නුඹ.......

ගිම්හානයට විරාමය දී
මා වෙතට වස්සානය ගෙනා

නුඹ.......

මෙතරම් නපුරු යැයි
මා කිසි දිනෙක නොසිතුවෙමි
මෙවන් නපුරු සරඳමක් 
කිසි දිනෙක නොපැතුවෙමි

පැතූ දහසක් පැතුම් පොදි
අකාලයේ මිය යද්දි
කෙසේ නම් මා ඉවසම්ද

ඔබට පමණක් පුදන්නට
පූජාසනයේ මල් පිදු මා ළඟ
නැත විකසිත වූ පියුම්
සියල්ල පරවී ගොසිනි
 
මා සිතුම් සඳැල්ලේ
නැගෙන දහසක් සිතුවිලි

නුඹ ගැනයි........

අසන්නට එක වතාවක්
හෙටක් වෙනුවෙන් 
ලොවක් පතමි මා  

ඔබේ දෙපා ළඟ
විකසිත වී පිපෙන්නට........

12 අදහස්:

සිතුවිලි නිහඬයි said...

නවියා අයියත් දැන් සෑහෙන්න කවි ලියනවා නේද....

සංජු said...

වෙඩිම ලඟයිද නචී???

නචියා said...

@ සිතුවිලි නිහඬයි
ගොඩක් කාලෙකට කලින් ලිව්ව එකක්. පොතක තිබිලා හම්බ උනේ.....

නචියා said...

@ සංජු
යා යා තව ටිකක් කට් තියේ. ලබන අවුරුද්දෙ මැද හරියෙ තමා....

ප්‍රාර්ථනා said...

ලස්සනයි අයියේ..

නචියා said...

@ ප්‍රාර්ථනා
තැන්කූ තැන්කූ.....

හිස් අහස said...

සුන්දරයි මචෝ ..ඒ අදහස් ඩිංග ..

නචියා said...

@ හිස් අහස
ගොඩක් ස්තුතියි සඳරූ......

දුමී said...

ජීවිතයේ ජය හොඳින් විඳින්න නම් පරාජයත් ලබලා තියෙන්න ඕනෙ මලේ....!

නචියා said...

@ දුමී
ගොඩක් ස්තුතියි දුමී අයියා මේ පැත්තෙ ආවට.

අනිවා දුමී අයියෙ. සහතික ඇත්ත කතාව....

හා පැටික්කි (MS) said...

මෙන්න කවියක්.......

නචියා said...

ටැංකූ හාවියේ....

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...