ඇයි මෙහෙම දේවල් වෙන්නෙ......

මුලින්ම ස්තූතියි මගෙ සුදු මැණිකෙගෙ උපන්දිනේට සුභ පතපු හැමෝටම. බොහෝම කාර්යබහුල දින කීපයකට පස්සෙ අද ටිකක් නිදහසේ ඉන්නවා කාර්යාලයේ.
-----------------------------------------------------------------------------------

ගොඩක් කාලෙක ඉදලා මේ දේවල් මගෙ හිතේ තෙරපිලා තිබුණා. කාටවත් කියන්න හිත දුන්නෙත් නෑ. අද ඒ ඔක්කොම ටික කියන්නම්. කියමු බලන්න තම තමන්ගෙ අත්දැකීම් එහෙම තියනවන්ම්. මේවා මට කියන්න හිතුනෙ එක සිදුවීමක් එක දිගටම දකින්න ලැබුනට පස්සෙ. කතාව මෙහෙමයි. මම ටිකක් විතර දන්න පවුලක්. ඉන්නෙ තාත්තයි අම්මයි අවුරුදු 13 ක විතර දුවෙකුයි විතරයි. මම මේ පවුල ගැන දන්නවා කිව්වට ඒ අයගෙ නම් වත් මම දන්නෙ නෑ. තාත්තා පුද්ගලික ආයතනයක ගිණුම් අංශයේ තමයි වැඩ කරන්නෙ. අම්මා ගෙදර ඉන්නෙ. දුව පාසල් යනවා කෑගල්ලට. තාත්තට වයස 40 ක් විතර ඇති. අම්මා 35 ක විතර පෙනුමක් තියෙන්නේ. දැක්කම දෙපාරක් බලන්න හිතෙන තරමට ලස්සන රූපයක් තියනවා අම්මට.

මේ අම්මයි තාත්තයි අවුරුදු 5ක ආදර සම්බන්දයකට පස්සෙ දෙමාපිය අශිර්වාදය ඇතිව විවාහ වුණා. ආර්ථිකය අතින් ලොකු අඩු පාඩු තිබුනෙ නැති නිසා මේ පවුල තුල ඇත්තටම සමගියක් තිබුණා. හැම දාම උදේට දුවව ගේ ලගටම එන පාසල් වැන් රථයට නග්ගලා අම්මා යනවා මෝටර් බයිසිකලයෙන් තාත්තව ට්‍රාන්ස්පෝර්ට් එකට දාන්න. ගෙදර ඉදලා මීටර් 500 ක් විතර එහා හංදියෙන් තමයි ට්‍රාන්ස්පෝර්ට් බස් එක යන්නෙ. ඉතින් තාත්තා අම්මවත් දාගෙන එනවා බස් එක හරවන හන්දියට. තාත්තා වැඩ කරන කාර්යාලයේ පිරිමි අය තුන් දෙනෙක් ඒ හංදියෙන් බස් එකට නගිනවා. ගොඩක් දවස් වලට ඒ තුන් දෙනාම ආවට පස්සෙ තමයි තාත්ත ඔත්නට එන්නෙ.

බයික් එකත් එතනම නවත්තලා අම්මත් තාත්තත් අනිත් තුන් දෙනා එක්ක බස් එක එනකල් කතා කර ඉන්න එක හැම දාම වගේ මම දකිනවා. මම උදේට එන වෙලාවටම තමයි මේ කට්ටියත් එන්නෙ. මට මේක දකින්න ලැබෙන්නෙ මම එන ට්‍රාන්ස්පෝර්ට් වැන් එකට ඒ හංදියෙන් නගින්න ඉන්න කෙනා ටිකක් පරක්කු වෙලා එන එක පුරුද්දක් කරගෙන ඉන්න නිසා. තාත්තා බස් එකට නැග්ගට පස්සෙ අම්ම බයික් එක අරන් ගෙදර යනවා. හැම දාම මෙහෙම තමයි.

ගිය සතියෙ පාසල් නිවාඩු දුන්නට පස්සෙ දුවවත් උදේට එක්කන් එනවා තාත්තව බස් එකට දාන්න. ඒකට හේතුව මම හිතන්නෙ ඒ ගෙදර වෙන කවුරුත් නැති නිසා. අනික ඉතින් අද කාලෙ ආච්චි අම්මා කෙනෙක් වත් තනියම ගෙදරක තියලා යන්න පුලුවන්ද. ඉතින් තාත්තව බස් එකට දාලා අම්මා දුවවත් බයික් එකේ දාගෙන ගෙදර යනවා. මට මේ සිදුවීම බලන්න උනේ හරියටම දවස් තුනයි. ඒ මේ සතියේ සදුදා ඉදලා බදාදා වෙනකල් විතරයි. ඊයෙ උදේ මම ඒ හංදියට එද්දි එතන හිටියේ තාත්තත් එක්ක බස් එකට නගින තුන් දෙනාගෙන් දෙන්නෙක් විතරයි. අදත් හිටියෙ ඒ දෙන්නම විතරයි. මම ඊයෙ හවස තමයි සිද්ද වෙලා තියන දේ දැන ගන්න ලැබුනෙ.

උදේට බස් එකට නගින්න එන තුන් දෙනාගෙන් එක්කෙනෙක් එක්ක අම්මා පැනලා ගිහින්. මට හිතා ගන්න බෑ මොකක්ද මෙහෙම වෙන්න හේතුව කියලා. ඒ තරමට ඒ පවුල තුල බැදීමක් තිබුණා. තාත්තයි දුවයි දැන් තනිවෙලා. තාත්තා දවස් දෙකක් වැඩට ගිහින් නෑ. තාමත් අම්මව හොයනවා.

