අනේ මන්දා......



අන්තිමටම කළකිරිලා ඉන්න වෙලාවක්. ඒකට හේතුව කියන්නෙ මගෙත් එක්ක සම්බන්ද වෙලා ඉන්න මිනිස්සු එකම එක්කෙනෙක් ඇරෙන්න. සමහරු හිතන්නෙ තමන්ගෙ පැත්තෙන් විතරමයි. මේ ඔක්කොම කරන්න ඕන තනි මම කියන එක මුන්ට තෙරෙන්නෙ නැද්ද. එක්කො ඒක තෙරුම් අරන් මාවම තලන්න හදනවද කියලත් වෙලාවකට මට හිතෙනවා.

ඔෆිස් එකට ගියත් එතනත් වැඩ කරන්නෙ මම විතරද කියලත් මට හිතෙනවා. සමහරු කියනවා නචි ඔයාට තමයි හොදටම ඒටික කරන්න පුළුවන්. වෙන කෙනෙකුට දීලා මොකක් හරි වැරැද්දක් වුනොත්. එහෙම කියලා එක වැඩක් ඉවර වෙද්දි තව වැඩ දෙක තුනක් පෙන්ඩින්ග් ලිස්ට් එකේ තියනවා. තව මාස දෙකෙන් දෙකට හදන්න තියන රිපෝට්, ඒවට අවශ්‍යය තොරතුරු ගන්න ගියාම තමයි එපා වෙන්නෙ. මීටින් එක තියෙන්නේ හවස නම් මම එදා උදේ තමයි රිපෝට් ටික හදලා ඉවර කරන්නෙ. ඒකවත් වෙනෙ කෙනෙකුට දෙන්නේ නෑ. නචි මේක ගොඩක් වගකීමෙන් කරන්න ඕනෙ. ඔයාට තමයි ඒක කරන්න පුලුවන්. කොච්චර කතා කලත් හැමදාම ඔතනින් තමයි නතර වෙන්නෙ. කොච්චර වැඩ තිබුනත් මට කරන්න බෑ කියලා හිතුනොත් මම ඒ වැඩ අල්ලන්නෙ වත් නැතුව නිකම්ම කාලෙ ගෙවලා යන දවස් තියනවා. බස් පදින්නවත් නොයා.

යාළුවොත් එහෙම තමයි. මට තියනවා අමාරුවක් කවුරු හරි මගෙන් දෙයක් ඉල්ලුවොත් නෑ බෑ කියන්න බැරි. මට කරන්න බැරි දෙයක් නම් කරන්න පූළුවන් කෙනෙක්ට හරි කියලා ඒ වැඩේ කරලා දෙනකම් නින්ද යන්නෙ නැති ලෙඩක්. මගෙන් සල්ල ඉල්ල ගත්ත යාළුවො ඉන්නවා ඒක මතකවත් නැති ගානට ඉන්න. මට ඒවා මතක් කරලා ඉන්න බැරි ඉකත් අර ලෙඩේම රෝග ලක්ෂනයක්.

ගෙදර මතක් වෙද්දි මගෙ ඔලුව පැලෙන්න එනවා. කරලා ඉවර කරන්න තියන වැඩ මතක් වුනාම. මේවා මට කරගන්න පුළුවන් වෙයිද ඉතුරු වෙලා තියන කාලෙත් එක්ක කියලා. කෝ අර මම මීට අවුරුදු 5ක 10ක කලින් විඳපු නිදහස. ඒ කාලෙ මොනතරම් සුන්දරද.

අනේ මන්දා....

කාලයට ඉඩ දීලා බලන් ඉන්න්වා ඇරෙන්න වෙන කරන්න දෙයක් තියෙනවාද.

14 අදහස්:

Amila Chathuranga said...

hithanna giyoth iwarai hithanna welawa wen karanne nethuwa weda karanna

සිහින said...

අනේ මංද නචියො.මාත් හොඳටම කලකිරිල ඉන්නෙ මේ දවස් වල අපේම උන්ගෙ වැඩ නිසා.ඇත්තටම ජීවිතේ වගකීම් වැඩි වෙද්දි අපේ නිදහස එන්න එන්නම අඩු වෙනවා. ඒකයි ඇත්ත.

Anonymous said...

හ්ම් කාර්යබහුලත්වය කියන්නේ මහ විනාසකාරි ලෙඩක්...!

නදී said...

එන්න එන්නම ජීව්තේ සංකීර්ණ වෙනව නචී.ඉවසීමෙන් වැඩ කරන්න.ඔහොම තමා කාටත් ප්‍රශ්ණ.

