ක‍ටුණායක ගැහැණු ළමයි........

මම මේ කියන්න යන දේ ගැන ගොඩක් අය දන්නේ නැතුව ඇති. ක‍ටුණායක ගැහැණු ළමයි කිව්වම අපේ මතකයට එන්නේ ගොඩක් මහන්සි වෙලා වැඩ කරන, බලාපොරොත්තු ගොඩක් තියාගෙන ගොඩාක් දුර ගම් වලින් ඇවිත් ඉතාම දුක් මහන්සියෙන් වැඩ කරන පිරිසක්. ඇත්ත ඒත් මම මේ කියන්න යන්නේ ඒ ළමයින්ට වෙන දෙවල් ගැන. මම කියන්නේ නෑ හැමෝම මෙහෙමයි කියලා.

මම මේ දේවල් දන්නේ මමත් දැනට අවුරුදු 7ක විතර ඉදලා ක‍ටුණායක ‍රැකියව කරන නිසා තමයි ඉතින්. දැන් ක‍ටුණායක ඉස්සර තිබුනට වඩා ටිකක් විතර හොදයි මම හිතන්නේ. ඒකට හේතුව ක‍ටුණායක තිබුණු ගොඩක් ඇගලුම් කර්මාන්ත ශාලා වසා දැමුණු එක, ඒ හේතුව නිසාම දැන් ක‍ටුණායක ඉන්න ගැහැණු ළමයි පිරිස ගොඩාක් අඩු වෙලා.

අපි හිතමු ගොඩක් දුර පළාතක ගැහැණු ළමයෙක් තමන්ගේ ගෙදර තියන ආර්ථික අපහසුතා නිසා ‍රැකියාවක් සොයාගෙන ක‍ටුණායක එනවා. ඉතාම අඩු පඩියකට රස්සාවක් ලැබෙනවා. ඒකත් අපේ මේ සිංහල මිනිස්සු නිසා තමයි. මෙහෙ තියන කර්මාන්ත ශාලා බොහොමයක ඉහළ නිළ තළ වල ඉන්න ලංකවේ මිනිස්සු කරන්නේ දුප්පත් ළමයින්ගේ ශ්රාමය හූරගෙන තමන්ගේ ගොඩ වැඩි කරගන්න එක. ඉතින් ඒ ළමයා ඉතාම දුක සේ තමන්ගේ ‍රැකියාවත් කරගෙන බොඩිං කමරයට වෙලා ජීවිතේ ගැටගහනවා. බොඩින් කාමර ගැන නම් ඉතින් කියල වැවක් නෑ. එක කාමරේ ළමයි තුන් හතර දෙනා එකට ඉන්නෙ. කෑම ටික උයා ගන්න ඉඩක් නෑ. අත පය දිග ඇරලා නිදගන්න ඉඩ නෑ, නාගන්න හරියට වතුර ටික නෑ. ඒ වගේ ගොඩක් දුක් විදිනවා.

ඉතින් මේ ගෑණු ළමය ඔහොම රස්සාවත් කරගෙන ටික දවසක් යනකොට වැඩ කරන තැනදි හරි මග තොටේදි හරි කොල්ලෙක්ගේ බැල්මක් වැ‍ටුණේ නැත්නම් තමයි පුදුමෙ. ඒක ඉතින් සාමාන්‍යය දෙයක්නේ. ඒත් මෙහෙ තත්වේ වෙනස්. මෙහෙදි ගැහැණු ළමයින්ට නිදහස උපරිමයෙන්ම තියනවනේ. ඒ කියන්නේ තමන්ගේ කියලා කිසිම යාලුවෙක් නෑදෑයෙක් හදිස්සියකටවත් ලග පාතක නෑ. ඉතින් ඒ ටික ඇති මේ ගෑණු ළමයගේ ජිවිතේ විනාස වෙන්න. දෙන්නගෙම කැමැත්තෙන් හැමදෙම සිද්ද වෙනවා උනාට කර ගන්න ඕනේ දේවල් කරගත්තම කොල්ලෝ මගාරිනවා. මෙතනදි කොල්ලන්ට විතරක් වරද පටවන්න බෑ. මොකද කෙල්ලො දැනගන්න ඕනේ කොහොමද සමජයේ ඉන්න් ඕනෙ කියන එක. හැබැයි මම කියන්නේ නෑ කොල්ලෝ හරි කියලා. ඒකේ ශාපය කවද හරි ඒ අයට ලැබෙනවා. ඒක මම හොදින්ම දැකලා තියන දෙයක්. 

