මේ නගරය මා ඔබ
මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ
වෙන් කෙරුණු නගරයයි

වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දලුලනවා
සරසවි බිම කදුරැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැගිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා
ජීවිතයම සිහිනයකැයි කියා සිතෙනවා

සරසවියේ ගෙවන ජීවිතය... කටුකයි තමයි.. ඒත් ඒ කටුකත්වයට එහා ගිය සුන්දර බව... ජීවිතයට ගෙන දෙන්නේ චමතකාර සිතුම් පැතුම්.

සරසවි අතරින් ඉතාම සොඳුරු පරිසර බිමක පිහිටි සරසවිය තියෙනේ කොහෙද ?. ආයෙත් වචන දෙකක් නැහැ... හන්තාන කඳු පංතියේ සෙවනැල්ල වැටෙන පේරාදෙණිය... කාගේත් පිළිතුර එයම තමයි...

පේරාදෙණිය සරසවිය... හන්තාන කඳු පෙළ... සරසවි පෙම්වතුන්ට නම් ආදරයෙන් වෙළී ඉන්න කියාපු බිමක්.. හිතේ තියන ආදරය මේ සොභා සුන්දරත්වය නිසා තව තවත් වැඩි වෙනවා... හන්තාන කඳුපෙළ හරහා හමා එන සිහිල් සුළං රැල්ල... උණුසුම සොයා මේ පෙම්වතුන් එකිනෙකා තුරුලුකරනවා. සරසවි බිමේ එක්වන මේ සෑම ප්‍රේමාතුරයෙක්ගෙම ආදරය විවාහයෙන් කෙළවර වෙනවා නම්...ඒත් ඒක එහෙම වෙන්නේ නැහැ... ඔවුන්ගේ ආදරය සරසවි බිමට විතරක් සීමා වෙනවා.


මේ නගරය මා ඔබ
මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ
වෙන් කෙරුණු නගරයයි

ආදරය කල දෙදෙනෙක් එකට හමුවූ නගරය.. අවසන මේ දෙදෙනාම වෙන්ව ගියෙත් මේ නගරයේදිමයි... අපේ අදරණීය ගායකයා මර්වින් පෙරේරාගේ ගැයුම් පද පෙළ එකට ඇමිණුවේ ප්‍රේමකීර්ති ද අල්විස්... සොඳුරු ගීත රචකයා.. මෙහි තනුවත් මර්වින් ගේ.. ගී පද මාලා ගැන තනුව ගැන ගායනය ගැන.. අහන්න අද අප අතරම මේ ශිල්පීන් දෙදෙනාම නැහැ.. වටිනා නිර්මාණ රැසක් අපට ඉතිරි කර ඔවුන් අප අතැර ගොසින්... ප්‍රේමකීර්ති මේ ලියා තිබෙන්නේ සරසවි ප්‍රේමයක් බවට සැකයක් නැහැ.. 

වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දලුලනවා
සරසවි බිම කදුරැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

එදා හමුවී යළි වෙන් වී ගිය නගරයට මේ පෙම්වතා යලි එනවා.. එදා වගේමයි.. වැව් ඉවුරේ දියරළ අදත් බිදෙනවා.. නුග ගස් හෙවණේ එදා අපි දෑත් පටලාගෙන ඇවිද ගියා.. අද අපි නැතත් මේ නුග ගස් පෙළ දලුලමින් වැඩෙනවා. කදුරැල්ලට එපිටින් එදා වගේම අද සරසවි බිම පෙනෙනවා. අපි දෙදෙනා වෙනස් වුණත් වා වෙනස් වෙලා නැහැ.. මේ අතීත සැමරුම් දකිද්දී මට ආයෙත් ඔබ සමගින් ඒ බිමට යන්න හිතෙනවා..
 
මේ පෙම්වතා අතීතය ස්මරණය කරනවා. ඒ ඔවුන් කලක් ආදරයෙන් හමුවූ ඇවිද ගිය තැන් වසර ගණනාවකට පසු යළි දකිද්දී... 

ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැගිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා
ජීවිතයම සිහිනයකැයි කියා සිතෙනවා

ඔහු එදා ඇය අත අල්ලගෙන ඇවිද ගිය වීදි දිගේ අද යන්නේ ප්‍රිය බිරිඳ සමගින්. අද ඔහුගේ අතැඟිල්ලේ එල්ලී යන්නේ පුංචි පුතා.. ඒත් ඔහුට සිහිපත් වෙනවා එකල කළ ප්‍රාර්ථනාවන්.. ඒවා සිහිපත් වෙද්දී මුලු ජීවිතයම හීනයක් කියලයි හිතෙන්නේ...

