හම්මේ.... ගොඩ දවසකින් බ්ලොග් එක පැත්තේ ආවේ.. මේ ටිකේ නම් එක දිගටම වැඩ... ඒ අස්සේ නචියා බස් පදින්නත් පටන් ගත්තනේ... දැන් නම් දන්න අදුනන බස් රියදුරෝ ටිකකුත් ඉන්නවනේ... ඒත් තාම ඉතින් නචියගේ බස් වල මැස්සෝ ඇහිරෙනවා... නචියටත් බස් ලයිසොන් එක ගන්න උදව් කරන මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි...
.............................................................................................
අද මම කියන්න යන්නේ ඊයේ ආව දුරකථන ඇමතුමක් නිසාවෙන් මට මතක් වූ මාගේ අතිජාත මිතුරකු හා ඔහු සමග ගෙවුනු අතීතය ගැනත්ය. මා දැනට රැකියාව කරන ස්ථානයට පැමින මේ වන ටිට අවුරුදු පහයි මාස අටක් පමන ගෙවී තිබේ. මා මෙහි පැමිණ මාසයක් පමණ ගෙවී යන විට අන් අයට වඩා ඔහුත් මාත් අතර හිතවත් කමක් ඇතිවීමට හේතුව විය හැක්කේ කෙලි දෙලෙන් කාලය ගත් කිරීමට අප දෙදෙනා තුලම වූ කැමැත්ත විය යුතුය.. ඔහු නමින් දේවින්ද ලෙස කතාවට ඈදා ගනිමි.
දේවින්දගේ නිවස ඇබිලිපිටියේ ඉතාම සුන්දර ගම් පියසක පිහිටා තිබුනි. මමත් දේවින්දත් තවත් මා සමග අප ආයතයේම රැකියාව කරන හතර දෙනෙකුත් නිවසක් කුලියට ගෙන එහි නතර වී රැකියාව කරමින් කල් ගෙව්වෙමු... මෙසේ අවුරුද්දක කාලයක් අපි එකට සහෝදරයන් මෙන් කලාය ගෙවා දැමුවෙමු...
අප සිටි නිවස පසුපස කලපුව දක්වා දිවයන තණ බිස්සකි.... ඒ මත කලපුව ආසන්නයේම පුටු හයක් සහ ස්ටූලයක් තබා සකසා ගත්තේ සෙට් වීම සදහා පමනක්ම නොවේ.. එකිනෙකාට තිබෙන සියලුම ආර්ථික අපහසුතා, පවුල් වල තිබෙන්නා වු ගැටලු ආදී සියලුම දේ එතනදී පැවසීමටත් හැකි වන පරිදිය. ඒ අතර දවස් තුනක නිවාඩුවක් ලැබෙන විටදී අප එකෙනෙකාගේ නිවෙස් වලට යාමේ පුරුද්දක් ඇති කරගෙන තිබුණි. මේ හේතුවෙන් අප කිසිවෙක් තුල අනෙකා කෙරේ අවිස්වාසයක් ගොඩ නැගීමට ඉඩක් නොවීය.
මේ ආකාරයෙන් ඉතාම සතුටෙන් අපි අවුරුදු තුනක් පමණ කාලයක් එකට ගෙවා දමා තිබුනේ අපටත් නොදැනීමය. මේ අතර තුර මාගේ මිතුරා දේවින්ද කොරියාවේ රැකියාවකට යාමට ඉතා කැමැත්තෙන් පසුවූ අතර එම කටයුත්ත සාක්සාත් කර ගැනීම සදහා වෙහෙසෙමින් සිටියේය. අවසානයේ ඔහු අප හට කියා සිටියේ තවත් මාසයකින් පමණ පසුව ඔහුට කොරියාවට යා හැකි බවත් ඒ සදහා රුපියල් ලක්ෂ හතරක් පමණ අවශ්‍යය බවත්ය. ඒ සදහා දේවින්ද මාගෙන් රුපියල් ලක්ෂයක් ඉල්ලා සිටියේය. මා හට ඒ මුදල ලබා දීම කෙරෙහි දෙවරක් සිතීමට අවශ්‍යය වූයේ නැත... මක් නිසාද යත් ඒ වන විට දේවින්ද මගේම සොයුරාටත් වඩා මා විස්වාස කල හෙයිනි.
