ඔෆිස් එකට ගියත් එතනත් වැඩ කරන්නෙ මම විතරද කියලත් මට හිතෙනවා. සමහරු කියනවා නචි ඔයාට තමයි හොදටම ඒටික කරන්න පුළුවන්. වෙන කෙනෙකුට දීලා මොකක් හරි වැරැද්දක් වුනොත්. එහෙම කියලා එක වැඩක් ඉවර වෙද්දි තව වැඩ දෙක තුනක් පෙන්ඩින්ග් ලිස්ට් එකේ තියනවා. තව මාස දෙකෙන් දෙකට හදන්න තියන රිපෝට්, ඒවට අවශ්‍යය තොරතුරු ගන්න ගියාම තමයි එපා වෙන්නෙ. මීටින් එක තියෙන්නේ හවස නම් මම එදා උදේ තමයි රිපෝට් ටික හදලා ඉවර කරන්නෙ. ඒකවත් වෙනෙ කෙනෙකුට දෙන්නේ නෑ. නචි මේක ගොඩක් වගකීමෙන් කරන්න ඕනෙ. ඔයාට තමයි ඒක කරන්න පුලුවන්. කොච්චර කතා කලත් හැමදාම ඔතනින් තමයි නතර වෙන්නෙ. කොච්චර වැඩ තිබුනත් මට කරන්න බෑ කියලා හිතුනොත් මම ඒ වැඩ අල්ලන්නෙ වත් නැතුව නිකම්ම කාලෙ ගෙවලා යන දවස් තියනවා. බස් පදින්නවත් නොයා.
යාළුවොත් එහෙම තමයි. මට තියනවා අමාරුවක් කවුරු හරි මගෙන් දෙයක් ඉල්ලුවොත් නෑ බෑ කියන්න බැරි. මට කරන්න බැරි දෙයක් නම් කරන්න පූළුවන් කෙනෙක්ට හරි කියලා ඒ වැඩේ කරලා දෙනකම් නින්ද යන්නෙ නැති ලෙඩක්. මගෙන් සල්ල ඉල්ල ගත්ත යාළුවො ඉන්නවා ඒක මතකවත් නැති ගානට ඉන්න. මට ඒවා මතක් කරලා ඉන්න බැරි ඉකත් අර ලෙඩේම රෝග ලක්ෂනයක්.
ගෙදර මතක් වෙද්දි මගෙ ඔලුව පැලෙන්න එනවා. කරලා ඉවර කරන්න තියන වැඩ මතක් වුනාම. මේවා මට කරගන්න පුළුවන් වෙයිද ඉතුරු වෙලා තියන කාලෙත් එක්ක කියලා. කෝ අර මම මීට අවුරුදු 5ක 10ක කලින් විඳපු නිදහස. ඒ කාලෙ මොනතරම් සුන්දරද.
අනේ මන්දා....
කාලයට ඉඩ දීලා බලන් ඉන්න්වා ඇරෙන්න වෙන කරන්න දෙයක් තියෙනවාද.