තවද, මුදල් පරිත්‍යාග කල බොහෝ දෙනෙකුගේ ඉල්ලීම වූයේ ඔවුන්ගේ නම් ප්‍රසිද්ධ නොකරන ලෙසයි. එම නිසා පහත ලැබීම් වගුවේ ඔවුනොවුන්ට වෙන් කල අංකයක් දක්වා ඇත.ඔබට ලැ බුණු ඊ මේල් පණිවිඩයේ සඳහන් අංකය වගුවේ පරිත්‍යාග මුදල සමඟ ගැලපෙනු ඇත.
ඔබේ අංකය | ලද මුදල |
201108DD-001 | 1,000.00 |
201108DD-002 | 1,000.00 |
201108DD-003 | 500.00 |
201108DD-004 | 1,000.00 |
201108DD-005 | 500.00 |
201108DD-006 | 1,000.00 |
201108DD-007 | 2,500.00 |
201108DD-008 | 4,640.00 |
201108DD-009 | 1,000.00 |
201108DD-010 | 5,000.00 |
201108DD-011 | 5,000.00 |
201108DD-012 | 5,050.00 |
201108DD-013 | 500.00 |
201108DD-014 | 2,000.00 |
201108DD-015 | 200.00 |
201108DD-016 | 300.00 |
201108DD-017 | 3,000.00 |
201108DD-018 | 500.00 |
201108DD-019 | 5,000.00 |
201108DD-020 | 5,015.00 |
201108DD-021 | 1,000.00 |
201108DD-022 | 1,000.00 |
201108DD-023 | 2,000.00 |
201108DD-024 | 3,000.00 |
201108DD-025 | 300.00 |
201108DD-026 | 1,000.00 |
201108DD-027 | 1,000.00 |
201108DD-028 | 1,000.00 |
201108DD-029 | 500.00 |
201108DD-030 | 1,500.00 |
201108DD-031 (මුදල් සමාන කිරීමට) | 525.00 |
එකතුව | 57,530.00 |
වියදම් :
අනු අංකය | බෙහෙත් වර්ගය | ඒකක මිල (රුපියල්) | ප්‍රමාණය | මුළු මුදල (රුපියල්) |
1. | Hib Vaccines | 1,380.00 | 01 Vial | 1,380.00 |
2. | Pheumococol Vaccine | 7,500.00 | 01 Vial | 7,500.00 |
3. | Raciwel INJ 500mg / 10ml | 290.00 | 20 Nos. | 5,800.00 |
4. | Raciwel INJ 250mg / 10ml | 175.00 | 20 Nos. | 3,500.00 |
5. | Dacarbazine INJ 200mg | 1,450.00 | 11 Nos. | 15,950.00 |
6. | Dacarbazine INJ 500mg | 3,000.00 | 07 Nos. | 21,000.00 |
7. | Mesna INJ 200mg / 2ml | 120.00 | 20 Nos. | 2,400.00 |
එකතුව | 57,530.00 |
දයාබර සොයුරු සොයුරියනේ, අප කෙරෙහි විශ්වාසය තැබුවාට අනේක වාරයක් පින් සිදු වේවා, එසේම නැවතත් උපදින ආත්ම භවයන්හිදී මෙවන් අකල් මරණයක් දිලුම් සොහොයුරාට අත් නොවේවා යැයි පතමු.
ස්තුතියි!
මෙයට,
ඔබේම...
sithuvilinihadayi@gmail.com - සීනි (සිතිවිලි නිහඩයි)
nachipu@gmail.com - නචියා
thanojar@gmail.com - තනෝජා රාජපක්‍ෂ
heenayak@gmail.com - සිහින
![]() | |
පානදුරේ ළමා නිවාසය බලන්න ගිය කට්ටිය |
අපි මුලින්ම තීරණය කලේ අනාථ ළමා නිවාසයකට දානයක් දෙන්න. ඒ සදහා අපි තැන් කීපයක් බලන්නත් ගියා. ගොඩ දෙනෙක් අදහස් දුන්නා මේ වැඩේදි අපට. ඒ අනුව තීරනය වුනේ මහරගම පිළිකා රෝහලේ නේවාසික රෝගීන්ට කෑම බීම ලබා දීමටයි. මේ ගැන රෝහලත් සමග සාකච්චා කර ගැනීමට අප සියළුම දෙනා නියෝජනය කරමින් තනෝජා අක්කා, ලහිරු චානක, හසී පැකිලීමකින් තොරවම ඉදිරිපත් වුනා.
