මට දැනට පැයකට විතර කලින් දුරකතන ඇමතුමක් ආවා මගේ හොදම යාලුවෙකුගෙන්. අපි දෙදෙනා අතර ඇති වුනේ මෙ වගේ දෙබසක්....

යාලුවා :   මචං.... හෙට නිවාඩුවක් දාන්න වෙනවා....
මම     :   ඒ මොකෝ බන්... මොකක්ද සීන් එක....
යාලුවා :   මචං...හෙට මගෙ එන්ගේජ්මන්ට් එක... උඹ එන්නම ඕනේ....
මම     :   යකෝ හෙට..... උඹ අදද තිරණය කලේ හෙට බදිනවා කියලා...
යාලුවා :   හරි හරි දැන් ඒවගෙන් වැඩක් නෑ....  උඹ හෙට උදේ 11 ට _ _ _ (පාටිය තියන හොටෙල් එක) එකට වරෙන් හරිද....
මම     :   හරි මචං... ඕකේ එහෙනම්... හෙට සෙට් වෙමු....

දැන් මොකද කරන්නේ... අනිවා යන්න ඕනේ ඌගේ එකට... ඒ කාලේ ඉදලා මගෙ බොක්කේ යලුවෙක්... අනිවා බොන්නත් වෙනවා... මම හෙට නිවාඩු කියලා සුදු මැණිකේ දැන ගත්ත ගමන් එයාව මීට් වෙන්න එනවද අහනව.. එකට යන්නත් ඔනේ... නොබි ඉන්නත් ඔනේ... මම අයේ බොන්නේ නෑ කියලා මටම පොරොන්දු උණා....මට හිතාගන්න බෑ මොකද කරන්නේ කියලා....

2 අදහස්:

said...

තේරුමක් නැහැ බන් උඹ හෙට වැඩ කරපන් එහෙනම් :-D

නචියා said...

@ම.... හෙට නිවඩුවක් දැම්මා....අනිවා යන්න ඕනේ.... මම කොහොම හරි නොබී ඉන්නවා...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...