කොණ්ඩය කැපීම

මේ කතාව කිව්වේ අපේ ගුණපාල මාමා.... ගුණපාල කියන්නේ මමයි තව දෙතුන් දෙනෙකුයි එක්කලා හවසට සෙට් වෙලා කයිය ගහන අඋරුදු 60 ක විතර මාමා කෙනෙක්..කයිය ගහන කිව්වේ සතියේ දවස් වල හවසට පැයක් විතර තමයි.... මේ කතා දෙක කිව්වේ ඊයේ හවස...

කතාවට පුද්ගලයෙක්ගේ නමක් ඕනෙනේ ඉතින්... අපි කියමුකෝ කොන්ඩේ කපන්න යන්නේ මාටින් කියල.. ඔන්න මාටින් යනවා බාබර් සාප්පුවට.... මාටින් දකිනවා බාබර් වෙන කෙනෙකුගේ කොන්ඩේ කපනවා.. ඉතින් මාටින් ටිකක් එලියට බැහැල ලග හිටිය පොරක් එක්ක කතාවක් දාගෙන ඉන්නවලු... එතකොටම මාටින් දකිනවා බාබර් කොන්ඩේ කපන දිහා එළියේ ඉදලා බලාගෙන ඉන්න බල්ලෙක්.... බල්ලා කෙල හල හල කොන්ඩේ කපන දිහා බලාගෙන ඉන්නවලු... මාටින්ට මර අප්සට් මේක දැක්කම...ලග හිටිය පොරගෙන් ඇහුවලු මොකද අර බල්ලා කොන්ඩේ කපන දිහා බලාගෙන ඉන්නේ.. කොන්ඩේ කපන්න පුරුදු වෙන්නද කියල..... අර පොර කිව්වලු නැ නැ ඔය කොන්ඩේ කපාගෙන යන ගමන් කැපිල වැටෙන කන් කැලි එහෙම කන්න කියල...
ඊට පස්සේ මාටින්ට උන දේ හිතාගන්න පුළුවන්නේ..

මාර්ටින් වෙන තැනකට ගිය කොන්ඩේ කපන්න...එතන කුරුත් හිටියේ නැති නිසා කපන්න පටන් ගත්තලු... බාබර් ටිකක් වේගෙන් කොන්ඩේ කපාගෙන යනවලු ඉතින්.. දන්නවනේ ඉතින් ඒ කලේ මැෂින් තිබුනේ නැනේ..කතුරෙන් තමි වැඩේ යන්නේ... මාටින්ට බය හිතුනලු මු කන කපයි කියල... බයටම කිවව්ලු ඔය හරියේ කනක් තියනවා කියල.....කියනකොටම බාබර් කන කපල අතට දීල ඇහුවලු මේකද කියල.......

2 අදහස්:

සෝරෝ said...

හපොයි කණ..... :D

හසී said...

හික්ස් :D

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...