ඊ - ප්‍රේමය

මට්ටුවට ඇවිටිලි
වෙට්ටුවෙන් වෙලි වෙලි   
චැට් කරන සුරතලී
ඔට්ටුවට පෙම් කෙලී

වෙබ් සයිට් වල ගිලී
කරවටක් ගිලි ගිලී
ෆේස්බුක් දිය සුලී
පුම ඉතිරි ඇමතලී

බසට සරුවත් මුසුව
මොබයිලෙට කසුකුසුව
ඊමේල් දිවඔසුව
කොමල හදවතට සුව

 ඉදුල් බුරියානි බස
තොදොල් කඩදාසි ගස
කොපුල් කිතිකවන තොස
හිවල් ඇස තවන මස

ආටෝප සාරවිට
ලේ පාට කරයි කට
මාකටිං ප්‍රේමයට
ගෝලීය පාර තොට

කකා සයිවර් කෑම
පතා සයිබර් ප්‍රේම
මෙගා ගගුලේදීම
ටෙලිවිෂනයෙන් නෑම

ඊමේල් කල රුවට
මී බදින බඹරුනට
පිලා අවදියෙ පෙමට
සැබෑ රොන්සුනු කුමට
කුමාර හෙට්ටිආරච්චි

6 අදහස්:

පූසා said...

ෆට්ටයි බං......

මාරයාගේ හෝරාව said...

හොඳ නිර්මාණයක් නචියා...

සෝරෝ said...

හෙහ් හෙහ් මාරයි...... :D

Prabhath said...

නියමයි

නදී said...

ලස්සනයි

පන්සල් හංදිය said...

එල කියන්නෙ වදන් නැහැ ...... සිරාවටම ලියලා තියනවා ..........

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...