එන්න" කියලා කිව්වා. මොනවා කරන්නද් ඉතින්. දැන් නම් බඩගිනිත් එක්ක. එතනම තිබුන කඩේකට ගියා කෑම කන්න කියලා. මාර සීන් එක පර්ස් එකේ තියෙන්නේ රුපියල් 200යි. සල්ල ගන්න යන්න වෙනවා ඒටීඑම් එකකට. ඒකට මීටර් 500 ක් විතර යන්න ඕනේ.

කඩේ ලග හිටියා වයස අවුරුදු 45 ක 50 ක විතර මනුස්සයෙක් සිගරැට් එකක් බිබී. මම එයාගෙන් ඇහුවා ඒටීඑම් එක තියන තැන. "ටිකක් දුරයි පුතා. ඕකත් උස්සන් යන්න බෑනෙ. එන්න මාත් එක්ක යන්" කියලා අපිට ඉදිරියෙන් නවත්තලා තිබුණ මොන්ටේරෝ එක පෙන්නුවා. මට පොඩ්ඩක් භය හිතුනත් ඕන එකෙක් කියලා නැග්ගා ඉස්සරහින්. අර මල්ලි පිටිපස්සෙන් නැග්ගා. විස්තර කතා කරන අතර විනාඩි 10 කට විතර පස්සේ ඒටීඑම් එක ලගට ආවා. "පුතා සල්ලි අරගෙන එන්න. ආපහු අතෙන්ටම දාන්නම්" කියලා කිව්වේ අපි බහින්න හදද්දිමයි. මම ගිහින් සල්ලි අරගෙන ආවා. කියපෞ විදියටම වටයක් ගිහින් අර කඩේ ලගින්ම අපිව බස්සලා ගියා. මට පුදුම හිතුනා මෙහෙම මිනිස්සුද මේ ලොකු වාහන වල යන්නේ කිය්ලා. මම ඇදුමට පැළදුමට, ඉඩ කඩම්, යාන වාහන, සල්ලි තියන මනුස්සකම නැති කිසිම මිනිහෙකුට මෙතෙක් කල් මහත්තයා කියලා නෑ. ඒත් ඒ මහත්තයාට මට නොකියා ඉන්න බැරි උණා. "ගොඩාක් ස්තුතියි මහත්තයා" කියලා අපි වාහනෙන් බැහැලා කඩේට ගියා දවල්ට කෑම කන්න.

කෑම කාලා ඉවර වෙලා සර්විස් සෙන්ටර් එකට ගිහින් හිටියා 2 30 වෙනකල්. ඔන්න ෂොප් එක ඇරියා. මමත් ඇතුලට ගිහින් CPU එක බාරදුන්න. ටික වෙලාවකින් බාරගත්ත කෙනා ඇවිත් කිව්වේ බෝඩ් එකේ වගේ ලෙඩේ තියෙන්නේ අද චෙක් කරන්න විදියක් නෑ. හෙට චෙක් කරලා කෝල් එකක් දෙන්නම්. අනේ මොනවා කරන්නද ඉතින්. ඒකත් තියලා අපි දෙන්නා ගෙදර එන්න හැරුනා ආයෙත් මේ කට්ට කන බලාපොරොත්තුවෙන්ම. ඒ ආයෙත් මේක ගෙනියන්න එන දවසට. ඔන්න ඔහොමයි එදා දවස ගෙවුනේ.

8 අදහස්:

පූසා said...

ඔය වගේ හොඳ මිනිස්සු හිටියට පරිස්ස්සමෙන්! තනියම යන වෙලාවටනම් නඟින්න එපා. දවසක් මගේ යාළුවෙක්ට මරු වැඩක් වෙලා තිබ්බා ;)

Amila Chathuranga said...

පූසා කිව් කතාව සත්‍ය වේ යටිතල පහසුකම් ගන්නට උදව් කරන්නෝද හිඟ නොවතේ...

මකුළුවා..... said...

ඕනවට වඩා හිතවත්කම් පෙන්නන්න යන අය ගැන පොඩ්ඩක් සැලකිලිමත්‍ වෙන්න....තනියම යද්දී නම් කිසිවෙලේක ඔය වැඩේ කරන්න එපා.

