ක‍ටුණායක ගැහැණු ළමයි........

මම මේ කියන්න යන දේ ගැන ගොඩක් අය දන්නේ නැතුව ඇති. ක‍ටුණායක ගැහැණු ළමයි කිව්වම අපේ මතකයට එන්නේ ගොඩක් මහන්සි වෙලා වැඩ කරන, බලාපොරොත්තු ගොඩක් තියාගෙන ගොඩාක් දුර ගම් වලින් ඇවිත් ඉතාම දුක් මහන්සියෙන් වැඩ කරන පිරිසක්. ඇත්ත ඒත් මම මේ කියන්න යන්නේ ඒ ළමයින්ට වෙන දෙවල් ගැන. මම කියන්නේ නෑ හැමෝම මෙහෙමයි කියලා.

මම මේ දේවල් දන්නේ මමත් දැනට අවුරුදු 7ක විතර ඉදලා ක‍ටුණායක ‍රැකියව කරන නිසා තමයි ඉතින්. දැන් ක‍ටුණායක ඉස්සර තිබුනට වඩා ටිකක් විතර හොදයි මම හිතන්නේ. ඒකට හේතුව ක‍ටුණායක තිබුණු ගොඩක් ඇගලුම් කර්මාන්ත ශාලා වසා දැමුණු එක, ඒ හේතුව නිසාම දැන් ක‍ටුණායක ඉන්න ගැහැණු ළමයි පිරිස ගොඩාක් අඩු වෙලා.

අපි හිතමු ගොඩක් දුර පළාතක ගැහැණු ළමයෙක් තමන්ගේ ගෙදර තියන ආර්ථික අපහසුතා නිසා ‍රැකියාවක් සොයාගෙන ක‍ටුණායක එනවා. ඉතාම අඩු පඩියකට රස්සාවක් ලැබෙනවා. ඒකත් අපේ මේ සිංහල මිනිස්සු නිසා තමයි. මෙහෙ තියන කර්මාන්ත ශාලා බොහොමයක ඉහළ නිළ තළ වල ඉන්න ලංකවේ මිනිස්සු කරන්නේ දුප්පත් ළමයින්ගේ ශ්රාමය හූරගෙන තමන්ගේ ගොඩ වැඩි කරගන්න එක. ඉතින් ඒ ළමයා ඉතාම දුක සේ තමන්ගේ ‍රැකියාවත් කරගෙන බොඩිං කමරයට වෙලා ජීවිතේ ගැටගහනවා. බොඩින් කාමර ගැන නම් ඉතින් කියල වැවක් නෑ. එක කාමරේ ළමයි තුන් හතර දෙනා එකට ඉන්නෙ. කෑම ටික උයා ගන්න ඉඩක් නෑ. අත පය දිග ඇරලා නිදගන්න ඉඩ නෑ, නාගන්න හරියට වතුර ටික නෑ. ඒ වගේ ගොඩක් දුක් විදිනවා.

ඉතින් මේ ගෑණු ළමය ඔහොම රස්සාවත් කරගෙන ටික දවසක් යනකොට වැඩ කරන තැනදි හරි මග තොටේදි හරි කොල්ලෙක්ගේ බැල්මක් වැ‍ටුණේ නැත්නම් තමයි පුදුමෙ. ඒක ඉතින් සාමාන්‍යය දෙයක්නේ. ඒත් මෙහෙ තත්වේ වෙනස්. මෙහෙදි ගැහැණු ළමයින්ට නිදහස උපරිමයෙන්ම තියනවනේ. ඒ කියන්නේ තමන්ගේ කියලා කිසිම යාලුවෙක් නෑදෑයෙක් හදිස්සියකටවත් ලග පාතක නෑ. ඉතින් ඒ ටික ඇති මේ ගෑණු ළමයගේ ජිවිතේ විනාස වෙන්න. දෙන්නගෙම කැමැත්තෙන් හැමදෙම සිද්ද වෙනවා උනාට කර ගන්න ඕනේ දේවල් කරගත්තම කොල්ලෝ මගාරිනවා. මෙතනදි කොල්ලන්ට විතරක් වරද පටවන්න බෑ. මොකද කෙල්ලො දැනගන්න ඕනේ කොහොමද සමජයේ ඉන්න් ඕනෙ කියන එක. හැබැයි මම කියන්නේ නෑ කොල්ලෝ හරි කියලා. ඒකේ ශාපය කවද හරි ඒ අයට ලැබෙනවා. ඒක මම හොදින්ම දැකලා තියන දෙයක්. 

