ස්තුතියි ඔබ සැමට.........

පහුගිය සෙනසුරාදා, ඉරිදා අපිට ඉතාම වැදගත් දින දෙකක් වුණා. ඒ අපත් සමග කාලයක් ඉතා මිත්‍රශීලීව කටයුතු කල අප මිතුර දිලුම් (ඉලංදාරියා) ගේ හදිසි වියෝවෙන් තුන් මසක් ගෙවී ගිය තැන කරන්නට යෙදුන දානමය පුන්‍යකර්මය හේතුවෙනි.

පානදුරේ ළමා නිවාසය බලන්න ගිය කට්ටිය
මේ කාර්ය සදහා මුලින්ම අදහසක් ඉදිරිපත් කලේ අප කවුරුත් දන්නා හදුනන සිතිවිලි නිහඩයි. ඒ හරහා තනෝජා අක්කා, සිහින සහ මමත් ඇතුලුව මේ කාර්යයේ මූලික පියවර වශයෙත් දැනුවත් කිරීමක් කරනු ලැබුවා. එමගින් අපට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුනා.

අපි මුලින්ම තීරණය කලේ අනාථ ළමා නිවාසයකට දානයක් දෙන්න. ඒ සදහා අපි තැන් කීපයක් බලන්නත් ගියා. ගොඩ දෙනෙක් අදහස් දුන්නා මේ වැඩේදි අපට. ඒ අනුව තීරනය වුනේ මහරගම පිළිකා රෝහලේ නේවාසික රෝගීන්ට කෑම බීම ලබා දීමටයි. මේ ගැන රෝහලත් සමග සාකච්චා කර ගැනීමට අප සියළුම දෙනා නියෝජනය කරමින් තනෝජා අක්කා, ලහිරු චානක, හසී පැකිලීමකින් තොරවම ඉදිරිපත් වුනා.

රෝහලෙන් කිව්වෙ කෑම බීම නැතුව ලෙඩ්ඩු මැරෙන්නෙ නෑ. බෙහෙත් නැතුව තමයි ලෙඩ්ඩු මැරෙන්නේ. පුලුවන් නම් බෙහෙත් අරන් දෙන්න කියලා. ඉතින් ඒ අනුව අපි තීරණය කලා අපි බෙහෙත් අරන් දෙන්න. මේ පිලිබදව අප මිතුරු මිතුරියන්ව දැනුවත් කලා.

අප බලාපොරොත්තු වූවටත් වඩා සහයෝගයක් ලැබුණා අපේ මිතුරු මිතුරියන්ගෙන්.  ඇත්තටම කවදාවත් හම්බ වෙලා නොතිබුන, සමහර අය කතා කරලා තිබුනෙ වත් නෑ, තව විදේශ රටවට සිටින අපේ මිතුරන් සහ එදිනෙදා අප සමගම සිටින අපේ මිතුරු මිතුරියනුත් මේ වැඩේදි අපට ගොඩක් උදව් කලා.

ඒ අනුව අපට පුලුවන් උණා මිල අධික බෙහෙත් වර්ග දෙකක් ගන්න බැරිව හිටිය ලෙඩෙකුට ඒ බෙහෙත් වර්ග දෙකත් දැන්ට රෝහලේ අඩු පාඩුව පැවති මිලෙන් වැඩි බෙහෙත් වර්ග කීපයක් ලබා දෙන්න. 
පිළිකා රෝහලට ගිය අපේ කට්ටිය

 අරන් දුන්න බෙහෙත්

බෙහෙත් බාර දුන්න අවස්ථාව

බෙහෙත් බාර දුන්න අවස්ථාව

පිළිකා රෝහලට ගිය අපේ කට්ටිය

පිළිකා රෝහලට ගිය අපේ කට්ටිය

පිළිකා රෝහලට ගිය අපේ කට්ටිය

අරන් දුන්න බෙහෙත්


සෙනසුරාදා දින (20) බෙහෙත් ලිස්ට් එක ලබා ගැනීමට සහ බෙහෙත් මිලදී ගන්නා තැන් ගැන සොයා බලන්නට වෙහෙස වූ තනෝජා අක්කා, සිහින, හසී, සිංහයා, දිනිත් කුමාර ඔබ සැමට ගොඩාක් ස්තුතියි මේ වෙනුවෙන් කාලය මිඩංගු කලාට.

