![]() |
දැනට මාසෙකට විතර කලින් මට කෝල් එකක් ආවා මගෙ යාළුවෙකුගෙන්. යාළුවගෙ නම් චන්දික කියමුකො. මෙහෙමයි අපි දෙන්න අතර කතාව ගියෙ...
චන්දික : හලෝ නචිය, මොකද කරන්නෙ, කොහෙද බන් ඉන්නෙ..
මම : අඩෝ චන්දිකයා, අද හාෆ් ඩේ ආවා බන්, කොලඹ යන්න බස් එකට නැග්ගා විතරයි
චන්දික : ඉතිං මචං... පොඩි උදවක් ඉල්ලගන්න පුළුවන්ද බලන්න කතා කලේ..
මම : කියපන් මචෝ පුළුවන් දෙයක් නම් ඉතිං ආයෙ අහන්න දෙයක් නෑ ඕකේ
චන්දික : මචං, මගෙ වෙඩිං එක ජනවාරි, කතා කලේ උඹට පුළුවන්ද බෙස්ට් මන්ට ඉන්න කියල බලාගන්න බන්..
මම : අනේ සොරි මචෝ, මම දැනට දෙකකට ඉඳලා තියනවා, තව එකක් ආවා මම බෑ කිව්වා, තුනකට ඉන්න ඉන්න හොඳ නෑළුනෙ බන්, කෙල්ල කියනවා ඉන්න එපාලු, ඒකයි කලින් එකටත් බෑ කිව්වෙ බන්...
චන්දික : එහෙමද, අවුලක් නෑ බන්, පියල්ට කතා කරලා බලන්නම්...
මම : අවුලක් නෑ නේද බන්
චන්දික : නෑ මචෝ, පස්සෙ සෙට් වෙමුකො එහෙනම්
මම : එළ මචං, එහෙනම් තිබ්බා...
එදයින් පස්සෙ චන්දික මට කෝල් කලේ නෑ. තරහකට නෙවේ. සෙට් වෙන වෙලාවක කෝල් එකක් දුන්නොත් ඇරෙන්න නිකමට කෝල් එකක් දෙන්නෑ චන්දිකයා. ගිය සතියෙ මට පියලව හම්බුණා. පියල් එක්ක කතා බහ ගියෙ මෙහෙමයි..
මම : හලෝ පියලා, කොහොමද මචං..
පියල් : අඩෝ නචියා, ඉන්නවා මචං උඹලගෙ පිහිටෙන් අපේ වියදමෙන් (කවුරු ඇහුවත් කියන්නෙ ඔය ටික තමයි)
මම : ඒක නෙමේ මචං, චන්දිකයගෙ වෙඩින් එක නේද ජනවාරි, උඹට කතා කලාද බෙස්ට් මන්ට
පියල් : ඔව් බන් මාර වැඩක්නෙ ඌට වෙලා තියෙන්නේ. වෙඩින් එක කැන්සල්, හොටෙල් එකත් බුක් කරලා තිබුනෙ ඒකත් කැන්සල් කලා බන්.
මම : අඩේ ඒ මොකද බන්, මොකක්ද අවුල...
පියල් : මාර කෙල්ලෙක් බන් ඒකි, මාතර එවුන්නේ, පවුං පහක මාලෙකුයි පවුමක මුද්දකුයි ඉල්ලලා චන්දිකයගෙන්..
මම : ඈ යකෝ මාර කෙල්ලෙක්නෙ බන්
පියල් : ඒ ටික නැත්නම් මේක කෙරෙන්නෙ නෑ කිව්වළු. චන්දිකයගෙ තාත්තා ඒකිගෙ ගෙදරට කතා කරලා මගුල නවත්තලා දැම්මා.
මම : පව් බන් චන්දිකයා, ඔය තුන් වෙනියට කෙරෙන්නම ගිය එක, කලින් දෙකෙත් අවුල් වුනානෙ.
පියල් : ඔව් බන් මොනා කරන්නද, පතාගෙනම අපු එකා එනකල් ඉන්න වෙනාවා.