සිතුවිලි නිහඬයි said...

එක තමා අයියේ හැමතැනම වෙලා තියෙන්නේ...කැපවීමෙන් වැඩකරන එකාගේ පිට හැමදේම දානවා කරපන් කියල.....අපිත් අර කිසිම දෙයක් නෑ බෑ කියන්න පුරුදුවෙලා නැති නිසා හැමදේම කරනවා....අන්තිමට කරපු හැමදේකම හොඳ නම අහක ඉන්න අය ගන්නවා...අපිට කිසිම ඇගයීමක් වත් නෑ.....මොනා කරන්නද...ඉවසීමෙන් වැඩ කරන්න

මාරයාගේ හෝරාව said...

මංනං දැන් නරක ලෙඩක් බෝ කරගෙන ඉන්නේ..අන්තිම මොහොත වෙනකල් පිස්සු නට නට ඉඳලා..අන්තිම තත්පරේදී කරලා දානවා.....නැත්තං මුලින් කරන්න කියලා දඟලන්න ගියාම වැඩවල ඉවරයක් නැහැ

නචියා said...

@ indi
ඒකත් ඇත්ත තමයි අමිල. එතකොට වැඩ ටික වත් ඉක්මනට ඉවර වෙනවනෙ.

@ සිහින
මිනිස්සු විවිධාකාරයි තේරුම් ගන්න හරි අමාරුයි බන්. නිදහස නම් නැති ගානයි දැන්...

@ prasanna86k
තව ලෙඩ ගොඩක් හැදෙන්න පුලුවන් මේ හින්දා මචං....

නචියා said...

@ නදී
ඒක තමයි නදී මොනවා කරන්නද ඉවසීමෙන් වැඩ කරගෙන ඉන්න වෙනවා.

@ සිතුවිලි නිහඬයි
සම්පූර්ණම ඇත්ත කතාව සීනී. මොනා කරන්නද ඉතිං. වෙන තැනකට ගියත් ඔය දේ ඔහොමම තමයි.

@ මාරයාගේ හෝරාව
ඒක නම් ටිකක් භයානක ලෙඩක් මාරයියෙ. මමත් ඕක උත්සාහ කරලා බැලුවා. වැඩ ගොඩ ගැහෙන එක වැඩි වෙනවා ඔය වැඩෙන්. සමහර වෙලාවට හොඳම ක්‍රමේ ඕක තමයි...

Rajitha Abeysinghe said...

ඔහොම තමයි නවියා.ජිවිතේ ප්‍රශ්න කියන එක හැම මිනිහටම පොදුයි.

වැඩ නොකරන මිනිස්සු හැම වෙලේම බලන්නේ අනිත් මිනිස්සු පිට දාලා වැඩේ ශේප් කරගන්න.ඒක කොහෙත් තියෙනවා.

මමත් අනන්තවත් මේ සිද්ධියට මුහුණ දීලා තියෙනවා.ඒත් අපි ඒ වැඩේ අවංකව කරන නිසා අපිට ඒකෙන් කවදාකවත් පාඩුවක් වෙන්නෙ නෑ.යම් දවසක් ඉක්මනටම ඕවගේ ප්‍රතිඵල ලැබෙයි.අර වැඩ නොකර බෝලෙ පාස් කර කර ඉන්න මිනිස්සුන්ටත් ඒවගේ ප්‍රතිඵල ලැබෙයි.

කරන වැඩකන්දරාවෙ හැටියට ඉක්මනටම ප්‍රමෝශන් එකක් ලැබෙයි නේද? :D

නචියා said...

@ ~Rajith Doo~
කතාව ඇත්ත රජියා. මාත් විස්වාස කරනවා ඕවට ප්‍රතිඵල හම්බ වෙයි කියලා. ඒත් බලාපොරොත්තුවක් නම් නෑ.

ප්‍රමෝශන් එකක් නම් ලගදිම ලැබෙයි මචං. ඒත් වැඩ වල අඩුවක් වෙයි කියලා නම් හිතන්නම බෑ. මොනා කරන්නද කරගෙන ඉන්න වෙනවා...

කතන්දර Kathandara said...

Human needs are insatiable!

නචියා said...

@ කතන්දර Kathandara
Generally yes, but there are some exceptions.

Thank you very much for your comment,

Unknown said...

අනේ මන්දා...

නචියා said...

@ නෙරංජි | Neranji
හ්ම්ම්ම්... ගොඩක් ස්තුතියි නංගියො මේ පැත්තෙ ආවට...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...