රෝහලෙන් කිව්වෙ කෑම බීම නැතුව ලෙඩ්ඩු මැරෙන්නෙ නෑ. බෙහෙත් නැතුව තමයි ලෙඩ්ඩු මැරෙන්නේ. පුලුවන් නම් බෙහෙත් අරන් දෙන්න කියලා. ඉතින් ඒ අනුව අපි තීරණය කලා අපි බෙහෙත් අරන් දෙන්න. මේ පිලිබදව අප මිතුරු මිතුරියන්ව දැනුවත් කලා.
අප බලාපොරොත්තු වූවටත් වඩා සහයෝගයක් ලැබුණා අපේ මිතුරු මිතුරියන්ගෙන්. ඇත්තටම කවදාවත් හම්බ වෙලා නොතිබුන, සමහර අය කතා කරලා තිබුනෙ වත් නෑ, තව විදේශ රටවට සිටින අපේ මිතුරන් සහ එදිනෙදා අප සමගම සිටින අපේ මිතුරු මිතුරියනුත් මේ වැඩේදි අපට ගොඩක් උදව් කලා.
ඒ අනුව අපට පුලුවන් උණා මිල අධික බෙහෙත් වර්ග දෙකක් ගන්න බැරිව හිටිය ලෙඩෙකුට ඒ බෙහෙත් වර්ග දෙකත් දැන්ට රෝහලේ අඩු පාඩුව පැවති මිලෙන් වැඩි බෙහෙත් වර්ග කීපයක් ලබා දෙන්න.
![]() |
පිළිකා රෝහලට ගිය අපේ කට්ටිය |
අරන් දුන්න බෙහෙත් |
බෙහෙත් බාර දුන්න අවස්ථාව |
![]() |
බෙහෙත් බාර දුන්න අවස්ථාව |
පිළිකා රෝහලට ගිය අපේ කට්ටිය |
පිළිකා රෝහලට ගිය අපේ කට්ටිය |
පිළිකා රෝහලට ගිය අපේ කට්ටිය |
අරන් දුන්න බෙහෙත් |
සෙනසුරාදා දින (20) බෙහෙත් ලිස්ට් එක ලබා ගැනීමට සහ බෙහෙත් මිලදී ගන්නා තැන් ගැන සොයා බලන්නට වෙහෙස වූ තනෝජා අක්කා, සිහින, හසී, සිංහයා, දිනිත් කුමාර ඔබ සැමට ගොඩාක් ස්තුතියි මේ වෙනුවෙන් කාලය මිඩංගු කලාට.
දිනිත් කුමාර සමගින් හැම තැනම් ගිය වාහනේ |
ඒ වගේම ඉරිදා (21) මේ වැඩේට සහභාගී වු සහ මේ සදහා අධාර කල සැමටත් ස්තුතියි. මේ කාර්යය සාර්ථක කරගැනීමට සහය දුන් සැමටම ස්තුතියි.
අපේ එකෙක් වෙනුවෙන් අපට කරන්න හැකි දේ කරමු.....
Aug17,2011 ලිව්වේ නචියා @ 8:52 AM Labels: මේ ගැනත් හිතන්න...සිංහල බ්ලොග් අවකාශයේ "ඉලන්දාරියා" නමින් බිහිවී, අප අතර සදා නොමැකෙන මතකයක් හා වේදනාවක් ඉතිරි කර අගෝස්තු මස 18 වනදාට වියෝවෙන් තුන් මසක් සපිරෙන දිලුම් සොහොයුරාගේ ප්‍රාණකාරයා වෙනුවෙන් දෙමාපිය සහෝදර යුතුකම් ඉටුවෙද්දී, අපතින් කල යුතු යුතුකමක් ඉතා පුංචියට ඉටු කිරීම සඳහා මහරගම පිලිකා රෝහලට දානයක් දීමට අප තීරණය කලා.
දිනය - අගෝස්තු 21 වෙනි ඉරු දින
ස්ථානය - මහරගම පිළිකා රෝහල
මහරගම පිළිකා රෝහලට ගිය අපේ අයට (තනෝජා, ලහිරු චානක, හසී) එහෙන් කියපු විස්තරය මෙහෙමයි.
CT Unit එකෙන් තමා විස්තර ගත්තේ.. පළමු මහලේ කාමර අංක 103.
දු.ක. 0112 850252 - Ext 455
බෙහෙත් එක පෙත්තකට රු. 40ත් 200ත් අතර යනවාළු...