ජනප්‍රිය ගීයක්.. කාගෙත් මුවග රැව් දෙන කවුරුත් ආශාවෙන් මුමුණන පද පෙළක්... යොවුන් වියේදී හමුවූ පෙම්වතියක් ගැන ආදරය කළ ආකාරය... සැමියෙක්, පියෙක් වූ පසු සිතන ආකරය කෙතරම් චමත්කාරද ?.....

මෙතනට ගිහින් අහන්න / බාගන්න

අජිත් අලහකෝන්

ප. ලි. - ඊ මේල් මගින් තමයි මේක මට ලැබුනේ. මම හිතන්නේ මොකක් හරි පත්තරයක ගිය එකක් වෙන්න ඕනේ. මේවා ගොඩ දෙනෙක්ට දකින්න ලැබෙන්නේ නෑ. ඒක නිසාමයි මහන්සියත් නොබලා ටයිප් කලේ..... 

මගේ හොදම දවස...

අද කියන්න යන්නේ ගිය සිකුරාදා මට වුන දෙයක් ගැනයි. කීපදෙනෙක් නම් දන්නවා මම මීට මාස දෙකකට කලින් ගත්ත මගේ අලුත්ම කම්පියුටර් එකේ ලෙඩක් ඇවිත් පහු ගිය දවස් ටිකේම එහෙ මෙහෙ දිව්වා ඒක ගොඩ දා ගන්න. විශේෂයෙන්ම උදව් කරන්න වෙහෙසුන මගේ මතක ලියන ප්‍රියන්ත අයියාට බොහොම ස්තුතියි.

ආයෙමත් CPU එක උස්සගෙන යන්න උණා කොල්ලුපිටියට. මොකද warranty තියන නිසා වෙන තැනකින් හදන්නත් බෑනේ. සිකුරාදා නිවාඩුවක් දාලා වැඩේට සෙට් වුනා. ගෙවල් ළග මල්ලි කෙනෙකුත් කතා කරගෙන උදේ 8 ට විතර ගෙදරින් පිටත් උණා. කෝච්චියෙ තමයි යන්න ලේසි. ඉතින් උදේ 9 ට විතර තියන මාතර කෝච්චිය අල්ල ගන්න අපි ස්ටේෂන් එකට ආවා වෙලාවටත් කලින්. මාතර කෝච්චිය විනාඩි 20ක් පරක්කුයි. ඒත් කමක් නෑ කියලා හිටියා. එදා පොසොන් පෝය ඉවර වෙලා දෙවෙනි දවසනේ. අනුරාධපුරේ ඉදලා එන සෙනග පිරිලා ඒ කෝච්චියේ. ඒකට නගින්නවත් බෑ. කමක් නෑ. ඒ වෙලාවට එන්න තියන මන්දගාමි කොච්චියෙම යනවා කියලා හිත හදාගෙන හිටියා. අනේ ටිකකින් කිව්වා ඒ කෝච්චිය විනාඩි 45 ක් පරක්කුයි කියලා.

මොනවා කරන්නද මට හිතුනා අද මගේ වැඩේ කොහොමත් කරගන්න බැරි වෙයි කියලා. අන්නතිමට 10 30 ත් පහුවෙලා කෝච්චිය අවේ. කොටුවට එනකොට 12 30 ත් පහුවෙලා. කරන්න දෙයක් නෑ. නැග්ග මොරටුව බස් එකකට. කොල්ලුපිටිය හංදියට ටිකට් ගත්තා අපි දෙන්නටම. ඒත් බහින්න වෙන්නේ බම්බලපිටිය හංදියෙන්නේ. පාර  වන් වේ කරලා නිසා. වෙලාව 1 ට විතර ඇති. මම කතා කලා ස‍ර්විස් සෙන්ටර් එකට. "අද සිකුරාදනේ. ෂොප් එක 12 ඉදලා 2 30 වෙනකල් වහලා. පල්ලි යන දවසනේ. 2 30 ට එන්න" කියලා කිව්වා. මොනවා කරන්නද් ඉතින්. දැන් නම් බඩගිනිත් එක්ක. එතනම තිබුන කඩේකට ගියා කෑම කන්න කියලා. මාර සීන් එක පර්ස් එකේ තියෙන්නේ රුපියල් 200යි. සල්ල ගන්න යන්න වෙනවා ඒටීඑම් එකකට. ඒකට මීටර් 500 ක් විතර යන්න ඕනේ.