මේ මම අහපු පළවෙනි සිදුවීමත් නෙවේ අවසාන සිදුවීමත් නෙවේ. තව ඕන තරම් මේ වගේ සිදුවීම් තියනවා කියන්න. ඒත් ඒවා කියලා වැඩක් නෑ. දැන් මේ දේවල් සාමාන්‍යය දේවල් වෙලා. මිනිස්සුන්ට මොකද මේ වෙලා තියෙන්නෙ. මම ප්‍රාර්ථනා කරනවා කිසිම කෙනෙකුට මේ වගේ දුකක් දැනෙන්න වෙන්න එපා කියලා.

12 අදහස්:

අලුත් කොල්ලා | The New Guy said...

සික් ... නොදකිං ## ගෑණු. (බ්ලොග කැත කරන්න නෙමෙයි බං ආවේගෙට ලිව්වෙ)

RanDil said...

ම්ම්ම්......... මොනවා කියන්නද මන්දා මල්ලී, තව ටික දවසකින් අම්මා අඬාගෙන එනවා, ඒක නං ෂුවර්.

Ruka said...

පව් අර ළමයා...RanDil කීවා වාගෙ අම්මා ආපහු එවි.මොකද ඔය වාගෙ ගැණුන්ට ලැජ්ජා තියනවයැ..එය ආවොත් තාත්තාට බාර ගන්න වෙන්නෙ අනික අර පොඩි ලමයා නිසා

නචියා said...

@ අලුත් කොල්ලා
අලුලක් නෑ බන්. මටත් පුදුම කේන්තියක් ආවේ.
--------------------------------------------------------------------------

@ RanDil
ස්තුතියි අක්කා මේ පැත්තෙ ආවට. මටත් එහෙම හිතෙනවා අක්කා. බලමු ආවොත් කියන්නම්කො.
--------------------------------------------------------------------------

@ Ruka
ස්තුතියි මේ පැත්තෙ ආවට. ආපහු ආවොත් භාර ගනීද කියන්න බෑ. ළමය නම් පව් තමයි.

සිත් අහස said...

අනේ මන්දා, මෙහෙමත් දේවල් වෙනවනේ..

නචියා said...

@ ප්‍රාර්ථනා
මම දන්න ඔය වගේ ගොඩක් සිදුවීම් තියනවා මේ මාස තුනක විතර කාලයක් ඇතුලත සිද්ද වුණ. මේ සිද්දිය මගෙ හිතට ගොඩක් තදින් දැනුණා.

Kasun said...

මිනිස්සු කියන්නෙ අමුතුම ජාතියක් බං. කොච්චර ආදරෙන් දිවට දිව ගාගෙන හිටියත් තත්ත්පරයකින් ඒක වෙනස් වෙන්න පුලුවන්. ඒකට හේතුවක් කියන්න කවුරුවත් දන්නෙ නෑ. ඔය ගෑණු කෙනාගෙන් ඇහුවත් එයත් දන්නෙ නැතුව ඇති උත්තරයක්.

Unknown said...

ජීවිතේ කියන්න තරඟයක් බං..ඔය තරගෙ අරෙහම සාම කාමීව ඉන්න මිනිස්සු ජීවිතෙන් හති වැටිලා ඉන්නෙ..වෙනසක් හොයාගන එන ඕනිම අවස්තාවකි ප්‍රයෝජන ගන්න බලාගන...ඔය එකක්........
මාසෙකට දෙකකට සරයක් පොඩි වලියක් යන අවුරුද්දකට දවසක් දෙකක් තරහාවෙලා මහ ගෙදර යන ගෑනු කෙනෙක් ජීවෙතේට ඕක කරන්නෙ නෑ........
(මම පොඩි එකා ඕවා දන්නෙ කොහොමද කියලා අහනවා නෙවෙයි ඔන්න :P)

නචියා said...

@ Kasun
ඇත්ත මචං. ඒකනෙ උන්ට මිනිස්සු කියන්නෙ.
--------------------------------------------------------------------------

@ මදුශාන්
ඇත්ත මචං. ඉස්සර මිනුස්සු මේ වෙනසට යන්න භය වුණා. දැන් ඉන්න අයට ඒක එච්චර දෙයක් නෙවේ. උඹ කොහොමද හැබෑටම මේවා දන්නෙ ඈ..

හා පැටික්කි (MS) said...

අනේ ඉතින්..... මං හිතුවා කතාවේ හැටියට ඒ තුන්දෙනාගෙන් කාට හරි අනතුරක්වත් වෙලාද කියලා. මදැයි ඉතින්. ඔහොම ගිය අය වැඩි කල් ඉන්නැ තමයි.

ඇත්තටම මඩසාං මලේ මලයා ඒක දන්නේ කෝමෙයි?????

රත්ගමයා said...

හුටා..... :O කට ඇරුනා සිරාවටම...
මේට පට්ට ලෝකයක් නේ

නචියා said...

@ හා පැටික්කි (MS)
එහෙම දෙයක් වුනා නම් තාත්තටයි දුවටයි හිත හදා ගන්න තිබුණා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා.
-------------------------------------

@ රත්ගමයා
මොකෝ බන් කට ලොක් වෙලාද තිබුනේ. මේක නම් පට්ට ලෝකයක් තමයි මචං...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...