නමුත් ඒ වන විට මා සන්තකයේ තිබුනේ රුපියල් හැට දහසකට ආසන්න මුදලක් සහ ක්‍රෙඩිට් කාඩ් පත පමණි...මිතුරෙකුගේ මාර්ගයෙන් ඔහුටද සීයට තුනක් ගෙවා රුපියල් හතලිස් දහසක මුදලක් ක්‍රෙඩිට් කාඩ් පතින් ලබා ගැනීමට හැකි විය. මාගේ සිතේ තිබුනේ දේවින්දට හරිගියා කියන්නේ මට හරිගියා වගේනෙ යන හැගීම පමනකි. මම රුපියල් ලක්ෂයක් දේවින්දගේ අතට දුන්නා... "මචන් ... මේ සල්ලි ටික උබට මාස තුනක් ඇතුලත ලැබෙන්න සලස්වනවා".. ඒ දෙවින්දගේ පිලිතුරයි....
මාසයකට පමණ පසු දේවින්ද කොරියාව බලා පිටත් වූයේ මාගේ නෙතට කදුලක්ද නංවමිණි..
කාලය ගත ව් ගියේය. මසකට ආසන්න වුවත් දේවින්දගෙන් කිසිදු ආරංචියක් නොවීය. මාස දෙකක් ගත විය. අවසනයේ මා තිරණය කලේ දේවින්දගේ නිවසට ගොස් දෙමාපියන්ගෙන් හෝ දේවින්ද ගැන තොරතුරක් දැන ගැනීමටය. මාගේ මිතුරන් තිදෙනෙකුත් සමග දේවින්දගේ නිවසට ගියෙමු. දේවින්දගේ මව කියා සිටියේ.... ඉදලා හීටලා කතා කරනවා පුතේ.... පුතාට හරියට ඉන්න තැනකුත් නෑලු....
කතාකරන්න දුරකතන අංකයක් නැති බවත් ඇය කියා සිටියාය... මට අදහා ගත නොහැකි විය. මාගේ සිත කිව්වේ දේවින්දට තාම ජොබ් එකකුත් නැතුව ඇති... ටිකක් කල් ගිහින් මගෙ සල්ලි ටික එවයි..
අදටත් මගෙ සිතේ තියෙන්නේ එම හැගීමය.. දේවින්ද කොරියාවට ගොස් දැනට අවුරුදු දෙකකටත් වැඩිය... අදවන තුරු ඔහු මට කතා කලේ නැත. මාගේ ක්‍රෙඩිට් කාඩ් පතේ ණයත් පොලියත් මා විසින්ම ගෙවා දැමුවෙමි. දේවින්දගේ මවගෙන් කීප විටක්ම විමසන විට ඇය පුන පුනා කීවේ පෙර කියූ දෙයමය.. අවුරුද්දක විතර සිට ඒ සිදුවීම අමතක කර දමා සිටියෙමි....
මාත් දේවින්දත් සමග නිවසේ නැවති සිටි කිසිවෙකුත් දැන් දකින්නටවත් නැත.... ඉන් දෙදෙනෙක් විදේශයේ රැකියාව කරන අතර අනිත් දෙදෙනා ගම් වලට වී ජිවත් වෙති. විදේශයේ සිටින දෙදෙනාගෙන් කෙනෙකු ඊයේ මා හට දුරකථනයෙන් අමතා දේවින්ද ගැන මතක් කර සිටියේය.... ඒ හේතුවෙන් එම සිදුවීම නැවතත් මාගේ මතකය අතීතයට ගෙන ගියේය..........

2 අදහස්:
ඉගෙනගනින් ලක්ශෙකට වඩා වටින පාඩමක්.... ලන්කර ගන්න එපා ඕනවට වඩා කිසි කෙනෙක්
සිරාවටම මලිකා. ඕවා තම්යි ඉගනගන්න තියන පාඩම්. මට තියන ලෙඩක් තමයි කවුරුහරි මගෙන් දෙයක් ඉල්ලුවම නොදී ඉන්න බැරි කම. ඒකෙන් ප්රයේජන ගත්ත එකෙක් තම්යි ඔය.
Post a Comment