මැරෙන්න ගිය දා....

මේක වුනේ මම දහය වසරේ ඉන්න දවස් වල. යත්තල්ගොඩ ස්ටේෂන් එක කිට්ටුව නියම තැනක් තියනවා මා ඔයේ. ගිහින් තියන අය නම් දන්නවා ඇති. ස්වභාව සවුන්දරය පිරිලා ඉතිරිලා යන තැනක්. ඒ දවස් වල එතනට මම තනියම ගිහින් තියනවා දවස් තුනක්. අපේ සෙට් එකේ හිටිය හය දෙනෙක්ගේ විතර විනෝදාංශය වුනේ ඔයට යාම. සතියකට දවස් දෙකක් වත් ස්කූල් කට් කරලා අපි කට්ටියම යනවා ඔයට. උදේ අටට විතර ඔයට ගියාම ආපහු එන්නේ හවස තුනට විතර. එතකල් කරන දේවල් කියන්න ඕනෙ නෑනෙ. අඩු වියදම් දේවල් තමයි ඉතින්. මොකද ඒ දවස් වල ඉතින් සල්ලිත් අතේ නෑනෙ.

මුලදිම අපි ඔයට ගිය දවස් වල අනිවාරයෙන්ම නානව. නාන්න කියාපු තැනක් තියනවා එතන. ඉතින් මේ කියන්න යන්නෙ ඔය වගේ නාන්න ගිය දවසක මට උන දෙයක් ගැන. ඔයට ගිහින් මුලින්ම ඉතින් කරන්නේ උදේට කන එක තමයි. ගෙවල් වලින් ගේන බත් මුල් දෙකක් තුනක් වගේ තමයි හැමදාම තියෙන්නේ. ඉතින් බත් මුල දිග ඇරපු ගමන් හොදම ජාති ටික් අතුරුදහන් වෙනවා. ඉතුරු ටික තමයි කට්ටිය සාමදානව කන්නේ. ඔය වයසට ඕවා ඉතින් සාමාන්‍ය දේවල්නෙ. කෑම කාලා ඉවර වෙලා අනින් දෙවලුත් කරලා දවල් උනාම තමයි කට්ටිය නාන්න සෙට් වෙන්නේ.

සුපුරුදු පරිදි එදා දවල් අපි නාන්න ගත්තා. ඒ දවස් වල මට පීනන්න බෑ. පීනන්න පුරුදු උනේත් ඔය ඔයෙන්ම තමයි පස්සෙ කාලෙක. අපේ සෙට් පීනන්න බැරි මටයි තව එකෙකුටයි විතරයි. ඉතින් අපි දෙන්න වැඩිය දුර යන්නේ නෑ. අනිත් උන් නම් යනවා දුරටම. අපි නාන තැන දූපතක් තියෙන්නෙ. දූපත දෙපැත්තෙන්ම් වතුර ගලාගෙන යනවා. මමයි අනිත් පීනන්න බැරි යාලුවයි දූපත අයිනෙම ඉන්නේ. ඉනටත් ටිකක් උඩින් වතුර ගලාගෙන යනවා. ටිකක් වෙලා ගියාම පීනන්න පුලුවන් සෙට් එක ගෙඩට ආවා. අපි දෙන්න ඉන්න තැනට අඩි 10ක් 15ක් විතර එහයින් කට්ටිය අපි දිහා බලන් ඉන්නවා.