කඩේ ලග හිටියා වයස අවුරුදු 45 ක 50 ක විතර මනුස්සයෙක් සිගරැට් එකක් බිබී. මම එයාගෙන් ඇහුවා ඒටීඑම් එක තියන තැන. "ටිකක් දුරයි පුතා. ඕකත් උස්සන් යන්න බෑනෙ. එන්න මාත් එක්ක යන්" කියලා අපිට ඉදිරියෙන් නවත්තලා තිබුණ මොන්ටේරෝ එක පෙන්නුවා. මට පොඩ්ඩක් භය හිතුනත් ඕන එකෙක් කියලා නැග්ගා ඉස්සරහින්. අර මල්ලි පිටිපස්සෙන් නැග්ගා. විස්තර කතා කරන අතර විනාඩි 10 කට විතර පස්සේ ඒටීඑම් එක ලගට ආවා. "පුතා සල්ලි අරගෙන එන්න. ආපහු අතෙන්ටම දාන්නම්" කියලා කිව්වේ අපි බහින්න හදද්දිමයි. මම ගිහින් සල්ලි අරගෙන ආවා. කියපෞ විදියටම වටයක් ගිහින් අර කඩේ ලගින්ම අපිව බස්සලා ගියා. මට පුදුම හිතුනා මෙහෙම මිනිස්සුද මේ ලොකු වාහන වල යන්නේ කිය්ලා. මම ඇදුමට පැළදුමට, ඉඩ කඩම්, යාන වාහන, සල්ලි තියන මනුස්සකම නැති කිසිම මිනිහෙකුට මෙතෙක් කල් මහත්තයා කියලා නෑ. ඒත් ඒ මහත්තයාට මට නොකියා ඉන්න බැරි උණා. "ගොඩාක් ස්තුතියි මහත්තයා" කියලා අපි වාහනෙන් බැහැලා කඩේට ගියා දවල්ට කෑම කන්න.

කෑම කාලා ඉවර වෙලා සර්විස් සෙන්ටර් එකට ගිහින් හිටියා 2 30 වෙනකල්. ඔන්න ෂොප් එක ඇරියා. මමත් ඇතුලට ගිහින් CPU එක බාරදුන්න. ටික වෙලාවකින් බාරගත්ත කෙනා ඇවිත් කිව්වේ බෝඩ් එකේ වගේ ලෙඩේ තියෙන්නේ අද චෙක් කරන්න විදියක් නෑ. හෙට චෙක් කරලා කෝල් එකක් දෙන්නම්. අනේ මොනවා කරන්නද ඉතින්. ඒකත් තියලා අපි දෙන්නා ගෙදර එන්න හැරුනා ආයෙත් මේ කට්ට කන බලාපොරොත්තුවෙන්ම. ඒ ආයෙත් මේක ගෙනියන්න එන දවසට. ඔන්න ඔහොමයි එදා දවස ගෙවුනේ.

මැරෙන්න ගිය දා....

මේක වුනේ මම දහය වසරේ ඉන්න දවස් වල. යත්තල්ගොඩ ස්ටේෂන් එක කිට්ටුව නියම තැනක් තියනවා මා ඔයේ. ගිහින් තියන අය නම් දන්නවා ඇති. ස්වභාව සවුන්දරය පිරිලා ඉතිරිලා යන තැනක්. ඒ දවස් වල එතනට මම තනියම ගිහින් තියනවා දවස් තුනක්. අපේ සෙට් එකේ හිටිය හය දෙනෙක්ගේ විතර විනෝදාංශය වුනේ ඔයට යාම. සතියකට දවස් දෙකක් වත් ස්කූල් කට් කරලා අපි කට්ටියම යනවා ඔයට. උදේ අටට විතර ඔයට ගියාම ආපහු එන්නේ හවස තුනට විතර. එතකල් කරන දේවල් කියන්න ඕනෙ නෑනෙ. අඩු වියදම් දේවල් තමයි ඉතින්. මොකද ඒ දවස් වල ඉතින් සල්ලිත් අතේ නෑනෙ.