මට නම් කටුණායක ඉන්න ගැහැණු මයෙක්ව මගේ ජීවන සහකරිය කරගන්න තියෙන්නේ ඇත්තටම බයක්. ඒකට හේතු දෙකක් තියනවා. එකක් තමයි ආත්ම ගෞරවය තියාගෙන ඉන්න කෙනෙක් හොයාගන්න නැති තර්ම්. අනික තමයි මෙහෙදි අහන්න දකින්න වෙන දේවල්... ඇත්ත්ටම කණගදායකයි. මේ දේ මට ඊයේ හවස අහන්න ලැබුණෙ. යාලු වෙලා හිටපු කෙල්ල වෙන කොල්ලෙක් එක්ක පැනලා ගිහින්ලු. කොල්ලා වැඩ ඇරෙන වෙලාවට ඇවිත් අර කෙල්ලගෙ යලුවන්ගෙන් අහනවා ඉන්න තැනක් දන්නවද කියලා. කටක් ඇරලා සමාජයෙ කියන්න බැරි දෙවල් මෙහෙ සිද්ද වෙනවා. මම කියන්නෑ මෙහෙම දෙවල් මෙහෙ විතරයි සිද්ද වෙන්නෙ කියලා. මෙහෙදි ඒවා ගොඩාක් සුලභ දේවල්. 

මට හිතාගන්න බැරි දේ තමයි කොහොමද මේ දේවල් නවත්වන්නේ. මෙහෙ වැඩ කරනවා වයස 16 විතර මයි. හරි හමන් අධ්‍යාපනයක් නැතුව තමයි මෙහෙට එන්නේ. මට හිතෙන්නේ වැරැද්ද එතන කියලා. තමන්ගේ කවුරු හරි කටුණායක වැඩ කරනවා නම් පුලුවන් හැම වෙලාවෙම එයා ගැන හොයා බලන්න කියන එක විතරයි මට කියන්න තියෙන්නේ.

මට දැනට පැයකට විතර කලින් දුරකතන ඇමතුමක් ආවා මගේ හොදම යාලුවෙකුගෙන්. අපි දෙදෙනා අතර ඇති වුනේ මෙ වගේ දෙබසක්....

යාලුවා :   මචං.... හෙට නිවාඩුවක් දාන්න වෙනවා....
මම     :   ඒ මොකෝ බන්... මොකක්ද සීන් එක....
යාලුවා :   මචං...හෙට මගෙ එන්ගේජ්මන්ට් එක... උඹ එන්නම ඕනේ....
මම     :   යකෝ හෙට..... උඹ අදද තිරණය කලේ හෙට බදිනවා කියලා...
යාලුවා :   හරි හරි දැන් ඒවගෙන් වැඩක් නෑ....  උඹ හෙට උදේ 11 ට _ _ _ (පාටිය තියන හොටෙල් එක) එකට වරෙන් හරිද....
මම     :   හරි මචං... ඕකේ එහෙනම්... හෙට සෙට් වෙමු....

දැන් මොකද කරන්නේ... අනිවා යන්න ඕනේ ඌගේ එකට... ඒ කාලේ ඉදලා මගෙ බොක්කේ යලුවෙක්... අනිවා බොන්නත් වෙනවා... මම හෙට නිවාඩු කියලා සුදු මැණිකේ දැන ගත්ත ගමන් එයාව මීට් වෙන්න එනවද අහනව.. එකට යන්නත් ඔනේ... නොබි ඉන්නත් ඔනේ... මම අයේ බොන්නේ නෑ කියලා මටම පොරොන්දු උණා....මට හිතාගන්න බෑ මොකද කරන්නේ කියලා....