ඉතින් ඔහොම ඉන්න අතරේ මම ගහක මුලක් අල්ලගෙන ටිකක් එහාට ඇවිදන් ගියා. එක පාරටම මට තේරුනා කකුල බිම වදින්නේ නෑ කියලා. එතකොටම අල්ලන් හිටිය මුලත් මට අතෑරුනා. මට තේරෙනවා මාව දැන් ගිලෙන්න යන්නේ කියලා. මට ඒ වෙලාවෙ අම්මයි තාත්තයි මල්ලිවයි මතක් උණා. ඒත් එක්කම ගොඩ ඉන්න මගෙ යාලුවන්ම මම යනවා මචං කියලා අතින් සංඥා කරන්නත් හිතුනා. ඒක කරන්න බැරිවම මාව ගිලුනා. වතුර යට ලස්සන කහ පාටින් දිලිසුනා. මම දගලනවා උඩට යන්න. පලවෙනි පාර උඩ ආවා. මම දැක්කා ඈත තියන කන්දක තිබුන පොල් ගස් තුනක්. ආයෙම යට ගියා. කලින් වගේම වතුර යට ලස්සන කහ පාටින් දිලිසුනා. උඩට එන්න දැගලුවා. දෙවෙනි පාරත් උඩ ආවම දැක්කේ අර කක්දේ තිබුන පොල් ගස් තුනමයි. තුන් වෙනි පාරත් ඒ විදියට වෙලා මාව යට ගියා. හිස්ම ගන්න ටිකක් අමාරුයි කියලා දැනුණා. ඒත එක්කම මට හිතුනා මම ආයේ උඩ එකක් නෑ. මම ඉවරයි තමයි කියලා. එක පාරටම මට අහුවුනා අත්තක්. මම ඒක හයියෙන් අල්ල ගත්තා. මාව ගොඩටම ඇදලා ගත්තා ඒ අත්ත. ඒ අත්ත දාල තියෙන්නේ මාව ගිලෙනවා දැකපු සුමුදු. මම එහෙමම බිම දිගාවුණා. මගේ ඔවුව රිදෙන්න ගත්තා. බඩත් පිරිලා වතුර පෙවිලම.

ඔහොම ඉදලා හවස් වුණාම මට අවුලක් නෑ. වෙනදා වෙලාවටම හවස ගෙදර ගියා. ගෙදර ගියාම මට හිතුනේ මම ගිලිලා මැරුනනම් ගෙදර මොනවගේ තත්වයක් තියෙයිද, මගේ යලුවො ටිකට මොනවා වෙයද කියලා. මම අද මෙතන ඉන්නේ මගේ යාලුවා සුමුදු නිසයි.

මාස තුනක් විතර යනකල් ඔයට ගියාට නාන්න නම් ගියේ නෑ. ඒත් පස්සේ මම පීනන්න පුරුදු වුණා ඔය ඔයෙන්ම. පස්සේ මම දවත් තුනක් තනියම ස්කූල් කිට් එකෙන් ගිහින් කරන දේවලුත් කරලා නාලත් ඇවිත් තියනවා.

8 අදහස්:

පූසා said...

තව පොඩ්ඩෙන් මේ ලිපිය ලියන්න එකෙන් නැති වෙනවා

රත්ගමයා said...

හික් හික්......
බය නොවී හිටු....වෙලාව එනකල් මැරෙන්නේ නෑ....

තිශ් said...

මාත් ගිහින් තියනවා ඔය කියන මා ඔයේ නාන්න.ඒත් මට තාම පීනන්න බෑනේ.. බැරිද පොඩි උපදෙසක් ගන්න.මං කිව්වේ නිකං දුරස්ථ පිහිනුම් පාඨමාලාවක් වගේ එකක්....

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

ඒ කියන්නේ නචියත් ඉස්කොලෙ ගිහින් තියේ :D

තිශ් said...

@ කණී : උඹ දන්නවද වසරකට නචියා ඉස්කෝලේ යාමේ ප්‍රතිශතය කීයද කියල. 29% යි බං.බොරුනම් ගණන් හදල බලපං...

නචියා said...

@ පුසා
සිරාවටම බන්
....................................

@ රත්ගමයා
ඔව් බන්.. දැන් නම් වෙලාව ආවත් අවුලක් නෑ.
....................................

@ තිශ්
උඹට ඊමේල් මගින් පිහිනුම් පාඨමාළාවක් දෙන්නම්.
...................................

@ කණී
ඕ ලෙවල් වෙනකල් හොදට ගියා බන්. ඒ ලෙවල් කරද්දි නම් බොහෝම අඩුවෙන් ගියේ. එකදිගට සති තුන නොගිහින් ඉදලා තියනවා. ඒ ගැන තව පෝස්ට් එකක් ලියන්න පුලුවන්.
...................................

@ තිශ්
ඔයිට වඩා අඩුයි බන්..

මලික් said...

සිරාවටම මචන් අපි ඉස්කොලෙ යන කාලෙ කරපු වැඩ මතක්වෙද්දි හිතෙනව අදත් ජීවත් වෙලා ඉන්න එක හාස්කමක් කියල

නචියා said...

@ මලික්
කියලා වැඩක් නෑ මලිකා. හාස්කමක්ම තමයි..
ස්තුතියි මේ පැත්තේ ඇවිත් සිරා කමෙන්ට් එකක් දැම්මට....

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...