තවත් එකක්..............










මේ දවස් වල වැඩත් එක්ක බ්ලොග් එක ලියන එක නවත්තලා තිබුනෙ. ලියන්න කියලා හරි හමන් දෙයක් හිතට ආවෙත් නෑ. ඒ හින්දම බ්ලොග් එක තියනවද කියලවත් බලන්න බැරි උණා. 

අදත් කියන්න යන්නෙ තවත් කෙල්ලෙක් ගැන.  මේ සිද්දිය වුනේ මම කාලයක් තිස්සෙ ආශ්‍රය කරන මගේ ලඟම යාළුවෙකුට. නමින් ඒ චමිල. මගෙ වයසෙම වෙච්චි චමිල මට මුණ ගැහෙන්නෙ රැකියා ස්ථානයකදි. මුලදි අපි දෙන්න අතර ලොකු හිතවත් කමක් තිබුනෙ නෑ. මගෙ වයසෙම කොල්ලෙක් විදියට විනෝදයට බර තවත් එක යාළුවෙක් විදියට චමිල මට හිතවත් උණා.

අපි එකට කෑවා බිව්වා, ට්‍රිප් ගියා, වෙඩින් වලට ගියා තව ගොඩක් දේවල් කලා. අදටත් අපි තැනකට සෙට් උනොත් දවස් ගානක් කතා කරන්න දේවල් අපි ඒ දවස් වල කරලා තිබුණා. 

චමිල කියන්නෙ ගොඩක් සංවේදී කෙනෙක්. ආදරේ වෙනුවෙන් මැරෙන්න උනත් දෙපාරක් හිතන්නෙ නැති ජාතියෙ කොල්ලෙක්. මට හම්බ වෙන්න කලින් ගෑණු ළමයි දෙතුන් දෙනෙක් එක්ක සම්බන්ද කම් තිබුනා කියලා මට කියලා තිබුණා. 

මෙහෙම ඉන්න අතරේ සමාජශාලා වෙබ් අඩවියකින් චමිල ගෑණු ළමයෙක් අඳුන ගන්නවා. කියන්න තරම් වැරද්දක් තිබුනෙත් නෑ කෙල්ලගෙ. දෙන්න හොඳට ගැළපෙන බවක් පේන්න තිබුණා. මමත් හිතුවෙ ගොඩක් ආදරෙන් ඉන්නවා කියලා. ගොඩක් සඳුදා වල උදේම චමිල මා ලගට ඇවිත් කියන්නෙ දෙන්නත් එක්ක ගිය ගමන් ගැනයි උණ දේවල් ගැනයි. 

සම්බන්දය පටන් අරන් මාස 5කට පස්සෙ කෙල්ලගෙ ගෙදරින් මේ සම්බන්දෙ දැන ගන්නවා. ලොකු අවුලක් නැතුව චමිල කෙල්ලගෙ ගෙදරට ගිහින් සම්බන්දෙ ගැන කීවම කෙල්ලගෙ දෙමව්පියනුත් මේ ගැන හොයලා බලන්න තීරණය කලා. 

කෙල්ල කොලඹ. ඉතින් ගෙවල් දෙකේ කට්ටියම දැන අඳුන ගෙන දෙන්නට අනාගතේ ගොඩනගා ගන්න අවස්ථාව ලබා දෙනවා. තවත් මාස තුනකට පස්සේ එන්ගේජ්මන්ට් එකට දින දාගත්තා. වෙඩිං එක ගන්න අවුරුද්දක් විතර යන නිසා එන්ගේජ්මන්ට් එක ටිකක් ලොකුවට ගත්තා. හොටෙල් එකක, කෑම බීම ඇතුලු හැම දෙයක් එක්කම අපෙත් සහභාගීත්වය ඇතුව ඉතාම ලස්සනට එදා දවස ගෙවුණා. 

හරියටම මාස දෙකකට පස්සෙ සඳුදා උදේක චමිල මා ළගට ඇවිත් කිව්ව දේ මට අදහා ගන්න බැරි උණා. මචං කෙල්ලට ඩිවෝස් වෙන්න ඕනේලු බන් මොනා කරන්නද මන්දා පිස්සු වගේ කියලා විස්තර ගොඩාක් කියාගෙන ගියා. මමත් කෙල්ලට කතා කරලා ඇහුව මොකද කියලා. කෙල්ල මට කිව්වෙ අයියෙ ඔයාට වැඩක් නෑනෙ අපේ දේවල් අපි ඒවා විසඳගන්නම් කියලා. තවත් අපේ යාළුවො කීපදෙනෙක් ම කතා කලත් වැඩක් උණේ නෑ. 