“ඉස්පිරිතාලෙ කෑම බීම නැතිව මිනිස්සු මැරෙන්නෙ නෑ.. ඉස්පිරිතාලෙන් කෑම බීම දෙනවා.. අපිට හිතුනට අපි එහෙම අහපු එක වැරදියි කියල එහෙම තරහ ගිය තාලෙන් නෙමේ කීවෙ... අපිට තේරුම්කරල දෙන තාලෙන් බෙහෙත් ගන්න විදියක් නැතිව තමා ගොඩක් අය මැරෙන්නෙ... එහෙම බෙහෙත් ඔයාලගෙ බජට් එකේ විදියට අරන් දෙන එක ලොකු පිනක්“
අද අඩුපාඩුවා හෙට ලැබෙන්න පුළුවන් කීවා. අපිට දෙන්න පුළුවන් දවසට කලින් දවසෙ ගිහින් ෆෝම් එකක් තියේ ඒක ෆිල් කරලා බෙහෙත් ලිස්ට් එක අරන් ඒක ගෙනත් දෙන්නයි කීවෙ පුළුවන්නම්.. එයාල සල්ලි භාරගන්නෙ නෑ කීවා.. බෙහෙත් නම් භාරගන්නවා කීවා.
ඉතින් යාළුවනේ කලින් අපි හැමෝම සෑහෙන උත්සහයක් ගත්තා ඔහුව සනීප කරගන්නට... ඒත් නොහැකි වූ බව ඔබ අප කවුරුත් දන්නා දෙයක්... ඔහුගේ නමින් කලත් කිසිම නමක් නැතිව කලත් අපට ලැබෙන පින එහෙමමයි... ඒ පිනෙන් කොටසක් ඔහුටත් අප නමින් මියගිය හැමෝටමත් පිළිගන්වමු... පුළුවන් ආධාරයක් කරන්න...
http://nachepu.blogspot.com/ නමින් බ්ලොග් අවකාශේ සැරිසරන “නචියා“ නමින් ගූගල් බස් පදින RAKJ Ranasinghe හා http://heenayak.blogspot.com/ නමින් බ්ලොග් අවකාශේ සැරිසරන “සිහින“ නමින් ගූගල් බස් පදින BLTM Balasooriya යන දෙදෙනාගේ නමින් කටුනායක කොමර්ෂල් බැංකු ශාඛාවේ දැනට මේ සදහා බැංකු ගිණුමක් ආරම්භ කර ඇති බව දන්වා සිටිමු.
RAKJ Ranasinghe
BLTM Balasooriya
Commercial Bank - Katunayake
ගිණුම් අංකය - 8250070554
විදේශ අයගේ තැම්පතු සදහා
Bank code - 7056-025
Swift code - CCEYLKLX
මුදල් දාපු අය කරුණාකරලා අපිව දැනුවත් කරන්න. හුදෙක් දැන ගැනීම පිනිස බව කරුණාවෙන් සලකන්න
thanojar@gmail.com
nachipu@gmail.com
sithuvilinihadayi@gmail.com
heenayak@gmail.com
දැනට රු. 14,500/- ක් ගිණුමට බැර කරලා තියනවා
Facebook Group - CyberFriends for Dilum (ඉලංදාරියා)
http://www.facebook.com/groups/Help.Dilum/
අපි මේ ගැන කලින් කතා කරපු බස්
https://plus.google.com/105160637786787870192/posts/DcenJHCr2dz
https://plus.google.com/105160637786787870192/posts/1TmEqqxgm9Q
https://plus.google.com/105160637786787870192/posts/jfa2PkrQJqs
මුලින්ම ස්තූතියි මගෙ සුදු මැණිකෙගෙ උපන්දිනේට සුභ පතපු හැමෝටම. බොහෝම කාර්යබහුල දින කීපයකට පස්සෙ අද ටිකක් නිදහසේ ඉන්නවා කාර්යාලයේ.
-----------------------------------------------------------------------------------
ගොඩක් කාලෙක ඉදලා මේ දේවල් මගෙ හිතේ තෙරපිලා තිබුණා. කාටවත් කියන්න හිත දුන්නෙත් නෑ. අද ඒ ඔක්කොම ටික කියන්නම්. කියමු බලන්න තම තමන්ගෙ අත්දැකීම් එහෙම තියනවන්ම්. මේවා මට කියන්න හිතුනෙ එක සිදුවීමක් එක දිගටම දකින්න ලැබුනට පස්සෙ. කතාව මෙහෙමයි. මම ටිකක් විතර දන්න පවුලක්. ඉන්නෙ තාත්තයි අම්මයි අවුරුදු 13 ක විතර දුවෙකුයි විතරයි. මම මේ පවුල ගැන දන්නවා කිව්වට ඒ අයගෙ නම් වත් මම දන්නෙ නෑ. තාත්තා පුද්ගලික ආයතනයක ගිණුම් අංශයේ තමයි වැඩ කරන්නෙ. අම්මා ගෙදර ඉන්නෙ. දුව පාසල් යනවා කෑගල්ලට. තාත්තට වයස 40 ක් විතර ඇති. අම්මා 35 ක විතර පෙනුමක් තියෙන්නේ. දැක්කම දෙපාරක් බලන්න හිතෙන තරමට ලස්සන රූපයක් තියනවා අම්මට.