දිනිත් කුමාර සමගින් හැම තැනම් ගිය වාහනේ
දිනිත් කුමාර, මම වගේම මම හිතන්නෙ කවුරුත් වැඩිය නොදන්න කෙනෙක්. දවස් දෙකේම අපිත් එක්ක හැම තැනම යන්න තමන්ගෙ වාහනය කිසිම පැකිලීමකින් තොරව අරගෙන ආවා. ස්තුතියි දිනිත් ඔබටත්.

ඒ වගේම ඉරිදා (21) මේ වැඩේට සහභාගී වු සහ මේ සදහා අධාර කල සැමටත් ස්තුතියි. මේ කාර්යය සාර්ථක කරගැනීමට සහය දුන් සැමටම ස්තුතියි. 

11 අදහස්:

Kasun said...

බොහොම වටින වැඩක් සහෝ. ඔය වැඩේ ගැන මම නම් අදමයි දන්නෙ. වැඩේ නම් සුපිරි. ජය!

හිස් අහස said...

මමත් අදමයි ඔය ගැන දන්නේ මචං .. පින් සිද්ධ වෙන වැඩක් උඹලා කරලා තියෙන්නේ ..පිලිකා වලට ඕන කරන බේත් කොයිතරම් ගනංද ? නියම වැඩක් ..

හසී said...

තනොජා අක්කාට වගේම දිනිත් අයියාට ස්තුති කරන්නම ඕන.......... වැඩේ හොඳින් කෙරුනා සන්තෝසයි :)

නචියා said...

@ Kasun
කණගාටු වෙනවා දැනුවත් නොවීම ගැන. හැමෝගෙම උදව්වෙන් වැඩේ හොදටම කලා මචං.
--------------------------------------------------------------------------

@ හිස් අහස
ඔව් මචන් සදරූ. මාර ගනං ඒ බෙහෙත් අපිට පුලුවන් උපරිමයෙන් අරන් දුන්නා.
--------------------------------------------------------------------------

@ හසී
අනිවාරයෙන්ම හසී. ඔයාටත් ස්තුතියි කට්ටියම වෙනුවෙන් මහන්සි උණාට.

Pasan said...

වැඩේ උපරිම සාර්ථකයි කියලා දන්නවා.. මගේ හදපිරි පට්ට සතුට මෙසේ සටහන් කරමි...

නචියා said...

@ Pasan
පසා උඹටත් ගොඩාක් ස්තුතියි මචං. පිළිකා රෝහල ගැන අපට මුලින්ම මතක් කලේ උඹ. කෑම බීම වැඩක් නෑ කිව්වම තමයි අපි බෙහෙත් දෙන්න තීරණය කලේ..

අලුත් කොල්ලා | The New Guy said...

පුලුවනිනම් මතක තියාගෙන ඊලඟ අවුරුද්දෙත් කරමු මීටත් වඩා දයකත්වයක් අරගෙන

නචියා said...

@ අලුත් කොල්ලා
හොඳ යෝජනාව මචං. අපි උත්සාහ කරමු මීටත් වඩා හොඳට කරන්න........

Thanoja Rajapaksha said...

ගොඩාක් සතුටුයි මල්ලී... එක් පෝස්ට් එකක් නෙමේ 10ක් ලියන්න උනත් කරුණු තිබුනත් වෙලාව බාධාවක් වෙලා...

ඒ අය බයවුන හැටි.. කඩා පනින හමුදාව වගේ අපි 15ක් විතර එතනට ගියාම... චිරිස් බිරිස් ගගා පින්තූර වදිනකොට..

ඒත් අන්තිමට මෙහෙම එකතුවක් ගැන දැනගත්තම දැක්කද ඒ මූණුවල තිබ්බ සතුට..

සිතුවිලි නිහඬයි said...

මගේ යෝජනාව මෙච්චර සාර්ථක කරගන්න උදවු කරාට අයියේ ගොඩක් ස්තුතියි....ඒ වගේම උදව් කරපු හැමෝටමත් ගොඩක් ස්තුතියි.....

නචියා said...

@ තනෝජා රාජපක්‍ෂ
හිමිහිට වෙලාව අරන් ලියන්න අක්කා.

පත්තර කාරයො ආවත් එක කැමරාවයිලු. අපේ දෙන්නෙක් දෙපැත්තෙන්ම ෆොටෝ ගහපු එක ගැන ටිකක් බය වෙලා තම්යි හිටියෙ.

අපේ එකතුව ගැන ගොඩක් උනන්දුවෙන් කතා කලා තමයි ඒ අය.
--------------------------------------------------------------------------

@ සිතුවිලි නිහඬයි
හොද වැඩකට උදව් නොකර කොහොමද සීනී..

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...