ආදරය මෙතරම්ම සුන්දර ඇයි ?...

කලින් කතා කරගත් පරිදි මා සවස 3 වන්නටත් පෙර නිට්ටඹුව බස් නැවතුමට පමිණියේමි. ඒ ඇයත් සමග පැය තුනක් ගත කිරීමට ඉතාමත් ආශාවෙනි. ඇයගේ දෙමාපියන්ගේ කැමැත්ත ඇතිව අප දෙදෙනා ඇයගේ නිවසින් පිටදි හමු වු පළමු දිනය ඊයේ විය.

එක වරම ඇය මාගේ අතේ එල්ලි "මම ආවා අනේ.... කෝ ඔයගෙ ෆෝන් එක" කියා අසන තුරුම මම ඇයව දු‍ටුවේ නැත. මාගේ දුරකතනය නාද වනවා පවා මට ඇසුනේ නැත. ඒ මා කුමක් හෝ දෙයක් ගැන ගැඹුරින් කල්පනා කරමින් සිටි නිසා විය යුතුය.....

මගේ පුංචි සුරංගනවි මගේ ඉදිරියේ.... ඇයව වෙනදටත් වඩා ගොඩාක් ලස්සනට මට පෙනුණා.

පලමුවෙන්ම ඇයට බෑගයක් ගැනීමටත් අදුමක් ගැනීමටත් අප සාප්පු දෙකකට පියනැගුවා. ඇදුමක් ගැනීමට අප ගොඩවුන සාප්පුවේ එක් තැනක තිබු පැන්ඩෙක් කෙරෙහි මාගේ සිත ඇදි ගියේ සිතේ සියුම් බලපොරොත්තුවක් ඇති කරමින්. මම අත දිගු කර ඇයට පෑන්ඩා පෙන්වීමි....  අප දෙදෙනාම පැන්ඩා සිටි තැනට ගොස් පැන්ඩා අතට ගතිමු.. "කොහොමද" මම ඇයගෙන් අසද්දී ඈය කිවේ "ලස්සනයි".... ඈය පැන්ඩාට කැමති බව මට තේරුණ විගස මා අසුවේ ඔයාට ගෙනියන්න පුලුවන්ද......  මා එසේ ඇසීමට හේතු වුයේ පැන්ඩා තරමක් විශාල බැවින් ඇයට ‍රැගෙන යාමේදි අපහසුවක් දැනෙණු ඇති කියාය. නමුත් ඇය කීවේ "මට පුලුවන් අනේ" කියා පමණි..... මම ඇය වෙනුවෙන් පලමු වරට මගේ මුදලින් ඇයට පැන්ඩාව තෑගි කළෙමි...ඈය ඊට ගොඩාක් ඇලුම් කරන බව මා දනිමි.

තවත් පැය දෙකක් අපට ඉතිරිව ඇත. ඒ ඇය පස්වරු 6 වන්නට පෙර නිවසට පැමිනෙන බවට පොරොන්දු වී පැමිණි නිසාය.... අප ඊළගට පියනැගුවේ ක්‍රිඩාංගනය අසළ තිබු පිහිඹියා ගස් හෙවනටය... අපි දෙදෙනා අපේම ලෝකයේ මොහොතකට තනි වුයෙමු... අප දෙදෙනා බොහෝ දේ ගැන කතා කලෙමු..... ඒ සොදුරු මොහොත මට වචනයෙන් විස්තර කල නොහැක.... ඉතාමත් වේගයෙන් කාලය ඉගිල යන බව මා දැන ගත්තේ වේලාව පස්වරු 5 30 පමණ වී තිබු නිසාය.....

මම ඇයත් කැ‍ටුව ආපන ශාලාවකට පියනැගුවේ අප දෙදෙනාගේම පිපාසය සන්සිදවා ගැනීමටය. පස්වරු 6 ට මිනිත්තු 10 කට පෙර ඇයව බසයට නංවා මමද බසයක නෙගුනේ වෙන්වී යන දුකට වඩා ඇයත් සමග ගත කල මොහොත සිහිපත් කරම්නි....