මේ අම්මයි තාත්තයි අවුරුදු 5ක ආදර සම්බන්දයකට පස්සෙ දෙමාපිය අශිර්වාදය ඇතිව විවාහ වුණා. ආර්ථිකය අතින් ලොකු අඩු පාඩු තිබුනෙ නැති නිසා මේ පවුල තුල ඇත්තටම සමගියක් තිබුණා. හැම දාම උදේට දුවව ගේ ලගටම එන පාසල් වැන් රථයට නග්ගලා අම්මා යනවා මෝටර් බයිසිකලයෙන් තාත්තව ට්‍රාන්ස්පෝර්ට් එකට දාන්න. ගෙදර ඉදලා මීටර් 500 ක් විතර එහා හංදියෙන් තමයි ට්‍රාන්ස්පෝර්ට් බස් එක යන්නෙ. ඉතින් තාත්තා අම්මවත් දාගෙන එනවා බස් එක හරවන හන්දියට. තාත්තා වැඩ කරන කාර්යාලයේ පිරිමි අය තුන් දෙනෙක් ඒ හංදියෙන් බස් එකට නගිනවා. ගොඩක් දවස් වලට ඒ තුන් දෙනාම ආවට පස්සෙ තමයි තාත්ත ඔත්නට එන්නෙ.
බයික් එකත් එතනම නවත්තලා අම්මත් තාත්තත් අනිත් තුන් දෙනා එක්ක බස් එක එනකල් කතා කර ඉන්න එක හැම දාම වගේ මම දකිනවා. මම උදේට එන වෙලාවටම තමයි මේ කට්ටියත් එන්නෙ. මට මේක දකින්න ලැබෙන්නෙ මම එන ට්‍රාන්ස්පෝර්ට් වැන් එකට ඒ හංදියෙන් නගින්න ඉන්න කෙනා ටිකක් පරක්කු වෙලා එන එක පුරුද්දක් කරගෙන ඉන්න නිසා. තාත්තා බස් එකට නැග්ගට පස්සෙ අම්ම බයික් එක අරන් ගෙදර යනවා. හැම දාම මෙහෙම තමයි.
ගිය සතියෙ පාසල් නිවාඩු දුන්නට පස්සෙ දුවවත් උදේට එක්කන් එනවා තාත්තව බස් එකට දාන්න. ඒකට හේතුව මම හිතන්නෙ ඒ ගෙදර වෙන කවුරුත් නැති නිසා. අනික ඉතින් අද කාලෙ ආච්චි අම්මා කෙනෙක් වත් තනියම ගෙදරක තියලා යන්න පුලුවන්ද. ඉතින් තාත්තව බස් එකට දාලා අම්මා දුවවත් බයික් එකේ දාගෙන ගෙදර යනවා. මට මේ සිදුවීම බලන්න උනේ හරියටම දවස් තුනයි. ඒ මේ සතියේ සදුදා ඉදලා බදාදා වෙනකල් විතරයි. ඊයෙ උදේ මම ඒ හංදියට එද්දි එතන හිටියේ තාත්තත් එක්ක බස් එකට නගින තුන් දෙනාගෙන් දෙන්නෙක් විතරයි. අදත් හිටියෙ ඒ දෙන්නම විතරයි. මම ඊයෙ හවස තමයි සිද්ද වෙලා තියන දේ දැන ගන්න ලැබුනෙ.
උදේට බස් එකට නගින්න එන තුන් දෙනාගෙන් එක්කෙනෙක් එක්ක අම්මා පැනලා ගිහින්. මට හිතා ගන්න බෑ මොකක්ද මෙහෙම වෙන්න හේතුව කියලා. ඒ තරමට ඒ පවුල තුල බැදීමක් තිබුණා. තාත්තයි දුවයි දැන් තනිවෙලා. තාත්තා දවස් දෙකක් වැඩට ගිහින් නෑ. තාමත් අම්මව හොයනවා.
මේ මම අහපු පළවෙනි සිදුවීමත් නෙවේ අවසාන සිදුවීමත් නෙවේ. තව ඕන තරම් මේ වගේ සිදුවීම් තියනවා කියන්න. ඒත් ඒවා කියලා වැඩක් නෑ. දැන් මේ දේවල් සාමාන්‍යය දේවල් වෙලා. මිනිස්සුන්ට මොකද මේ වෙලා තියෙන්නෙ. මම ප්‍රාර්ථනා කරනවා කිසිම කෙනෙකුට මේ වගේ දුකක් දැනෙන්න වෙන්න එපා කියලා.