මේ නගරය මා ඔබ
මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ
වෙන් කෙරුණු නගරයයි

වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දලුලනවා
සරසවි බිම කදුරැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැගිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා
ජීවිතයම සිහිනයකැයි කියා සිතෙනවා

සරසවියේ ගෙවන ජීවිතය... කටුකයි තමයි.. ඒත් ඒ කටුකත්වයට එහා ගිය සුන්දර බව... ජීවිතයට ගෙන දෙන්නේ චමතකාර සිතුම් පැතුම්.

සරසවි අතරින් ඉතාම සොඳුරු පරිසර බිමක පිහිටි සරසවිය තියෙනේ කොහෙද ?. ආයෙත් වචන දෙකක් නැහැ... හන්තාන කඳු පංතියේ සෙවනැල්ල වැටෙන පේරාදෙණිය... කාගේත් පිළිතුර එයම තමයි...

පේරාදෙණිය සරසවිය... හන්තාන කඳු පෙළ... සරසවි පෙම්වතුන්ට නම් ආදරයෙන් වෙළී ඉන්න කියාපු බිමක්.. හිතේ තියන ආදරය මේ සොභා සුන්දරත්වය නිසා තව තවත් වැඩි වෙනවා... හන්තාන කඳුපෙළ හරහා හමා එන සිහිල් සුළං රැල්ල... උණුසුම සොයා මේ පෙම්වතුන් එකිනෙකා තුරුලුකරනවා. සරසවි බිමේ එක්වන මේ සෑම ප්‍රේමාතුරයෙක්ගෙම ආදරය විවාහයෙන් කෙළවර වෙනවා නම්...ඒත් ඒක එහෙම වෙන්නේ නැහැ... ඔවුන්ගේ ආදරය සරසවි බිමට විතරක් සීමා වෙනවා.


මේ නගරය මා ඔබ
මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ
වෙන් කෙරුණු නගරයයි

ආදරය කල දෙදෙනෙක් එකට හමුවූ නගරය.. අවසන මේ දෙදෙනාම වෙන්ව ගියෙත් මේ නගරයේදිමයි... අපේ අදරණීය ගායකයා මර්වින් පෙරේරාගේ ගැයුම් පද පෙළ එකට ඇමිණුවේ ප්‍රේමකීර්ති ද අල්විස්... සොඳුරු ගීත රචකයා.. මෙහි තනුවත් මර්වින් ගේ.. ගී පද මාලා ගැන තනුව ගැන ගායනය ගැන.. අහන්න අද අප අතරම මේ ශිල්පීන් දෙදෙනාම නැහැ.. වටිනා නිර්මාණ රැසක් අපට ඉතිරි කර ඔවුන් අප අතැර ගොසින්... ප්‍රේමකීර්ති මේ ලියා තිබෙන්නේ සරසවි ප්‍රේමයක් බවට සැකයක් නැහැ.. 

වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දලුලනවා
සරසවි බිම කදුරැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

එදා හමුවී යළි වෙන් වී ගිය නගරයට මේ පෙම්වතා යලි එනවා.. එදා වගේමයි.. වැව් ඉවුරේ දියරළ අදත් බිදෙනවා.. නුග ගස් හෙවණේ එදා අපි දෑත් පටලාගෙන ඇවිද ගියා.. අද අපි නැතත් මේ නුග ගස් පෙළ දලුලමින් වැඩෙනවා. කදුරැල්ලට එපිටින් එදා වගේම අද සරසවි බිම පෙනෙනවා. අපි දෙදෙනා වෙනස් වුණත් වා වෙනස් වෙලා නැහැ.. මේ අතීත සැමරුම් දකිද්දී මට ආයෙත් ඔබ සමගින් ඒ බිමට යන්න හිතෙනවා..
 
මේ පෙම්වතා අතීතය ස්මරණය කරනවා. ඒ ඔවුන් කලක් ආදරයෙන් හමුවූ ඇවිද ගිය තැන් වසර ගණනාවකට පසු යළි දකිද්දී... 

ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැගිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා
ජීවිතයම සිහිනයකැයි කියා සිතෙනවා

ඔහු එදා ඇය අත අල්ලගෙන ඇවිද ගිය වීදි දිගේ අද යන්නේ ප්‍රිය බිරිඳ සමගින්. අද ඔහුගේ අතැඟිල්ලේ එල්ලී යන්නේ පුංචි පුතා.. ඒත් ඔහුට සිහිපත් වෙනවා එකල කළ ප්‍රාර්ථනාවන්.. ඒවා සිහිපත් වෙද්දී මුලු ජීවිතයම හීනයක් කියලයි හිතෙන්නේ...

ජනප්‍රිය ගීයක්.. කාගෙත් මුවග රැව් දෙන කවුරුත් ආශාවෙන් මුමුණන පද පෙළක්... යොවුන් වියේදී හමුවූ පෙම්වතියක් ගැන ආදරය කළ ආකාරය... සැමියෙක්, පියෙක් වූ පසු සිතන ආකරය කෙතරම් චමත්කාරද ?.....

මෙතනට ගිහින් අහන්න / බාගන්න

අජිත් අලහකෝන්

ප. ලි. - ඊ මේල් මගින් තමයි මේක මට ලැබුනේ. මම හිතන්නේ මොකක් හරි පත්තරයක ගිය එකක් වෙන්න ඕනේ. මේවා ගොඩ දෙනෙක්ට දකින්න ලැබෙන්නේ නෑ. ඒක නිසාමයි මහන්සියත් නොබලා ටයිප් කලේ..... 

4 අදහස්:

Rajitha Abeysinghe said...

සිරා බන්.මමත් ගොඩක් ආසකරන සින්දුවක්.මට සරසවියේ ප්‍රේමය විදින්න ලැබුනේ නැතත් මේ සින්දුව යන හැම වෙලාවෙම මට හිතෙන්නේ මේ සින්දුවේ කියවෙන පෙම්වතා මම කියලා.එහෙම වෙලාවට හිතට මාරම දුකක් බන් එන්නේ.

කොහොම උනත් ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයා මේක පපුවටම වදින්න ලියලා තියෙනවා.

සිතුවිලි නිහඬයි said...

මාත් හරිම ආසා සින්දුවක් අයියා....

Sabith said...

මාත් ආසම සිංදුවක්! අපේ ගම් පලාත කිට්‍ටුව නොවැ උන්නෙ! මාත් ගියා මර්වින්ගේ අවමගුලට!

නචියා said...

@ පාල
සිරාවටම බන්. පට්ට සිංදුව. දුකක් එන්නේ මොකෝ බන්.. වෙන මොකක් හරි සීන් එකක් නිසාද...
..........................................

@ සිතුවිලි නිහඬයි
ඔව් සීනි ගොඩ දෙනෙක් ආස සිංදුවක්...
..........................................

@ Sඅබිත්
ගිය එකනම් හොදයි. මට නම් යන්න බැරි උණා..

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...