අන්තිමට කෙල්ල විවෝස් වෙන්න නඩුවක් දාලා. චමිල කියන විදියට හේතුව විදියට කෙල්ල කියන්නෙ චමිලගෙ ආදරේ එයාට කරදරයක්ලු. කෙල්ල හිතන්නෙ චමිල එයා ගැන සැකෙන්ලු ඉන්නෙ. දැන් කොහොම හරි හැම දේම වෙලා ඉවරයි. චමිල හිත්වේදන්නවෙන් කාලය ගත කරමින් ඉන්නවා. 


ප/ලි: මේ සීන් එක හින්දා පහුගිය ටිකේම හැන්දෑවට චමිලත් එක්ක දුක තුනී කරගන්න උණා. 

14 අදහස්:

පූසා said...

අනේ මන්දා..... සමහර කෙල්ලෙන්ව තේරුම් ගන්න අමාරුයි!

Anonymous said...

ගලේ ගහලා මරාදාපිය... කියලා අතීතේ මිනිස්සු කිව්වේ නිකං නෙවේනේ...

Dinesh said...

කෙල්ලෝ කියන්නේ තේරුම් ගන්න බැරි කට්ටියක්..

Lishan Puwakovitage said...

කෙල්ලොනේ මචන් ඉතින් පුදුම වෙන්න දෙයක් නෑ..! උන් අපෙන් හොයන්නේ ආදරයක් නොවේ රැකවරණයක් විතරයි..! මේ මට හිතෙන හැටි..

Sabith said...

කෙල්ලෝ ජාතියනේ බං!තව හොඳ ලොල්ලෙක්ව අල්ලගන්න ඇති!

නචියා said...

@ පූසා
@ prasanna86k
@ Dinesh
@ Lishan Puwakowita
ඒ ගැන ඉතින් ආයේ හෝදන්න දෙයක් නෑ තමයි, ස්තුතියි කමෙන්ට් වලට.....

@ Sabith
මාත් කිව්වෙ ඒක තමයි බන්, එහෙම නැතුව ඉතිං වෙන මොන හේතුවක්ද.....

අසරණයා said...

සමහර කෙල්ලෝ තමන් ගැන ඕනවට වඩා හොයනවට කැමති නැහැ.එයාල තේරුම් ගන්නේ වැරදි විදියට.

නචියා said...

@ අසරණයා
ගොඩාක් ස්තුතියි මේ පැත්තෙ ආවට. මෙයත් ඒ වගේ තමයි මට හිතෙන්නේ....

කතන්දර Kathandara said...

"සමාජශාලා" වෙබ් අඩවියකින් ???

Did you mean a social networking website such as Facebook?

sAm (සෑම්) said...

social network එකකින් තව එකෙක් සෙට් වෙන්න ඇති. යාළුවා පව් බං.

අසරණයාගේ පෝස්ටුවක උබේ ගැන තිබ්බ බොල ඒකයි බුක් මාර්ක් පාරක් දාගෙන මේ පැත්තේ ආවේ.

ජය...

ගැමියාගේ පත් ඉරුව said...

අසරණයා අයියාගේ පෝස්ටුවකින් ආවේ....මෙහෙම කෙල්ලොත් ඉන්නවානේ පව් අප්පා ඒ කෙල්ල සෝඩා බෝතලේ කැඩුවා වගේ ලව් සෙට් වෙද්දි මෙහෙම තමයි මම දැකලා තියෙන විදියට...හැබැයි ෆේස්බුක් එකෙන් ආදරේ කරන්න පටන් අරන් බැදලා සතුටින් ඉන්න ජෝඩුවක් මම දන්නවා මෙතන අවුල ඒ කෙල්ලගේ සමාජ රටාව වෙන්නැති...

ඔයාගේ බ්ලොග් එක වෙනුවෙන් මම සුභ පතනවා ජය වේවා

නචියා said...

@ කතන්දර
හික් හික් ඇති යන්තං එකෙක් වත් ඒක දැක්කා. මම හිතුවෙ කට්ටියම ඕක දකීවි කියලා.

@ sAm sRi
ගොඩාක් ස්තුතියි මේ පැත්තෙ ආවට. අඩේ මම දන්නෙ නෑනේ මං ගැන තිබුණා කියලා. මටත් බලන්න ඒ පෝස්ට් එකේ ලිංක් එක දාපන් මචං....

@ ගැමියාගේ පත් ඉරුව
ගොඩාක් ස්තුතියි මේ පැත්තට ආවට. එක එක මනුස්සයා හිතන පතන විදිය වෙනස්. ගැලපෙන්නෙම නැති අදහස් ගලප ගන්න බැරි උණාම තමයි ඔහොම වෙන්නෙ. බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා....

sAm (සෑම්) said...

http://asaranaya.blogspot.com/2012/01/blog-post_07.html

නචියා බලපං මේක ෆට්ට. :)

Lalith said...

Just came today, nice blog. Iam alsaw from mirigama.
sinhalabloggala.blogspot.com

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...