මුලදිම අපි ඔයට ගිය දවස් වල අනිවාරයෙන්ම නානව. නාන්න කියාපු තැනක් තියනවා එතන. ඉතින් මේ කියන්න යන්නෙ ඔය වගේ නාන්න ගිය දවසක මට උන දෙයක් ගැන. ඔයට ගිහින් මුලින්ම ඉතින් කරන්නේ උදේට කන එක තමයි. ගෙවල් වලින් ගේන බත් මුල් දෙකක් තුනක් වගේ තමයි හැමදාම තියෙන්නේ. ඉතින් බත් මුල දිග ඇරපු ගමන් හොදම ජාති ටික් අතුරුදහන් වෙනවා. ඉතුරු ටික තමයි කට්ටිය සාමදානව කන්නේ. ඔය වයසට ඕවා ඉතින් සාමාන්‍ය දේවල්නෙ. කෑම කාලා ඉවර වෙලා අනින් දෙවලුත් කරලා දවල් උනාම තමයි කට්ටිය නාන්න සෙට් වෙන්නේ.

සුපුරුදු පරිදි එදා දවල් අපි නාන්න ගත්තා. ඒ දවස් වල මට පීනන්න බෑ. පීනන්න පුරුදු උනේත් ඔය ඔයෙන්ම තමයි පස්සෙ කාලෙක. අපේ සෙට් පීනන්න බැරි මටයි තව එකෙකුටයි විතරයි. ඉතින් අපි දෙන්න වැඩිය දුර යන්නේ නෑ. අනිත් උන් නම් යනවා දුරටම. අපි නාන තැන දූපතක් තියෙන්නෙ. දූපත දෙපැත්තෙන්ම් වතුර ගලාගෙන යනවා. මමයි අනිත් පීනන්න බැරි යාලුවයි දූපත අයිනෙම ඉන්නේ. ඉනටත් ටිකක් උඩින් වතුර ගලාගෙන යනවා. ටිකක් වෙලා ගියාම පීනන්න පුලුවන් සෙට් එක ගෙඩට ආවා. අපි දෙන්න ඉන්න තැනට අඩි 10ක් 15ක් විතර එහයින් කට්ටිය අපි දිහා බලන් ඉන්නවා.

ඉතින් ඔහොම ඉන්න අතරේ මම ගහක මුලක් අල්ලගෙන ටිකක් එහාට ඇවිදන් ගියා. එක පාරටම මට තේරුනා කකුල බිම වදින්නේ නෑ කියලා. එතකොටම අල්ලන් හිටිය මුලත් මට අතෑරුනා. මට තේරෙනවා මාව දැන් ගිලෙන්න යන්නේ කියලා. මට ඒ වෙලාවෙ අම්මයි තාත්තයි මල්ලිවයි මතක් උණා. ඒත් එක්කම ගොඩ ඉන්න මගෙ යාලුවන්ම මම යනවා මචං කියලා අතින් සංඥා කරන්නත් හිතුනා. ඒක කරන්න බැරිවම මාව ගිලුනා. වතුර යට ලස්සන කහ පාටින් දිලිසුනා. මම දගලනවා උඩට යන්න. පලවෙනි පාර උඩ ආවා. මම දැක්කා ඈත තියන කන්දක තිබුන පොල් ගස් තුනක්. ආයෙම යට ගියා. කලින් වගේම වතුර යට ලස්සන කහ පාටින් දිලිසුනා. උඩට එන්න දැගලුවා. දෙවෙනි පාරත් උඩ ආවම දැක්කේ අර කක්දේ තිබුන පොල් ගස් තුනමයි. තුන් වෙනි පාරත් ඒ විදියට වෙලා මාව යට ගියා. හිස්ම ගන්න ටිකක් අමාරුයි කියලා දැනුණා. ඒත එක්කම මට හිතුනා මම ආයේ උඩ එකක් නෑ. මම ඉවරයි තමයි කියලා. එක පාරටම මට අහුවුනා අත්තක්. මම ඒක හයියෙන් අල්ල ගත්තා. මාව ගොඩටම ඇදලා ගත්තා ඒ අත්ත. ඒ අත්ත දාල තියෙන්නේ මාව ගිලෙනවා දැකපු සුමුදු. මම එහෙමම බිම දිගාවුණා. මගේ ඔවුව රිදෙන්න ගත්තා. බඩත් පිරිලා වතුර පෙවිලම.

ඔහොම ඉදලා හවස් වුණාම මට අවුලක් නෑ. වෙනදා වෙලාවටම හවස ගෙදර ගියා. ගෙදර ගියාම මට හිතුනේ මම ගිලිලා මැරුනනම් ගෙදර මොනවගේ තත්වයක් තියෙයිද, මගේ යලුවො ටිකට මොනවා වෙයද කියලා. මම අද මෙතන ඉන්නේ මගේ යාලුවා සුමුදු නිසයි.