මට නම් කටුණායක ඉන්න ගැහැණු මයෙක්ව මගේ ජීවන සහකරිය කරගන්න තියෙන්නේ ඇත්තටම බයක්. ඒකට හේතු දෙකක් තියනවා. එකක් තමයි ආත්ම ගෞරවය තියාගෙන ඉන්න කෙනෙක් හොයාගන්න නැති තර්ම්. අනික තමයි මෙහෙදි අහන්න දකින්න වෙන දේවල්... ඇත්ත්ටම කණගදායකයි. මේ දේ මට ඊයේ හවස අහන්න ලැබුණෙ. යාලු වෙලා හිටපු කෙල්ල වෙන කොල්ලෙක් එක්ක පැනලා ගිහින්ලු. කොල්ලා වැඩ ඇරෙන වෙලාවට ඇවිත් අර කෙල්ලගෙ යලුවන්ගෙන් අහනවා ඉන්න තැනක් දන්නවද කියලා. කටක් ඇරලා සමාජයෙ කියන්න බැරි දෙවල් මෙහෙ සිද්ද වෙනවා. මම කියන්නෑ මෙහෙම දෙවල් මෙහෙ විතරයි සිද්ද වෙන්නෙ කියලා. මෙහෙදි ඒවා ගොඩාක් සුලභ දේවල්. 

මට හිතාගන්න බැරි දේ තමයි කොහොමද මේ දේවල් නවත්වන්නේ. මෙහෙ වැඩ කරනවා වයස 16 විතර මයි. හරි හමන් අධ්‍යාපනයක් නැතුව තමයි මෙහෙට එන්නේ. මට හිතෙන්නේ වැරැද්ද එතන කියලා. තමන්ගේ කවුරු හරි කටුණායක වැඩ කරනවා නම් පුලුවන් හැම වෙලාවෙම එයා ගැන හොයා බලන්න කියන එක විතරයි මට කියන්න තියෙන්නේ.

4 අදහස්:

රත්ගමයා said...

හ්ම්ම්ම්ම්...ගොඩක් දේවල් ඇත්ත...නවම් අයියත් කටුනායක කෙල්ලො (ගෑනු) ගැන ලියලා තිබ්බා මේ විදිහටම..ඒත් හැමෝමලා ගැන ඒ විදිහට ලියන්න බෑ,,මට මතකයි ලස්සන සිංදුවක් තිබ්බා මේ ගැන...
ඒක මතක් උනොත් ඇවිල්ලා දාන්නම් මෙතනම

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

ඇත්ත බං.. කටුනායක විතරක් නෙවෙයි.. ගාමනට් තියන ගොඩක් පැති එහෙමයි.. ගෑනු ලමයිනට ගොඩක් නිදහස වැඩි උනහම.. කවුරුවත් හොයන්නෙ බලන්නෙ නැති උනහ‍ම ඕව වෙනව.. ලමය රැකියාවට ගියාම මොකද වෙන්නෙ කියල හොයන එක දෙමවුපියන්ගෙ වගකීමක්.. ඒ වගේම තමයි යන එකත් දැන ගන්න ඕන හරියට තමන්ගේ වැඩේ කරගෙන එන්න.. උබ කීව වගේ අධ්‍යාපන මට්ටම ගොඩක් බලපානව..

නචියා said...

@රත්ගමයා.
හැමෝම නෙවේ මාත් කියන්නේ.. එත් 95%ක් විතර මෙහෙම තමයි..
සිoදුව මතක් උනොත් දාපන්කෝ බලන්න...

------------------------------------
@ යොහාන්.
ඒ ගැන ගොඩක් දන්න පාටයි....

~:: My Cottage ::~ said...

වටිනා ලිපියක් සහෝදරයා. මේවා පින් සිද්ද වෙන ලිපි.

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...