Anonymous said...

හම්මෝ... පරෙස්සමින් ඔයවගේ වෙලාවට.. දෙන්නටම ගහල සල්ලිත් අරන් මනුස්සය මාරු උනානං තමා වැඩේ.. ඔයාලගෙ වෙලාවට හොද කෙනෙක් වෙන්නැති හම්බවුනේ.. ඔහොම හැමෝම විස්වාසකරන්න එපා සහෝ..

මාරයාගේ හෝරාව said...

අපිට වෙලා තියෙන්නේ බං..සිද්ධ වෙන දේවල් ඇහැවුවාම මිනිහෙකුට උදව්වක් කරන්නත් බය හිතෙන එකයි...
මටනං මොන්ටේරෝ නැහැ..මං ගන්නෙත් නැහැ..(සල්ලි නැති එක වෙනම කතාවක් හරිද..?0
ඒත් අදටත් බස් දුවන්නේ නැති පාරක කවුරු හරි පයින් යනකොට පාරේ පොලෝසියෙන් නැහැ කියලා හිතෙනවනං අනිවා නවත්තලා කතා කරලා දාගෙන යනවා. මොකද බං මට තාම මතකයි මං ඉස්සර අපේ ගෙවල් පාරේ හැතැම්ම දෙක බයිස්කල් කට්ට කැඩුන දවස්වලට උදේ හවස පයින් අදින හැටි..ඒක මතක තියෙනකල් මට තව එකෙක් පාර දිගේ පයින් යද්දී මට විතරක් ඇරලා දාලා යන්න හිතෙන්නේ නැහැ.

සමහර විට ඔය කියන බුවත් මොනවා හරි ඒහෙම අත්දැකීමක් තියෙන එකෙක් වෙන්න පුළුවන්..අනික දෙන්නෙක්ම ඉද්දී එහෙම නැත්තං කතා කරන්නේ නැහැනේ...

මොනවා කොරන්නද..මිනිස්සුම තමා හැම දේම හදන්නෙත් නසන්නෙත්...

සිතුවිලි නිහඬයි said...

තනියම යන වෙලාවක නම් ඔහොම යන්න එපා අයියා.....කොහොම නමුත් හොද මහත්තයෙක් වෙන්න ඇති....දැන් කොම්පිතරේ හරිද

නචියා said...

@ පූසා
දෙන්නෙක් හිටියනේ බන් ඒකයි නැග්ගේ. ඒ වගේ දේවල් ඕන තරම් තියනවා බන් අහන්න දකින්න ලැබෙන.
.....................................

@ indi
අනිවා... ඕන තරම් ඉන්නවා.
.....................................

@ මකුළුවා.....
සිරාවටම. තනියම හිටියනම් කීයටවත් නගින්නේ නෑ...
.....................................

@ හිම කුමාරි
ඔව් නේද එහෙම වෙන්නත් පුලුවන්නේ. ඇත්ත හැමෝම විස්වාස කරන්න බෑ තමයි.
.....................................

නචියා said...

@ මාරයා
ඇත්ත තමයි මාරයියේ. මටත් එහෙම වෙලා තියනවා. මමත් එහෙම කට්ට කන කෙනෙක් දැක්කොත් මටත් පුලුවන් විදියට එක්කන් යනවා.

ඒ මහත්තයත් සමහරවිට මාරයියා වගේ කාලෙකට කලින් හොදට කට්ට කාලා ඇති මට හිතෙන්නේ.

හොද මිනිස්සුයි නරක මිනිස්සුයි වෙන් කරගන්න එක තමයි අමාරු....
.....................................

@ සිතුවිලි නිහඬයි
තනියම හිටියනම් යන්නේ නෑ සීනි. සති දෙකක් යනවලු හදන්න. මදර් බෝඩ් ඒකේ ලෙඩක් කියල කම්පැනි දාන්න ඕනේලු. තව දවසක් කට්ට කන්න වෙනවා අප්පා..

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...