පසුගිය දින කීපයේ ඉතාමත් කාර්ය බහුලව සිටි හෙයින් බ්ලොග් එක තිබේද නැද්ද කියාවත් සොයා බලන්නටත් හැයාවක් ලැබුනේ නෑ.

විශේෂයෙන්ම කිව යුතු දෙයක් තිබේ.. නිසදැස්, කවි වලට මා විසින් කමෙන්ට් කරන්නේ නැත...සමහර කවි වල අර්ථයන් තේරුම් ගැනීමට පවා අපහසුය. එහෙයින් කවි වලට කමෙන්ට් කිරීමට නොලැබීම පිලිමද මාගේ කණගාටුව ප්‍රකාශ කර සිටිමි. 

--------------------------------------------------------------------------------------

පසුගිය සෙනසුරාදා සහ ඉරිදා දින දෙකේම හවස තුනේ සිට හය දක්වා කාර්යාලයේ තිබු සම්මන්ත්‍රණයකට සහභාගී විමට නියම වී තිබුණි. පසුගිය ඉරිදාට යෙදී තිබුනු ඉතාමත් වැදගත් වැදගත් කටයුත්තක් ඊළග සතියට කල් දැමීමට පවා සිදු වුයේ මෙම සම්මන්ත්‍රණය නිසාය. ඒ සුදු මැණිකේ ඇතුව පවුලේ සියලුම දෙනා සිංහල අලුත් අවුරුද්දට (අවුරුදු නම් ඉවරයිනේ දැන්) මාගේ නිවසට පැමිණීමය. කෙසේ හෝ එම කටයුත්ත ලබන ඉරිදා දිනට කල් දැමීමට සිදුවිය..

මේ කියන්නට යන්නේ ඒ කිසිවක් ගැන නොවේ. පසුගිය සෙනසුරාදා සිදුවු, මා ඉතා ප්‍රීතියටත් දුකටත් පත් කරන ලද සිදු වීමක් ගැනයි.. ඔන්න එහෙනම් කතාව.

වෙලාව හරියට හැන්දෑවේ හතට ඉතාම ආසන්න්නයි. මා මිනුවන්ගොඩ බස් නැවතුමේ කුරුණෑගල බස් නවතන තැනට වී බලා සිටියේ ගෙදර යාමට බසයක් එන තුරුය. ඒ වන විට දවසේ ගමන නිම කරමින් මිනුවන්ගොඩ - කොලඹ බසයක් බෝ ගහ යට නවත්න ලදී. ඉක්මනින් බසයෙන් බසින මිනිසුන් අතර පොලිස් නිළධාරියෙක් බෑගයක් සහ කුඩයක් අතැතිව බසයෙන් බසිනු මා බලා සිටියේ දින කීපයක පෙර කටුණායකදී සිදු වූ පොලිසියට පහරදීමේ සිදුවීමද සිහිපත් කරමිනි.

බසයෙන් බැස ගත් පොලිස් නිළධාරියා බස් නැවතුම ඉදිරියෙන් ලංකා බැංකුව දෙසට ගමන් කරමින් සිටියේය. ඒ අසලම තිබෙන හෝටලයක් ඉදිරිපිට සිටි තරුණයන් හතර පස් දෙනෙක් පොලිස් නිළධරියා ඔවුන්ව පසු කර යනවාත් සමගම එක විටම හූ කියන්නට පටන් ගත්හ. පොලිස් නිළධාරියා කිසිම සද්දයක් නැතිව බිම බලාගෙන ඉතා අසරණ කමින් ඉදිරියටම ගියේ ඔහුට වෙන කරන්නට කිසිවක් නොතිබු හෙයිනි. පොලිස් නිළධරියා නොපෙනී යන තුරුම හූ හඩ නවත්වන්නට තරුණයන් උත්සාහ නොගත්න.

මේ සිදුවීම මගේ හිතටත් සතුටක් ගෙන දුන්නා. ඒත් සමගම පොලිස් නිළධාරියා කෙරෙහි දුකක් අනුකම්පාවක් ඇති වුණා. ඒත් සමගම පැමිණි කුරුණෑගල බසයට නැගි මා නිවස බල පිටත් වුණා.