තවත් දේවල් කතා කරලා මම පියල්ගෙන් සමු අරගෙන ආවා. ඔන්න ඉතිං මෙහෙමත් කෙල්ලො කිව්වට ඔක්කොම එහෙම නෑ. මෙහෙම අයත් ඉන්නවා කියලා කියන්න තමයි මේ කතාව දැම්මෙ.
ප. ලි. - නම් ගම් මනංකල්පිතයි. සත්‍ය සිදිවීමක්
13 අදහස්:
අප්පට තිලි දැන් පවුමක 50000ක් විතර වෙනවා නේද එතකොට වියදම
මාලෙට - 50000*5 = 250000
මුද්දට - = 50000
මුළු වියදම = 300000
මගෙ අප්පොච්චියේ :-/
ඕවා සාමාන්‍ය දේවල් බං. මං අනන්තවත් අහලා තියෙනවා....
@ ශානු
කියලා වැඩක් නෑ ශානු. ඒ කෙල්ලට මෙනෙ වෙලා තියෙන්නෙ කසාදෙ නෙවේ රත්තරං.......
@ පුසා
ඔහොම සීන් එකක් මම ඇහුවමයි බන්.....
අපරාදෙනේ යකෝ..හැරෙන තැපෑලට කියන්න තිබුනේ..උඹ පවුං විස්සක් විතර අරං වරෙං එතකොට දෙන්නං පැයකට දෙසිය පණහ ගානේ කියලා...
අනේ මන්ද මට නම් හිතා ගන්නවත් බෑ මෙහෙමත් කෙල්ලො ඉන්නවද?
බලාගෙන යද්දි කොල්ලගෙන්ද දෑවැදි ඉල්ලලා තියෙන්නේ...
අපරාදේ රන් ආලෙපිත බාල රන් ගිහින් දෙන්න තිබුණා . ආයේ කසාද බැඳාට පස්සේ ඕක අහුවුණත් මොනා කරන්නද ?
අපරාදේ ඒකිට මාලෙයි මුද්දයි බන්දලා දෙන්න තිබ්බේ...
@ctkumara@gmail.com
හික් හික් මොකක්ද බන් ඒ පැයකට දෙසිය පනහ ගානෙ දෙන කතාව...
.............................................................................................
@ නදී
ඉන්නවා ඉන්නවා නදියෝ. මේක ඇත්තටම සිද්ද වුණ දෙයක්....
.............................................................................................
@ Dinesh
කියලා වැඩක් නෑ මචෝ. ඔන්න ඕවා හිතට අරගෙන ඉස්සරහට තීන්දු තීරණ ගන්න එක තමයි කරන්න තියෙන්නේ..
.............................................................................................
@ හිස් අහස
සිරාවටම එහෙම කරන්න පුළුවන් බන්. ඒත් කොහොමද කියහංකෝ එච්චර දේවල් ඉල්ලපු කෙනෙක් එක්ක ජීවත් වෙන්න හිත හදාගන්නෙ.
............................................................................................
@ prasanna86k
ඒකනෙ බන්, ඔය ටික වියදන් කරලා අරං දුන්නා කියමුකො. ඊට පස්සෙ මෙකි කිව්වොත් හෝම් කමිංග් එක ගලදාරි හරි ට්‍රාන්ස් ඒෂියා හරි ගම්මු කියලා... කොහොමද සනීපෙ....
ඒ මංගල්ලේ නං නොවෙච්ච එකමයි කාරිය.
@ ඔබා මාමා
අනිවා අනිවා, තව මොන මොනවා ඉල්ලන්න හිතාගෙන හිටියද දන්නෙ නෑනෙ.........
නරක කෙල්ලෙක්.හැමෝම එහෙම නෑ
@ අසරණයා
ගොඩාක් ස්තුතියි මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් 1ක් දාලා ගියාට....
අනිවාරයෙන්ම, මෙහෙම අයත් ඉන්නවා කියලා දැන ගත්තම නොලියා ඉන්න හිතුනෙ නෑ...... මෙහෙම නැති අය ඕන තරම් ඉන්නවා...
Post a Comment