ඇය පැන්ඩාත් අතේ තබාගෙන ගත් චායරූපයක් මට එම් එම් එස් මගින් එවා තිබුණි.... ඊයේ දවසේ සුන්දරත්වය ගැන කතා කරමින්ම අප නින්දට ගියෙමු....

මම ඔයාට ගොඩාක් ආදරෙයි මගෙ සුදු මැණික....

මගේ මැනික....


මට ඔයාව හම්බ වුන විදිහ ගැන කවදාවත් නැතුව අද මට පිලිවෙලින් මතක් උනා. මගෙ වයස අවුරුදු 28 ක් වෙනකල් මගෙ ලෝකෙට කෙල්ලෙක් ආවෙ නැත්තෙ ඔයා එන්න හිටපු නිසයි කියලා මම ගොඩාක් සතු‍ටු වුනා මගෙ මැනිකෙ.....

මගෙ අම්මටයි ඔයාගෙ අම්මටයි පින් සිද්ද වෙන්න ඕනෙ ඔයාව මට හොයලා දුන්නට..... අපේ අම්මට දැනට අවුරුද්දකට කලින් වගෙ තමයි ඕනෙ වුනේ මට කෙල්ලෙක්ව හොයන්න.......එයා කපු ගැනු කෙනෙක් මාර්ගයෙන් මාව කෙල්ලො තුන් දෙනෙක් බලන්න එක්කන් ගියා... ඒ කාටවත් මගෙ හිත ගියෙ නැ මගෙ මැනිකෙ...

ඊට පස්සෙ තමයි අම්මා මට මනමාලියක් හොයන්න පත්තරේ දැන්වීමක් දැම්මේ.....ඒකටත් ඉතින් ලියුම් 30 ක් විතර ආව....ඒ එකක් වත් බලන්න යන්නෙම නැතුවම ප්‍රතික්ශේප වුනා එක එක හේතු උඩ....ඔහොම මාස 2ක් 3ක් විතර ගියා....අම්ම අයෙත් පත්තරේට දාමු කියලා තමයි හිටියේ..... මගෙත් වැඩි උනන්දුවක් තිබුනේ නෑ ඔය වැඩේට.... මොකද ඔය වැඩෙන් මගෙ නිදහසත් නැති වෙනවනෙ....

ඔය අතරේ තමයි ඔයාගේ අම්මා පත්තරේ දැන්වීම දැකලා අපේ ගෙදරට කතා කරලා තිබුනේ....අම්මලා දෙන්නා නිතරම වගේ කතා කලා. ගොඩක් හිතවත් උනා.... ඔයාව බලන්න එන්න කියලා තිබුනත් අපේ නෑදෑ කෙනෙක්ගෙ මල ගෙදරක් නිසා කල් ගියා.... හැබැයි මගෙ හිතට දැනුනා ඔයාව දැක්කම වෙනසක් වේවි කියලා.......

ඒ වෙනස එහෙමම වුනා........ එදා..... ඔයාගෙ සුදු මුහුන දැක්කම මට ලෝබ හිතුනා මගෙ මැනික ඔයාව මට නොලැබුනොත් කියලා...ඔයත් එක්ක කතා කරන්න මට ලබුනු විනඩි 20 ක විතර කාලය තමයි මගෙ ජිවිතේ මම කෙල්ලෙක් එක්ක තනියම කතා කරපු පලවෙනි දවස.......මට එදා ඔයාව දාල යන්න බැරි උනා..... මට ලොකු බයක් තිබුනා ඔයාව මට නොලැබුනොත් කියලා.....

මේක අපේ දෛවය වෙන්න ඇති.... මම හැමදාම ගෙදර ගිය ගමන්ම අම්මගෙන් අහනවා ඔයාගෙ ගෙදරින් කතා කලාද කියලා... තුන් වෙනි දවසේ ඔයාගෙ අම්මා කතා කරලා කැමතියි කියලා කිව්වම මට හිතුනා මට මේ ලොකෙන් වෙන මොකුත්ම එපා කියලා....