9 අදහස්:

රත්ගමයා said...

හැම එකාටම හූ කියලා වැඩක් නෑ..කියන්න ඕන ලොකු තැන් වලට...පොඩි උන් කරන්නේ උන්ට ලැබෙන ඕඩර් එක නේ
කොහොමත් පොලිස් කාරයෝ මට පේන්න බෑ...
විශේෂයෙන් ට්‍රැපික් එකේ ඉන්න උන්..ජරා පප්පෝ ඉන්නේ....
පොලීසිය කියලා එකක් නැති කරලා ආමි එකටම උන්ගේ වැඩ ටික දුන්න නම් හරි...
අඩු ගානේ ආමි එකේ කොල්ලොන්ට විනය වත් තියෙනවා

සංජු said...

රත්ගමයාගේ කතාව හා එකසිය ගානට එකග වෙමි. නිකන් හරි හූ කියන්න තිබ්බෙ පොලිස් එස්.ටී.එෆ්. එකේ කෙනෙකුට. ඇඩ්‍රස් නෑ ඊගාව දවසෙ. හැබැයි පොඩි එකෙක් අල්ලගෙන හූ කිව්ව එකනම් වැරදියි එහෙම කරනවනම් තව කි දෙනෙකුට කියල හූ කියන්න ඕනි ද!!!

Sri said...

ඔය පොඩි උන් අල්ලගෙන බයිට් කලාට වැඩක් නෑ.. පොඩි උන් කරන්නේ මහ උන්ගේ අණ... අන්තිමට charter වෙන්නේ පොඩිඋන්....

රොකියා | Udara said...

හනේ මන්දා මොනවා කියන්නද කියල . පොලිස්සියේ ඉන්නෙත් අපි වගේම ලංකාවේ මිනිස්සු කොට්ටාසයක් නෙ !

නචියා said...

@ රත්ගමයා
සිරාවටම බන්, කවුද පොලිස් කාරයන්ට බනින්නේ නැත්තේ. ආමි එකට දුන්න නම් ගොඩ තමයි.
..................................

@ සංජු
උඹලා අපි ඕවා තේරුණ් ගත්තට එහෙම නැති උන් ඕනතරම් ඉන්නවා.
..................................

@ ශ්‍රී
සිරාවටමට ඇත්ත. පොඩි උන්ටනේ මිනිස්සුත් එක්ක ගැටෙන්න වෙන්නේ. ඉතින් උන්ම තමයි charter වෙන්නේ.
..................................

@ රොකියා
ඇත්ත මචං. ඒත් උන්ගේ ඔලුව ටිකක් ඉදිමිලානේ. ඒකයි අවුල.

Anonymous said...

මම ඕක දකින්නෙ මෙහෙමයි.........බලය සමබන්ද ප්‍රශ්නයක් සාමන්ය සිවිල් ජනයාට බලය අඩුයි පොලිසියෙ අයට එහෙම බලයක් තියෙනව හූ කිව්වෙ කොල්ලො හතරදෙනෙක් නෙ එකෙක් නෙමේ නෙ තනි මිනිහෙක් පොලිසියට හූ කියන්නෙ නැ කටුනායක වුනෙත් ඕක තමයි පොලිසියට ගැහුවෙ ලොකු ජන කොටසක් බලයෙන් ඔලුව උදුම්මවගෙන ඉන්න කාටත් වෙලාවක බලු වෙන්න වෙනව

නචියා said...

ඒක හරි මලිකා. පොලිසියේ තනි කෙනා නිසා තමයි ඒ කොල්ලො හූ කිව්වේ. පොලිසියේ සෙට් එකක් හිටියනම් කවදාවත් උන් හූ කියන්නේ නෑ.

පන්සල් හංදිය said...

ඒ ටවුන් එකක් මැද්දෙ හූ කියන එකෙන් පේන්නෙ ලංකාවෙ ජනතාව පොලිසිටය කොයිතරම් ආදරේද කියන එකනෙ .......

නචියා said...

@ පන්සල් හංදිය
ඒ ගැන නම් කියලා වැඩක් නෑ. පොලිසිය අපේ මිනිස්සු කතා කරන්නෙ පුදුම අදරේකින්......

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...