මාස තුනක් විතර යනකල් ඔයට ගියාට නාන්න නම් ගියේ නෑ. ඒත් පස්සේ මම පීනන්න පුරුදු වුණා ඔය ඔයෙන්ම. පස්සේ මම දවත් තුනක් තනියම ස්කූල් කිට් එකෙන් ගිහින් කරන දේවලුත් කරලා නාලත් ඇවිත් තියනවා.

පසුගිය දින කීපයේ ඉතාමත් කාර්ය බහුලව සිටි හෙයින් බ්ලොග් එක තිබේද නැද්ද කියාවත් සොයා බලන්නටත් හැයාවක් ලැබුනේ නෑ.

විශේෂයෙන්ම කිව යුතු දෙයක් තිබේ.. නිසදැස්, කවි වලට මා විසින් කමෙන්ට් කරන්නේ නැත...සමහර කවි වල අර්ථයන් තේරුම් ගැනීමට පවා අපහසුය. එහෙයින් කවි වලට කමෙන්ට් කිරීමට නොලැබීම පිලිමද මාගේ කණගාටුව ප්‍රකාශ කර සිටිමි. 

--------------------------------------------------------------------------------------

පසුගිය සෙනසුරාදා සහ ඉරිදා දින දෙකේම හවස තුනේ සිට හය දක්වා කාර්යාලයේ තිබු සම්මන්ත්‍රණයකට සහභාගී විමට නියම වී තිබුණි. පසුගිය ඉරිදාට යෙදී තිබුනු ඉතාමත් වැදගත් වැදගත් කටයුත්තක් ඊළග සතියට කල් දැමීමට පවා සිදු වුයේ මෙම සම්මන්ත්‍රණය නිසාය. ඒ සුදු මැණිකේ ඇතුව පවුලේ සියලුම දෙනා සිංහල අලුත් අවුරුද්දට (අවුරුදු නම් ඉවරයිනේ දැන්) මාගේ නිවසට පැමිණීමය. කෙසේ හෝ එම කටයුත්ත ලබන ඉරිදා දිනට කල් දැමීමට සිදුවිය..

මේ කියන්නට යන්නේ ඒ කිසිවක් ගැන නොවේ. පසුගිය සෙනසුරාදා සිදුවු, මා ඉතා ප්‍රීතියටත් දුකටත් පත් කරන ලද සිදු වීමක් ගැනයි.. ඔන්න එහෙනම් කතාව.

වෙලාව හරියට හැන්දෑවේ හතට ඉතාම ආසන්න්නයි. මා මිනුවන්ගොඩ බස් නැවතුමේ කුරුණෑගල බස් නවතන තැනට වී බලා සිටියේ ගෙදර යාමට බසයක් එන තුරුය. ඒ වන විට දවසේ ගමන නිම කරමින් මිනුවන්ගොඩ - කොලඹ බසයක් බෝ ගහ යට නවත්න ලදී. ඉක්මනින් බසයෙන් බසින මිනිසුන් අතර පොලිස් නිළධාරියෙක් බෑගයක් සහ කුඩයක් අතැතිව බසයෙන් බසිනු මා බලා සිටියේ දින කීපයක පෙර කටුණායකදී සිදු වූ පොලිසියට පහරදීමේ සිදුවීමද සිහිපත් කරමිනි.

බසයෙන් බැස ගත් පොලිස් නිළධාරියා බස් නැවතුම ඉදිරියෙන් ලංකා බැංකුව දෙසට ගමන් කරමින් සිටියේය. ඒ අසලම තිබෙන හෝටලයක් ඉදිරිපිට සිටි තරුණයන් හතර පස් දෙනෙක් පොලිස් නිළධරියා ඔවුන්ව පසු කර යනවාත් සමගම එක විටම හූ කියන්නට පටන් ගත්හ. පොලිස් නිළධාරියා කිසිම සද්දයක් නැතිව බිම බලාගෙන ඉතා අසරණ කමින් ඉදිරියටම ගියේ ඔහුට වෙන කරන්නට කිසිවක් නොතිබු හෙයිනි. පොලිස් නිළධරියා නොපෙනී යන තුරුම හූ හඩ නවත්වන්නට තරුණයන් උත්සාහ නොගත්න.

මේ සිදුවීම මගේ හිතටත් සතුටක් ගෙන දුන්නා. ඒත් සමගම පොලිස් නිළධාරියා කෙරෙහි දුකක් අනුකම්පාවක් ඇති වුණා. ඒත් සමගම පැමිණි කුරුණෑගල බසයට නැගි මා නිවස බල පිටත් වුණා.

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...