ඒ අදට හරියටම මාස තුනකට කලින්නෙ...දැන් මගේ ජිවිතේ මම කැමතිම දවස තමයි ඉරිදා.. මම දන්නවා මැනික ඔයත් ගොඩාක් ආසාවෙන් ඉන්නෙ ඉරිදා වෙනකල් කියලා.... ඒ ඉතින් හැම ඉරිදාම මම ගෙවන්නෙ ඔයත් එක්ක ඔයගෙ ගෙදරනෙ... ඔයා හදලා දෙන තේ එක බොන්න..... ඔයා බෙදන බත් ටික කන්න මම ලෝබ වෙලා මගෙ මැනික..... 

ඊයේ තමයි අපි දෙන්න ඔයලගේ ගෙදරින් පිටදි හමු වුන පලවෙනි දවස.... අපි හම්බවෙන්න කතා කරගත්ත තැනට මම පැයකට කලින් ආවේ මගෙ තිබුනු උනන්දුවට වෙන්න ඇති... ඔයාව දැක්කම මාව මොහොතකට ගල් ගැහුනා.... මට කියන්න දෙයක් කටට ආවේ නෑ...

ඔයාගෙ ඇදුමට.... ඔය සුදු මූනට.... මම වශි උනා මගෙ මැනිකෙ.... ඔයාව ගෙදරදි දකිනවට වඩා ගොඩාක් ලස්සනට මට පෙනුනා.....

ඊයෙ වෙලාවනම් ගියේ පුදුම වෙගෙකින්..... මම දන්නවා ඔයටත් එහෙමම දැනුනා කියලා.....අපිට අකමැත්තෙන් උනත් යන්න වුනා... 

ඔයා නොපෙනි යනකල් මම බලන් හිටියෙ ඉක්මනට ඉරිදා වෙන්න කියලා හිතන ගමන්මයි.....

මම ඔයාට ගොඩාක් ආදරෙයි මගෙ සුදු මැනිකෙ.....

ආදරය...


ටික දවසකින් මොකුත් ලියන්නත් බැරි උනා...කොහෙද ඉතින් මේ වැඩත් එක්ක..... අද මම කියන්න යන්නේ ටිකක් වෙනස් කතාවක්... ඒ අපි කවුරුත් ලබන........ කරන...... ආදරය ගැන වෙනත් පැත්තකින්...

මට දැනට ටික දවසකට කිලින් තමයි හිතුනේ..දැන් ඇති පිස්සු නැටුවා ...... දැන් නම් කාලේ හොදයි ආදරයක් පටන්ගන්න කියල....(කලිනුත් දෙක තුනක් කලාට...සිරාවටම එකක් හිට්යේ නෑනේ ඉතින්.. )
ගෙදරිනුත් හොයන්න පටන් අරන් තිබුනේ මේ වෙනකොට... දෙක තුනක් බලන්නත් ගියා... එත් මගේ හිත ගියේ නෑ ඒ කාටවත්...

ඔහොම ඉන්නකොට ඔන්න එකක් සෙට් උනා බලන්න යන්න... එකත් බලන්න ගියා අම්මලත් එක්ක... යනකල්ම මම දැනගෙන හිටියේ නෑ ඒ තමයි මගේ ජීවිතේ කියලා... ගැණු ළමයාට මම කැමති උනා...එයත් කැමති උනා... ගෙවල් දෙකේම අයත් කැමති උනා...... මට තේරෙන්නේ නැති දෙයක් තියනවා...මගේ හිතේ හිටපු කෙනාට සමාන කෙනෙක් මෙහෙම මුණ ගැහුණ එක....දැන් අපි දෙන්නා ගොඩක් ආදරෙන් ඉන්නේ...ලගදීම අපේ විවාහයත් වෙයි...

මගේ කිසිම විස්වාසයක් තිබුනේ නෑ යෝජිත විවාහ ගැන.... මම හිතන්නේ සම්බන්දේ කොහොම පටන්ගත්තත් විස්වාසය තමයි වැදගත් වෙන්නේ...

මොකද හිතන්නේ.....

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...